Saturday, December 29, 2012

***අදට වසර දෙකයි ***

සිනහවෙන් පිරුණු මුව
රුදුරු කරන්නට
සතුටින් පිරුණු ඇස
කදුලින් තෙමන්නට
නිදහසේ ඉගිලුණු හිත
ගින්නෙන් දවන්නට
මිනිසෙක් උන මම
යකෙක් කරන්නට
ඔබ වැය උනේ
වචන හතරයි
"මට උබව දැනෙන්නේ නෑ"
ඉතින්
අදට වසර දෙකයි
මට තාමත් ඒ
දෝංකාරය ඇසෙයි
එත්
අදටත් මා නිහඩයි
මට සතුටු මා ගැනයි

Sunday, December 23, 2012

ආදරේ දැන් හරි ගණන්

හරිම ලාබෙට දුන්න
මගේ ආදර හිත
මහා මෙරක් තරම් උනත්
ලාබෙට දුන්නු නිසාම
වටිනා කම අඩු වෙලා ගියා,
දෙන්නේ නම් නෑ මං ආයේ
මගේ ආදරේ
හරිම අඩුවට,පුංචි ලාබෙට ...
මොකද ..
ආදරේ දැන් හරි ගණන්

Tuesday, December 18, 2012

ආලෝකයේ වේගයෙන්

යනවා නම්
ආලෝකයේ වේගයෙන්
ගත වෙන්නේ නෑලු
කාලය අපිට කවදාවත්,
-
-
-
-
-
-
එදා සිට තවමත්
අයින්ස්ටයින්
ආලෝකයේ වේගයෙන් ද?
නැතිනං
අපි තාමත්
ඉබි ගමනින්ද?

Saturday, December 15, 2012

** අනංගයා **

නිදහස් සිත්
සංකර කරන
විනිවිද යන
භෞතික නොවූ
කළු සුදු
සිතුම් දහසක්
පාට පාටින්
හැඩ කරන
අදෘශ්‍යමාන
සිත් මිනුම්දන්ඩෙ
අයිතිකරු


Tuesday, December 11, 2012

මදුසමය


සඳ නැති දාට
තනි තරුවත්
ලස්සනයි
තරු නැති
දාට
ඝන අඳුරත්
මනහරයි
නුඹ ඇති දාට
මගේ හිතත්
සංකරයි
අපි එනිසාම
ඝන
අඳුරට
පෙම් කරයි 

යාලුවනේ...පහුගිය දවස් වල විභාග  නිසා බ්ලොග් අවකාශයේ  සැරිසරන්න  නං හම්බුනේ නෑ .තරහ වෙන්න එපා.ඔයාල පහු ගිය පොස්ට් වලට දාපු කමෙන්ට් වලට රිප්ලයි කරන්නත් බැරි උනාට.දැන් විභාගය ඉවර වෙලා මම අයෙත් බ්ලොග් පියසට පය තිබ්බ.සමහරු මට බැනලත් තිබුන මම කමෙන්ට් වලට රිප්ලයි කරන්නේ නෑ කියල .අනේ අයෙමත් සමාව ඉල්ලනවා.ඉතින් ඔන්න මාසෙකට වැඩි කාලෙකට පස්සේ හැමෝගෙම  හිත නවතින තැනකින් පටන් ගත්ත ...ඒ මදුසමය ...කියවල හොද නරක කියන්නන්කෝ .... 

Sunday, November 18, 2012

අපි දැන් හයි වේ

අරහෙන් වංගු
මෙහෙන් වංගු
හැම තැනම
නැවතුන කලේ දැන් ඉවරයි
එක පාරයි
පැයටම
කිලෝමීටර් සීයයි.
සියට ගියත්
එකසිය විස්සට ගියත්
දැන් නං
අපෙන් ලිෆ්ට් ගන්න
කෙල්ලොනන් දෙසියයි ...
එත් සොරි හොදේ
නවත්තන්න බෑ කාටවත්
අපි දැන් හයි වේ

Friday, November 9, 2012

මොනා ලිසාගේ මායමට

එකම එක රුවක්
පිටපත් ලක්ෂ ගණනක්
සුන්දයිද ඇය?
හිනැහෙනවාද ඇය?
දුකකින්ද ඇය?
කවුරු කසේ දකිනවද?
අද වෙගේම එදත්
ඩාවින්චිත්

රැවටුනාද? 
මොනා ලිසාගේ මායමට.



Friday, November 2, 2012

ලේ බිදක්



















බිදු කදුලක්
ඇස අගින්
රූටන කොට ඔබේ
හැගුමන් අනන්තයි
හදවත සසලයි ඔබේ
සිතන්න
රුදිරයෙන් බිදක්
නොමැතිව වැටෙන කදුලක්
කොතරම්
අසරණ හැගුම් දනවයිද?

. . . . . . . . . .
. . . . . .
. . .
එන්න
මොහොතකට අපවෙත
දෙන්න ඔබේ ලේ බිදක්
සිදිනු හදවතකට
මල්වර පැතුමක්
එක්ක කරන්න..
ආත්මයක් පාසා
ඒ පින් සිතුවිල්ලෙන්
බිදක් සතුටු වන්න 
 
 
මියැදෙන්න පන අදින කෙනෙක්ට ලේ බිදක් කියන්නේ ජිවිතයක් තරම් වටිනා දෙයක්.ඉතින් ඒ ජීවතයක් වටිනා තරන් දෙයක් අපිට දන් දෙන්න පුළුවන්නන්...ඒ පිනම ඇති අපිට සසර පුරාවටම සතුටින් ජිවත් වෙන්න.හ්ම්ම් ධර්මාශෝක විද්‍යාලීය සියවස් සමරුව වෙනුවෙන් හෙට,ඒ කියන්නේ නොවැම්බර් 3 වෙනිදා ලේ දන් දීමේ වැඩසටහනක් පවත් වෙනවා.පුළුවන් අය ඇවිත් ඒ පින ඔයාල සතු කරගන්න.ඒ උතුම් පින් කම ගැන මගේ හිතේ ඇතිඋන වචනටික මේ විදියට ගැලපුව.එහෙනං ආදී ශිශ්‍ය නායකයින් සංවිදානය කරන මේ කටයුත්ටට ඔයාල එනකන් අපි බලන් ඉන්නවා....ස්තුතියි 

Saturday, October 27, 2012

නංගා....



















නංගා....
පාට පාටින්
හැඩ කරාට
ඔය මුණ,
බලාගෙනයි
පාට සොයන
මි මැස්සෙක්
එකතු කරොත්
අගුරු ටිකක් ඔය
පාට පෙට්ටියට,

දැලි ගෑ වේවි
ඔය මුනේ
සදහටම
නොමැකෙන්නම

Sunday, October 21, 2012

හොදට ගහන්න{18+ නෙවෙයි හොදේ }



මුලින් හොදට පිරි මැදල
තෙල් දාල අත ගාල
හොද ගානට පිබිදුනාම 
ලේසියි නොවැ
හොදට ගහන්න,
ලිස්සලා යනවා හොදට
ලොකු වෙනවා හොදට
රත් වෙනවා හොදට 
ඉන් පස්සේ
රස කර කර
කෙල උන උන
කන්නයි තියෙන්නේ
පරාට රොටිය
කැත හිත නැතුව


Thursday, October 18, 2012

මම පරාදයි....

අද
මගේ හදවතට

ඔබ සොයන ජීවතේ වටිනා කම
තත්වයයි,තරාතිරමයි,
ඉදින්

මම පරාදයි....

 





හෙට
ඔබේ හදවතට
ඔබ හොයන ජිවන වටිනාකම
ආදරයයි
ඉදින්
උබ පරාදයි ......

හැබැයි එදාට
අනිවා මට ශුවර්
මම දිනලා ඉදිවී
මොකද ?උබ අද පරාද නිසා නෙවෙයි,
මම මුලින්ම හෙව්වේ
උබ අද හොයන දේ නිසා,
දෙවනුව උත්සහ කරේ
උබ එදා හෙව්වා දේට ලගාවෙන්න නිසා,
ඒ වගේම 
මම මුලින් හෙව්වා දේ නැතුව
උබ මුලින් හෙව්වා දේ
තිබුනත් වැඩක් නැති නිසා


Tuesday, October 16, 2012

විරාගී මදුසමයක්

එකම එක රැයක්
සොදුරු සුව යහනක්
විරාගී මදුසමයක්
පුංචිම පුංචි ලේ බිදු ටිකක්
අඩු උනොත් එක මොහොතක්
සැනින් අළු වෙයි මුළු දිවියක්
එහෙත්
උපතින්ම එය එසේ නම්,,,,
වරද කාගේද?

පහුගිය දවසක රේඩියෝ එක අහනකොට ලස්සන සින්දුවක් ඇහුන..."ජිවිතයේ හොදම හරිය අවුල් වෙලා යද්දී"චාමර කොලුවාගේ සින්දුවක්,ඒ සින්දුවේ එන වචනත් එක්ක තමයි මේ අදහස මට අවේ.කවුරුත් නොසිතන,එත් හැමෝටම කවද හරි වැදගත් වන පුංචිම පුංචි උනත් වැදගත් දෙයක්.අනේ මන්ද?...තර්කානුකුලයි...අන්තිමේදී අහන්න තියෙන්නේ ....වරද කාගේද කියල තමයි...


Wednesday, October 10, 2012

ගෑනු ළමයි එකසිය තිස් අට වැනිය



















අහංකාර ඔය ගති
ඇස කොනින්  හොරැහින්
බලන බැල්මන්
පෙන්නන ආඩම්ර කමින්
ඇදිල යනවා තවත්
මගේ හිත නුබටම
අසන්නම් තවත් වරක්
තුන් වෙනි වරටත්
එත් නුබ උස්සයි නම් ගන්න
අපිනන් දන්නේ නෑ ඉතින්
අර කවුද කිව්වා වගේ
"ගෑනු ළමයි එකසිය තිස් අට වැනිය,
එකක් වැරදුනොත් අනිකේ යා හැකිය",
කියල කරන්නේ
යකෝ පස්සෙන් යනවා කියල
ඔහොම බාල්දු වෙන්නේ නං නෑ
යනවා නං පල කියන එක විතරයි ..:P :P


මේක දැක්කම ගනු දැරිවියෝ මත එක්ක ඔරොප්පු වේවිද මන්ද.එත් ඉතින් මනුස්ස කමින් හිතන්න ඕනේ නේද? කොල්ලෙක් දෙතුන් පාරක් පස්සෙන් ඇවිත් ආදරේ ඉල්ලනකොට,තමන් කැමති වෙලත් ගණන් උස්සන එක කැතයි නේද?.පුංචි අදහසක් විතරයි හොදේ...තලා වෙන්න එපා.අපි නං ඉතින් ඕවට නැනේ.ඒ නිසා එකසිය තිස් අටේ ගියත් එකයි,එකසිය විස්සේ ගියත් එකයි.පයින් ගියත් එකයි කියල ජොලියේ පයිම්ම යනවා.කරදර අඩුයි අතටත් වාසියි ඇගටත් හොදයිනේ....:P

Sunday, October 7, 2012

දුරට ඇපල් ලගට පැපොල්

තරු පිරි අහසේ
මහා තරු ගොන්නේ
එක තරුවක් වී මා
බලාඉදිමි ඔබ දෙස
දුර තියාම
මොකද ?
නුබ
දුරට ඇපල්
ලගට පැපොල්
නිසා ....


Wednesday, October 3, 2012

අපේ අම්මට දැන් සීයයි...



එකින් එක පය
තබා පෙර මුණ
ලොවට වටිනා
පුතුන් බිහි කල
නැණැති දු වරු
දායාද කල
අපේ අම්මට දැන්
සීයයි ...
ඉතින් දැන්
අපිට මිස
වෙන් කට
ආඩම්බරද?
ඇත්තමයි
ඔබ විශිෂ්ටයි
මෑණියනි ධම්සෝ 
 
 
ඕනෑම කෙනෙක්ට තමන් ඉගන ගත්ත පාසැල වටිනවා.මටත් ඒ වගේම තමයි.නමුත් මම ධර්මශෝකේ ආදී සිසුවෙක් කියන්නේ බොහොමත් ආඩම්බරෙන්.එකට හේතු කාරණා ගොඩක් තියනවා.ඒවා මෙතන කියන්න ගියොත් අද මේ බ්ලොග් පොස්ට් එක සතියක් විතර මට ලියන්න වෙයි.මොනවා උනත් ධම්සෝ මෑණියන් ලොවට දායාද කල විශිෂ්ටයන් බොහොමයි.ඒ වගේම තමයි ධම්සෝ පුතෙක් විදියට අපේ අම්මගෙන් අපි ලබාගත් දේ බොහොමයි. ඒ අත්දැකීම තමයි අපිව රටේ ලෝකයේ ඉදිරියට ගෙනියන හයිය දෙන්නේ.ඉතින් මේ ගෙවෙන්නේ අපේ අම්මගේ සිය වෙනි වසරයි.තමන්ගේ පාසල් මෑණියන් වසර සියයක් නොසැලී වැජබෙනවා කිව්වම මොන පුත්ටද,මොන දුවටද ආඩම්බර නැත්තේ.ඒ ආඩම්බර කමින් මටත් පුංචි කවක් ලිය උනා.ඔයාලත් කියවල බලන්න.අහ මේ සමගම අපේ පාසල් මෑණියන්ගේ පින්තුර පෙලකුත් තියනවා.ඒවත් බලන්න.කිව යුතුයි,මේ පින්තුර වල අයිතිය චෙරුක තිවන්ක් සතුයි,ඔහුටත් මේ වෙලාවේ ස්තුති කරන්න කැමතියි .එසේනම් විදුහල අප මවු ධර්මශෝකා,සිරි ලක සුදිලේවා

මේ පාසල් බුදු මැදුර
                                                       පාසල් පැසිපන්දු පිටිය
 
මේ ස්ථානය බොහොම විශේෂ තැනක්,පැසිපන්දු පිටිය කියන්නේ අපිට හිමි පාසලේ නිත්‍ය ස්ථානය.මෙමෙ පරිශ්‍රයේ ගත කරපු පැය ගණන කොපමද කියල කියන්න බැරි තරම්.



  පාසල් පරිශ්‍රයේ තවත් ලස්සන රුප රාමු
 
 

Sunday, September 30, 2012

ක්‍රීඩාවේ ජවය....

 
 
 
 
 
දාන දාන බෝලෙට අපි ගැහුවට
යවන යවන බෝලෙන් පොලු කැඩුවට
රට වෙනුවෙන් ප්‍රතිවාදී වුවාට
හිත් වල ප්‍රතිවාදී කම් නැත තාම

තරගයකට අපි පිටිය බසින විට
පිල් බෙදිලා ඔල්වරසන් දුන්නට
කාට උනත් කරදයක් උන විටක
මහතුන් ලෙස අපි හැසිරෙමු හැමදාම 
 
පහු ගිය දවසක් නවසීලන්තය සමග පවතී තරගයක් අතරතුර ඇති උන සිද්දියක් මේ කවි පද වලට හේතු උනා.තරගය අතරතුරදී පන්දුවක් වැදී ආබාධයට ලක්වූ නවක ක්‍රීඩක අකිල ධනංජයගෙන් එම සිදුවීම වූ මොහොතේදී බ්‍රෙන්ඩන් මැකල්ම් විසින් සුවදුක් විමසූ ආකාරයයි මේ පින්තුරයේ දක්ක්වෙන්නේ.තවත් විශේෂ කරුණක් වන්නේ එම පන්දුවේදී ඔහු ලකුණක් ලබාගැනීම පවා ප්‍රතික්ෂේප කර මෙලෙස අකිලගේ තත්ත්වය විමසීමයි..ඇත්ත වශයෙන්ම මෙයයි ක්‍රීඩාවේ ජවය,මහත්මා ගුණය.ක්‍රීඩාවේ අවසාන හැමදාමත් මෙය වෙනවනං එහි පරමාර්ථයත් සාර්ථක වේවි

Sunday, September 23, 2012

සෘන්ගාරයෙන් වගේ

 
රහස් කතා
කන වැටෙයි මා
හිත පිනයි
සෘන්ගාරයෙන් වගේ
නෙතු පිනා අගවන
මුමුණ ඔබේ කව
ඇසුනා වගේ
දැනුනා
නෙතු අගින් ඔබේ
සුන්දර සැදැවක්
හිතක් හිරිවැටෙන
තරමටම
 
හි හි ...අපේ ගැණු දැරිවියෝන්ට කතා කරන්න කට ඕනේ නැතිලුනේ ....ඒ වගේම තමයි ලජ්ජා බයට හැදුනු ගනු ළමයි මුලින් ආදරේ ප්‍රකාශ කරන්නේ නැලුනේ(ඔය සමහරු එහෙම කරාට)..ඒ උනාට එයාල ගොඩක් අයට කටින් කියන්න බැරි දේවල්,ඇස වලින්,හිනාවෙන්,ඉගි බිගි වලින් කියන්න පුළුවන්ලු ...ඉතින් ඒ ගැන පුංචි අදහසක් අවා..කියවල හොද නරක කියන්නකෝ ..මේක කියවල ගැණු දැරිවියෝ මට බනිනවා එහෙම නෙවෙයි ඕන ..මම කිව්වේ අත්තලු..හික්ස්.

Thursday, September 20, 2012

නිශාන්තයේ



එලිය කලත් මුළු ලෝකෙම
ඒ හිරු දෙව් දුව
යන්න ගියත් හැරදා
මේ අහස පාලුවට සවසට,
කීමේද දුකින් නුබ අද තනිව
එලිය නැතත් නිශාන්තයට
සිසිල සමග පොර බදින
මනකල් තරු කැට හට
තනි නොවෙන්න
පායන සොමිසද
අමුතුම අමුතු
සිතුවම මවයි නම්
තවත් කුම නුබ දුකින්,
විදින්න මේ නිශාන්තයේ
මිහිම මිහිරි සිසිලස
තුරුල් වී සොමි සදට..


Monday, September 17, 2012

සමනලයෙක් අතේ....











මල් පෙති අග
ලියල පෙම් හසුන්
මල් සුවදත්
එක්ක
සමනලයෙක්

අතේ නුබට
පාකරලා
එවන්නද?
මල් සුවද මැදින්
පෙම් සුවද
නුබව සිප ගත්තොත්

කනට කරලා
සමනලයට
පණිවිඩයක්
කියල එවනවද
ඔයා...
 
හොරහින්.

Tuesday, September 11, 2012

එහෙම නේද ?


 











ප්‍රජාතන්ත්‍රවාදයෙන් වට
පරමාර්ථයෙන් ජය ගන්නට
විසි කරන මුදල් කැන් පිටින්

බත් පැකට්ටුවට
ගල් බෝතලයට
රුපියල් දාහට
විකිනෙන
ජනතා පරමදිපතයයේ
අපේ ප්‍රජාතන්ත්‍ර වාදී අයිතිය 
ලංකාවේ ඡන්දයයි ....
එහෙම නේද ?
 
මේක කාට වත් කඩේ යන තවත් ගොන් අතල් එකක් නෙවෙයි,වට කරලා වැට බදින මහ රජාත් ,කට ඇරියොත් නාගන්න මහා අලියත්,වාචාල කමට කට ගහන රතු සහෝදරයොත්, මේ ඔක්කොම කරන්නෙත් මෙච්චරයි,අන්තිමේදී කෙල වෙන්නේ අපිටමයි.ඡන්දය දිය යුතු හොදම කෙනාට මිස.පක්ෂ,පාට,බත් පැකට් එකට,ගල් බෝතලේට,කඩදාසි නෝට්ටු වලට දුන්නම අපිට හැමදාමත් වෙන්නේ අය්යෝ සල්ලි කියල ඇත පිහද ගන්න විතරයි...එහෙම නේද ?
 


Wednesday, September 5, 2012

හිමිදිරි කුමරී...

මුකුලිත හිරු රැස්
ඔබේ මුව සිප ගෙන
රන් වන් පාටින්
බැබලෙන් ඔය රුව
හිමිදි උදයේ දකිනා
ඔබේ වත
අමුතුවකට දෝ
මුකුළු කරා....

හැඩලෙන කිංකිනි
නුබේ ඔය නාදය
සත් ස්වර හඩ දෙන
මවනා ගීතය
සවනට මගේ
ඔකද වෙලා...

ලස්සන ඔය රුව
දුම්රිය තුල අප
නෙතු ඔබ තුලටම
එකතු වෙලා
ලස්සන දේගැන
ඇස වැටෙනා බව
දැන අප සැම ඔබේ
දෙස බැලුවා

කුමක් කරන්නද
ඔබ වැඩිමල් බව
දැන අප ඔබේ රුව
රස විදිනා
අහිතක් නෑ අපේ
සිත්වල අක්කේ
ඔබේ වරුණ මා
කවි බැන්දා

Monday, September 3, 2012

හැට්ට කට්ට














හැට්ට කට්ට
එකතු වී
අමිනුනු විට
ඇනෙන්නේ
නැතත්
හැම තැන,
ගැලවිලා
වෙන් වු විට
ඇනෙයි
සැම තැන
විරසක වු
ප්‍රේමයක්
විලස

Friday, August 31, 2012

Facebook ආදර අන්දරය

ගෝලීයකරණයෙන් වට
සමාජ විද්‍යාවට පසුපස
රැඩිකල් සිතුවිල්ලක් සමග
නොදුටුවන් දුටු විලස
ස්නේහයෙන් අනන්තයට යන
සැතපුම් දහස් ගණනක
අන්ත දෙකක සිට
බරසාර වචන දහසකින් කීවද
චින්තනයෙන් ස්ථිරයි කියා වැඩෙන
අස්තිරවූ ප්‍රේමයි
ෆේස්බුක් ආදර අන්දරය

Tuesday, August 28, 2012

මනුස්සත්වයේ ජවය..










මොහොතකට
වසන්න ඔය ඇසි පියන්
දෙන්න ඔය දැසට විවේකයක්
නිදහස් කරන්න ඔබේ හිත
ලිහිල් කරන්න ඔබේ ගත ...
සිරුරක් පුරා විදගන්න හොද හුස්මක්
තබාගන්න ඔබ පපු තලයමත
ඔබේ ඒ හුස්ම පොද හැකිතාක් ....
එවිට,
ඔබට,අප සැමට
අපිද නොදන්නා ,ලොවම නොදන්නා
අපේ වටිනා කම
දැනේවි ඔබට ඔබ ගැනම
සිතේවි ඔබේ සිතට
වටිනාකම් ඔබ සතුව ඇති ...
මොහොතකට හදුනාගන්න
මනුස්සත්වයේ ජවය..

Sunday, August 26, 2012

ඇය,ඇය සහ මම

හැර ගියා ඇය
ගෙතුවා ඒ කවි පද
ඇය නිසා ....
දුටුවා ඒ
කවිය ඇය
මට පෙම් කරා....
මෙමට ඒ කරන්නට
පෙම් නොම නිසා ...
ඇය ඔහුත්
සමගින් යනු
පෙනී නොපෙනී ගියා

Saturday, August 25, 2012

මතක සැමරුම





















මගේ නෙතු අග
කදුළු නම් නෑ
හිත කොනේ එහි
සිසිල රැදුනේ
ඔබේ පාමුල
ඔබේ හිත අද
මටත් නොකියයි
හිතු දේ..
අතීතයේ ඒ
මතක සැමරුම
තවත් නෑ නොව
මැකෙන්නේ..
පැතුම් ටික ටික
මැකී ගෙනෙහින්
කෙලෙස් ඔබ මා
හැර ගියේ....

Tuesday, August 21, 2012

දෙන්න හිතෙනවා ...














ආදරය
අද කියන්නන්
හෙට කියන්නන්

මැසේජ් එකක් දාන්නන්
එක්සැම් එකෙන් පස්සේ කියන්නන්
කියල
අවුරුදු දෙක තුනකට පස්සේ
ඔය කැත කට ඇරලා
බෑ කිව්වම...
දෙන්න හිතෙනවා ...
~!@#$%^&*()_+}{":>?<

Wednesday, August 15, 2012

කැදැල්ල

ස්නේහයේ මදු බිද
තබා මුව රද
ප්‍රේමයක් නම් ඌ
උතුම් බැමි බැද
ඔහුගේද
යගේද,
සතුට නුබ ලග
උනන්නට කදුළු
තරමින් පොස්තින්
ඇසෙ නොදවටුණු
උණු කදුළු ලග
සබදිනන් අලුතින්
ජීවයක් සමග
මැවේ එක පවුලක
සොදුරු පිවිතුරු
ස්නේහයේ පැතුමන්
පුදින්න සිනා කැන්
දිවියක් පුරාවට

Sunday, August 12, 2012

අසන් අම්මේ


























මෙතුවක් කලක් රහ මෙර තොල ගල නෑ
ගැහැනුන් සොයා කාමර වල ලැගලා නෑ
සිකරට් බිල තොල කට ගදගහල නෑ  
අම්මේ නුබේ නම මම කැත කරලා නෑ

වරදක් දුටුව කල මම කට ගැහුවට

චුට්ටක විතර කලබල කම් තිබුනාට
අයියට වඩා හවි  හත්තිය තිබුනට
තවමත් මම නුබේ පොඩි පුතු අම්මට

මහන්සියෙන්  සුළු මුදලක් ඉපැඋවට 

ගෙනත් සලකුවම අම්මගේ සතුට දැක
සතුටු කදුළු හොරැහින් මට හැන්ගුවට
දන්නවා අම්මේ නුබ මට ආදරේ බව

Sunday, August 5, 2012

සද පාළුව අමාවකේ

ඉකි බිදින සිතුවිලි මැදින්
පොර බදින කදුළු අතරින්
සිනහව මට ඔච්චම් කරද්දී
නුබේ සිනා කැන්
මා තුටු කරයි නම්
හමු නොවුවත් සසරක් පුරා
සද පාළුව අමාවකේ
අතපත ගාන්නම් මා
කාටත් හොරාටම
ඔබ තැබූ පා සටහන්වල
ස්පර්ශයෙන් වත්
හැගුමක් ලබන්නට
ඔබේ තුරුලේ උණුසුම
මට රිසි නොවේනම්

Friday, August 3, 2012

හැගුමන් පුදන්නද?

Reply 4 ආරාධනාවක් කලාදෝ මන්දා




 
 
 
 
කතා කරන ඔය නෙතු යුග
ඉගි පාන නුබේ සිනාපොද
දහසකුත් වචන
නිහඩවම කියන තරමටම
කෙලෙස නුබ දිහ
හැගුමන් පුදන්නද?
කීතු වූ මගේ හද
හෙමිහින් එකතු කළා විතරයි
සැනසුම සොයන්නට
කෙලෙස යලිත් මා
බැදෙන්නේ හදවතින්
නිරහන්කාරව
ඔබට හෙට දින
ඔබේ වත ගොත
හිතට හිත ගැන
දැන නොදැන ගෙන

Wednesday, August 1, 2012

දෙවැනි දිවියේ පළමු උපන්දිනය


ඔව් ..සැබෑ වෙනසක් ...මතකයි මට හරියටම වසරකට කලින් අද වගේම දවසක් පුංචි දරුවෙක් ඉස්කෝලේ යන්න උදේට නැගිටිනවා වගේ ශයංගගේ ප්‍රාන්තය කියන බ්ලොග් පිටුවට මම මුල කුරු කිව්වා.අදිමදි කරමින්,අකමැත්තෙන්...ඔව්..හංගන්න බැරි කදුළු පැන දිගේ ගලාගෙන ගියා....ඒ කදුළු වලින් මම පද ඇමිණුවා ...පුදුමයක් ...ඒ කවිකාරකම අද මාව හිනස්සනව.අද දවස පටන්ගන්නෙත් ඉවර කරන්නෙත් බ්ලොග් පිටුව ලග .ඔව් ..ලොකු වෙනසක්.වසරක් පුරාවටම මේ බ්ලොග් අවකාශයම මව අලුත්ම ලෝකෙකට ගෙනිච්ච ..ඒ 2011,08,01 දින මගෙන් ඔබට කියල ලියපු මගේ පළමු පොස්ට් එකත් එක්ක.අවුරුද්දක් පුරා පොස්ට් 85 ක් පුළුවන් විදියට මගේ හිතේ ඇදෙන සිතුවම් ඔබට පුජා කරා.ඒ අතර බොහොමයක් බ්ලොග් අවකාශයේ අය ඒ මගේ නිර්මාණ කියවල හොද නරක කිව්වා.ඉතින් මේ අවුරුද්දක් පුරාවට ශයන්ගගේ ප්‍රාන්තයේ සැරිසරපු 11400 කට වැඩි මගේ හිත මිතුරන්ට ගොඩාක් ස්තුතියි කියන්න මේක වෙලාව කරගන්නවා.

ඔව් මේ වෙලාවේ මගේ කවිකාර කමේ ගුරුතුමියට ස්තුතිය පල කරන්නත් අමතක කරන්නේ නැ.දෙසැම්බර් 26 වෙනිදා සුනාමිය ඇවිත් මිනිසුන්ගේ සියලු දේ මුහුද ඇදගෙන ගියා,ඒ වගේ මා සතු සියලු දේ ඇය අරගෙන ගියත්
වරදීමකින්ද මන්ද ..එකම එක දෙයක් මට ඇයගෙන් දායාද උනා.ඒ කවිකාර කමයි.කවියකට පද අමුනන්නට තියා කොලේක පද දෙක තුනක් හරියට ලියාගන්න බැරි උන මට,ඔහේ පද වැල් ලිය උනා.ඉතින් මගෙන් උදුරුගෙන ගියා හැමදේකට වඩා දහස් ගුණයකින් වැඩි දෙයක් අද මා ලග ඉතුරු කරලා.ඒ මගේ සතුට ..ඔව් ..මම අද ගොඩක් සතුටින් ..ඒ මේ අපේම බ්ලොග් අවකාශය නිසා..ඒ සතුටේ කොටස් කාරයෝ ඔයාලයි යාලුවනේ ...ගොඩාක් ස්තුතියි ඔයාලට.ඒ සතුට මට ගෙනාවට....ගොඩක් අය අදුන ගත්ත.මිතුරු දම් වැඩි උනා ..ඒ බැදීම තමයි මේ සතුටට හේතුව ....

මං හිතන්නේ මේ වචන ටික හරිම විශේෂයි..,චාමින්දි ලමාහේවා.ඔව් හොද යාලුවෙක් හොදම ෆිට් එකක් .මම මේ බ්ලොග් අවකාශයට තල්ලු කරන්න මුලික උන කෙනෙක්.බොහොමත් කාලයක් තිස්සේ ඇය තමයි මේ බ්ලොග් පිටුවට මුලකුරු තියන්න කියල මට බල කරේ.ඉතින් චමින්දියෝ ගොඩක් පින් ඔයාට.මොකද මගේ මේ හීනවලට පණ දෙන්න යාලුවෙක් විදිය මව මෙහෙයෙව්වේ ඔයා.
ඒ වගේම ඔහු,.....නමින් අසංක උදාර දිසානායක ...එහෙමත් නැත්තන් AUDiOnline අදිපති තුමා.සහෝදරයෙක්ට නොදවෙනි අසංක අය්යා තමයි මේ බ්ලොග් එක හදන්න මට උදවු උනේ,ඒ වගේම එදිනෙදා  ජිවිතේදී පවා ලගින්ම ඉන්න සමීපතමයා ඔහුයි .ඉතින්....මගේ හිනාවල වටිනාකමින් කොටසක ඔය සතුටයි.අය්යේ..ඔයාටත් ගොඩක් පින් ..


ඔව් මේ මගේ දෙවැනි ජිවිතේ පලමු උපන් දිනයයි ඉතින් මේ සතුටු දිනයේ අසංක අය්යටයි චමින්දිටයි මුල්ම කේක් කැලි දෙක කවන්නන්..:D
ඉතින් මේ දෙවෙනි ජිවිතයකට පාර කියපු ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි..ඉස්සරටත් මගේ හිතේ ඇදෙන සිතුවිල්ය් ඔයාල ලගටම ගෙනිල්ල දෙන්නන්,සතුටින්,අසාවෙන් ..
එහෙනං අදට ගිහින් එන්නන් ..ඔයාල හැමෝටම තැන්කු අහ .....
අහා...
මේ වසර පුරවා ඔයාල බොහෝ දෙනෙක්ගේ සිත් ගත්ත පොස්ට් ටිකක් මෙතන තියනවා....කැමතිනං,මග හැරුණු කෙනෙක් ඉන්නවා නං අයෙත් ගිහින් බලන්න 

Sunday, July 29, 2012

ආරාධනාවක් කලාදෝ මන්දා

පැහැසරින්  රැස් විහිද
නෙකින් සිනා රැල්  පූදනකොට

නිතරම
ඇහැ කැරකෙනවා
දැනෙනවා හෙමිහින්
ඔබේ ඇස කතා කරනවා
හෙමිහින්න්ම
මුමුනවා හදවතින්
මොනවදෝ
අලුත්ම අලුත්
පිටුවක් පෙරලන්න ජිවිතේ
ඔබ
ආරාධනාවක් කලාදෝ මන්දා

ලගින්ම ඉන්නට
හැමදාම

Sunday, July 22, 2012

Mod උනාට......

ගමේ ඉදන් කොලබ ඇවිත්
රස්සාවට ගිහිල්ල මුන්
ජැන්ඩි පහට,සාය කොටට
යටට
අදින
ඒවා උඩට
චුට්ට චුට්ට පෙන්න පෙන්න
යනකොට මුන් SEXY පාට
ඉතිරෙනවා හොද හැටියට
 
 
ODEL එකෙන් හොදට ඇදල
KFC එකෙන් ගිහින්
Chicken Fried Rice එකක්
රහ කර කර කනකොට මුන්
දන්නෙම නෑ වෙලා තියන
දේ
උන් 
වත් උන්ගේ ගැනම,
ඇන්ද
සායේ දිග හින්දම
යටට
ඇන්ද
එකේ පාට
කොල්ලන්
පවසයි නිතරම
කොලබ ඇවිත් කෙල්ලෝ මෙහෙම
විනාස වෙනවා නිතරම
උන් උන්වත් දන්නේ නැතුව
වල පල්ලට යනවා අද
චුට්ටක්
හිතපල්ලා 
හෙට
උබලට වී ඇති ඉරණම
දැන්වත් තොපි හිතපිය අද
හැදියන් බොල හෙට දවසට
ගමේ ඉන්න කාලේ ඇන්ද
චීත්ත රතු මල් ගවුමට
ලස්සන උබේ රුව වත ගොත
අනන්තවෙයි පවසන්නට,
ඒ සුන්දර ගැමි ලස්සන
එන්නේ නෑ Mod උනාට
තමගේ හැටි තම දැනගෙන
ඉතිරි කරන හෙට දවසට....
 
 
මේක තමයි ඇත්ත තත්වේ...මේ පොස්ට් එක බලල කවුරුත් වරදවා වටහාගන්න එපා.හැමෝම මෙහෙම නෙවෙයි.එත් දැන් වැඩි ප්‍රවනතාවය තියෙන්නේ මේ දේට තමයි...ඔව් මම දන්නවා  මේක ටිකක් සැර වැඩියි,එත් අපි කවුරුත් දන්නා ඇත්ත තත්වේ මේක තමයි.මම මේ වගේ දෙයක් ලියල හැම ගනු ලමයටම නිගා කරන්න හිතුවේ නෑ,එදා වගේම අදත් ඒ වගේ රත්තරන් සහෝදරියෝ තාමත් ඉන්නවා.ඉතින් ඒ අය මා එක්ක තරහ වෙන්න එපා.ඔයාලත් මේ ගැන අදහස් මාත් එක්ක බෙදාගන්නවනන් මම කැමතියි .

Tuesday, July 17, 2012

ඔබ කොහෙද ?

ඉරක් තරමටම
නැතත් ඔබ ලග එලිය
සදකන් දහරක් වී
හැකිදට ඔබට විහිදන්න
පුංචිම පුංචි එළියක් මට ....
සිසිල දෙන්නට හෙට
සිත් අහස පුරා
මද අදුර මැදින්
හෙමි හෙමිහින්
උනුහුමින් තුරුල් වෙන්න
ආදරෙන්.....
නිවලන්ට ජිවිතේ
හෙට උපදින
හිරු රැස් වලට යටින් ,
පෙරම මග බලන්නම්
ඔබේ සිසිලෙන්
මගේ හිත නිවන්න
එනතුර හෙට දින ඔබ...
එත්,
ඔබ කොහෙද ?

Friday, July 13, 2012

බලෙන් දෙන...

නිකන් නොයන නිසාත්
මුදල් ගෙවන නිසාත්
ඔහේ යන නිසාත්
නොමිලේම නොමිලේ
බලෙන් අපිටම දෙන
පට්ටම පට්ට
චාටර් සංගීතය
අහගෙන යනවා අපිත්
ප්‍රයිවට් බසය තුල
වෙන කරන්නටම
දෙයක් නැති කමට 

Monday, July 9, 2012

වැන්ද දෙපා...

සෙලවෙන බෝපත්
සුළගින් මුසු වී
හෙමින් හෙමින් මම
සාදු කියා....
වැන්ද දෙපා මා
සමිදුට සැමදා
ගන්න සිතක් නෑ
සිවුර සදා,..
පින් මදි හින්දා
සසර දිනන්ට
තවමත් සසරේ
යන්න වෙලා...
එනමුදු සමිදුනේ
ඔබ දුන් ඔවදන්
සදා පිලි ගනිමි
මේ ලෙසිනා...

Saturday, July 7, 2012

රහයි ජිවිතේ.....

දුවන්නට තරගයක් නැති මට
දිනන්නට රේස් මොකටද?
අඩන්නට දෙයක් නැති මට
උනන්නට කදුළු මොකටද?
විදින්නට දුකක් නැති මට
හිනැහෙන්න රුකුල් මොකටද?
දිනන්නට ලොවක් ඇති විට
ජිවිතේ රහයි අද මට

Tuesday, July 3, 2012

අම්මේ....

බලා පෙරමග දෑස බොද වී
යන්න නිදි දුව ලගට සැගවී
වැන්ද මවු පා ලගින් යද්දී
මවුන් නොම ඒ විලස දුටුවේ
පෙරදී මවු පා නැමෙද මෙලෙසේ
නික්ම යන විට මෙමා නින්දේ
තුන් සරණ පතුවාද නීති සේ
එහෙත් ඇයි අද එලෙස නොවුනේ
සිතා සුවසේ යහනෙ උන්නේ
නින්ද ඇයි මේ මෙමට නොවුනේ
සිතින් සිතමින් වරද කෙමදේ
ඇයි
අම්මේ එලෙස කෙරුවේ

Saturday, June 30, 2012

පරාදීසයේ

















ඇස කොනින් බොද කරපු
කදුළු කැට සමු අරන්ද මන්දා
විකසිත මගේ සිත් අද්දර
සිනහව ටික ටික දගකරනවා
මමයි මගේ කවිකමයි
අපියි අපේ මිතුදමයි
සද දියේ පාට කර
නෙක රටා මල් පැහැය ගෙන
පුංචි විල් තෙරේ නැවතිලා
නිදිවර බලා සිටින්නේ
හෙට උදේ විකසිත වන
අපේ ඒ අලුත් හිරු
ඇස පුර දකිනතුරා....
අපේම පරාදීසයේ

Wednesday, June 20, 2012

බහ තෝරන වැලිකඩ .....

හසරක් නොදැන
පුංචි අප සිත් වල
බහ තෝරන්නට
ගණින ඉලක්කම්
කුරු ගණනින් කුඩුවේ
හැමදාම ,
කිනම් පවකද ?
දඩුවම් විදිනන්
නේ මා
උපන්දා ඉදන්.
කොටුවෙලා අද
අම්මා කල පවට
සිරබත් කනවා මම
වැලිකඩ
මහා උළු ගෙදර යට
මේ වචන ටික මගේ ඇහැ ගැටුණු තවත් දුක්බර දර්ශනයක් නිසා ලිය උනා..ඒ වැලිකඩ මොබිටෙල් ප්‍රදාන කාර්යාලයේදී ...එහෙම නැත්තන් මොබිටෙල් MSC එකේදී ..රාජකාරී කටයුත්තකට බොහොම කලාතුරකින් තමයි මීටර් 80 ක් උස මේ කුලුනට නගින්න අවස්ථාව උදා වෙන්නේ.ඉතින් මේ කුළුණු උඩට ඉතා හොදට වැලිකඩ බන්දනාගාරය ඇතුල පේනවා.සිර කාරයෝ,සිර කාරියෝ තැන තැන වැඩ...එත් ඒ අතරේ දකින්න ලැබුනේ හරිම අවාසනවන්ත් දර්ශනයක් ...අවුරුදු 3,4 ළමයින් දෙතුන් දෙකෙන් බන්දනාගාර භුමියේ රැදවියන් සමග එහා මෙහා අඩිය තියනවා....හ්ම්ම් පහලට බැහැල තමයි මේ ගැන විස්තර හොයන්න ගත්තේ....වැරදි කරුවන් ඌ රැදවියන්ගේ ළදරුවනුත් ඒ සිර මැදිරි වල සිටින බව,මවු සෙනෙහස ඕන වයෙසේ දරුවන් කිහිප දෙනෙකුම සිර කදවුර තුල සිටින බව.අනේ ...ඒ දරුවන්ට කුමන නම් අනාගතයක්ද...බහ තෝරන්න ඉලක්කන් කියවන්නේ කුඩුවේ කුරු ගණනින්.ඒ චුට්ටෝන්ගේ අනාගතය කොහොම විසදෙයිද ....හිතා ගන්නවත් බෑ ..ඉතින් මේ සිදුවීම නිසා මෙන්න මේ වගේ වචන ටිකක් ලිය උනා ..ඔයාලත් මේ ගැන දරන අදහස දැන ගන්න කැමති ..ඒ අදහස් ඔයාල කියනකන් මම බලන් ඉන්නවා ...ස්තුතියි ..

Sunday, June 17, 2012

අත්සන

මුවින් පවසා
හදින් පතලා
තබා හිසමත
අත ඔබ මගේ
හදවතේ ශාක්ෂිය
සදා ලග ඉන්නට.....
තබන්නට පෙර
නීතියේ කොලය මත
බන්දන්නට අප සදා ....
ගිය ඔබ එදා
රැගෙන මේ ඔබේ
අත්සන 
මගේ පෙර පිනකට
මුදවා තබා
නීතියේ රැහැනින්.....
සතුටුයි ඉතින්......ඒ නිසා

Wednesday, June 13, 2012

තෙලි තුඩට .....

තෙලි තුඩට
නොගලන තින්ත
නෙත් කොනින්
රූටා වැටෙද්දී ...
කවි කමට
නොලිය උන පද වැල්
හිත කොනේ රැව් දෙද්දී ...
මැවෙනවා මනහරට
නොමවුන පද වල
අපුරුව
කිසිදාක වත්
නොමැවුණු  පරිදි ....