Monday, January 28, 2013

ගම්පහ ගේට්ටුව සහ පුංචි පුංචි මෙව්වා ....Bloggers G2G 2013


ඕන් එහෙනං මමත් ලිව්වා ගම්පහ බ්ලොග් ගේට්ටුව ගැන පොස්ට් එකක්.27 උදේ පාන්දර හතරට විතර නැගිටිලා අද පැළදගෙන මන් එහෙනං පිට උනාලු ගේට්ටුවට යන්න.පහට විතර බස් එකට නැගල කවදාවත් නැතුව හත් වෙනකොට කොටුවට අවලුනේ...ආවා නෙවෙයි බස් එක ඉගිලුනා...ඔහොම ඇවිත් ගම්පහට යන්න ටිකට් එකකුත් අරගෙන කැරකි කැරකි ඉන්න කොට නිකමට වගේ ගුනේ අයියට කෝල් එකක් දීල ඇහුව කොහෙටද සෙට් වෙන්නේ කියල.ඒ පාර තමයි ගුනේ අයියා කිව්වේ කොටුවේ ටු යන්න යටට යන්න කියල.ඉතින් ටු යන්න හොයන්න යනකොටම සුබාෂ් දිල්රුක් අයියා ඉදල එක පාරටම ඇහුව ටුයන්නද හොයන්නේ කියල.ඔන්න ඔහොම තමයි මම මුලින්ම කට්ටියට සෙට් උනේ...එට පස්සේ ස්කුබිය සිත්තරි රෙපා ගයන්,ජින්ජිබිරිස් වගේ තවත් කට්ටිය සෙට් වෙලා කොටුවෙන් ගම්පහට ආවලු.

ඔය එන අතරේ ස්කුබිය විසිල් එකක් අරගෙන ගැහුවේ නැතිලු,හරිම නිශ්ශබ්දව කෝච්චියේ ආවලු 


ගායනය විසිල් විකුනපු අන්කල්ගෙන් ගුටිකන්න ගියේ නැතිලු.

 
ගජින්ජිබිරිස් කෝච්චියේ යන කෙල්ලෙකුට නොම්බරේ දුන්නේ නැතිලු.( ඒ එව්ලාවේ එවැනි දෙයකට ගයාන්ගේ සුදානම අපි දැක්කේ නැතිලු )


ඉතින් ගම්පහට ඇවිත් මල්වත්තටත් හෙමින් කිට්ටුවෙලා ගේට්ටුව ඉස්සරහ යනකොටම සුපුරුදු හිනාවක් තියන ටැග එක ගලවපු කලිසමක් ඇදපු අපේ චතු මිති අක්ක මගේ අහ ගැටුනා, ඒ වගේම සිරා සෑම ඔය කට්ටියත් සෙට් වෙලා ගේට්ටුව පටන් ගත්තලු ..
මල් වත්තෙත් වටයක් ගිහින් ඇවිත් කට්ට අවුවේ,පට්ට සීතලේ මැච් එක ගහන්න සෙට් උනාලු අපි.මට සෙට් උනේ රුවානා ....දැන් තමයි හොදම හරිය 


මැච් එකට කලින් විකට් එක ලගට ඇවිදන් යමු කියල ප්ලැන ගහපු ස්කුබිය සන්සුන් ගමනින් පිටිය මැදට ඇවිදන් ගියාලු ,දිව්වෙම නැතිලු.

 
අඩවි රජගෙන් පන්දු රැකීමට තිබේ පුදුම සහයෝගයක්ලු,හෙවනේ බැංකුවක් උඩ වඩි වෙලා හිටියෙම නැතිලු.


කට්ටිය දුන් උඩ පන්දු සියල්ලම අගන ලෙස ඇල්ලුවලු ,ඇත ඇරියෙම නැතිලු.


අපේ කණ්ඩායමටම  ..ඒ කියන්නේ මට සහ රුවනට, ඕවර් දෙකම පන්දුවට පහර දෙන්න ලැබුනලු ,දෙන්නටම බෝල දෙකකට වඩා දැම්මලු.ඒ නිසා අපි පරද උනේ නැතිලු 


ප්‍රර්ථනාගේ දත අපිට අමතක උනාලු ,වෙඩිමේ ෆොටෝ එක අවුලක් නැතුව රාමු කරනවලු .


ෂසි පට්ට කෑමක් කවලු,බත් සියල්ල ක දැමුවද එළවලු සියල්ල විසිකළලු ,අපිට දුන්නේ නැතිලු.

ඔන්න ඔහොම දේවල් ගොඩක් උනේ නැතිලු ,,,ඉන් පසුව කල බිල අවසාන තරගය අර එක වගේ උන් දෙන්න සහ ,අහිංසක සිංහයා හා තව කොලුවෙක් (මට උගේ නම මතක නෑ )අතර තිබුන එකෙන් අහිංසක සිංහයා හා අනිත් කොලුවා ජය ගත්ත ...මගෙනුත් සුබපැතුම් යාලුවේ ..එට පස්සේ තොප්පි පාස් කරලා සින්දු කියල කට්ටිය විසිරුනා.බොහොම  සතුටුයි මේ වෙලාව අවස්ථාව කරගන්නවා මේක සංවිදානය කරපු සෑමා ,සිරා ඇතුළු සියලුම දෙනාට ස්තුති කරන්න.ගොඩක්ම ස්තුතිය යාලුවනේ මේවගේ දෙයක් කරලා සයිබර් අවකාශේ හමුවන අපිව නැවත වරක් එකතු කරට.ඒ වගේම තමයි දැකපු නැති ගොඩ දෙකෙක් හම්බුනා,කලින්දැකපු අයත් හම්බුනා අයෙත්..රෙපා,සුබාෂ් දිල්රුක් අයියා,නලින් අයිය,අඩවිරාජ,රුවන්,මදාරා,චතු මිතු ,ගයාන්,ජින්ජිබිරිස් ,ස්කුබියා,ශෂී,රස්තියාදුකාරය,ප්‍රර්ථනා,නැන්දා ඔය එකී මෙකි නොකී හැම කෙනාම.ගොඩාක් සතුටු දවසක් ,ඉතින් ඊළගට එන අවුරුදු උත්සවයටත් එන්න බලාපොරොත්තු වෙනවා කට්ටියවම හම්බෙන්න.ඔයාල එනවා නේද ?...

ඉතින් ගේට්ටුව ඉවර වෙලා බලනකොට ශෂී අඩන්න පටන් අරගෙන ...බඩගිනියි බඩගිනියි .....ඔහොම අඩනකොට මටත් මතක් උන පෙන්ඩින් පටියක් ගැන.ඉතින් එට පස්සේ ශාශියව මරන් කන්න කියල හිතාගෙන මමයි ස්කුබියයි,ප්‍රර්තනයි,රස්තියාදු කරයි කැන්ටිමට ගිහින් බිම බෝතලයකුත් බිල එන්න පිට උනාලු.



ඔහොම පාර්ක් එක මැද්දෙන් එනකොට අපිට හොරා පාර්ක් එකේ රවුන් ගහපු තවත් ගේට්ටුවට අපු ජෝඩු  අපි දෙතුන් දෙනෙකුත් අපිට මට්ටු උනේ නෑලු .

ඔය අතරේ ශශීය දිග කොන්දෙකට අසයි කිව්වේ නැතිලු,


එඩ්න ඇඩ් එකකට ශෂී පෙනී හිටියේ නැතිලු.

 
තව දෙන්නෙක් මට ඔක්කොම 4ටො දන්නා එපා කිව්වේ නෑලු (පව් නිසා දැම්මේ ණෑ ..හැබැයි දන්නෝ දනිති )

ඔහොම ගිහින් කට්ටියම ගම්පහින් බස් එකට නැගල එන්න ආව .
ඒ අතර තුරෙදු කවුදෝ එකෙක්ට මල් සුවදක් ගැන අහන්න හිතුනේ නැතිලු :P 


ඒ වගේම මුළු දෙනෝ දාහක් වසන බස් එකටම ඇහෙන්න කෙට්ටු ගැල් ළමයෙක්(ශෂී නෙවෙයි ..එකී කෙට්ටු නැනේ) බලු කුක්කෙක්ට කනේ ගැහුවේ නැතිලු (බල සිටි අපිටද ඇස දෙකටම අඩුනි ...ප. ලි මම මේ බැබලු කුක්ක කිව්වේ අර ස්කුබියට නෙවෙයි  හොදේ )
ඉතින් කොහෙමෙන් කොහොම හරි කට්ටිය කොටුවට ඇවිල්ල ගෙදරට ආව ..ඇත්තටම පට්ට දවසක් 


ගිය පාර වගේම මේ පාරත් ගේට්ටුව අමතක නොවන දවසක් උනා ...එහෙනං මේ පැත්තේ එන හැමෝම කමෙන්ටුවක් දාලම යන්න ...ඒ එක්කෙම උබලගේ බ්ලොග් එකේ ලින්ක් එකත් දල යන්න.මොකද බලපු නැති ගොඩක් බ්ලොග් වල අයිති කාරයෝ මට ගේට්ටුවේදී හම්බුනා .එහෙන අදට අපි ගිය...ජය වේවා

Friday, January 25, 2013

සගවන්නට ඔබ මගේ පපු තලයේ

අහස නිල ගැබ සිසාරා
පියබා ආකාසේ
ඉගිලිලා යන්න
අසයි මං
ඔබත් එක්ක ..
පාවෙලා පියබන්න
මුළු ලොවම දකින්නට
කවදාද වඩින්නේ 
ඔබ මගේ ලෝකෙට
උණුසුමින් අහස නිල ගැබ සිසාරා
පියබා ආකාසේ
ඉගිලිලා යන්න
අසයි මං
ඔබත් එක්ක ..
පාවෙලා පියබන්න
මුළු ලොවම දකින්නට
කවදාද වඩින්නේ 
ඔබ මගේ ලෝකෙට
උණුසුමින්
ඔබ සගවන්නට
මගේ පපු තලයේ
ආදරෙන් හැමදාම
බලා හිදිමි
මගේ කුමරිය ඔබ
හැමදාටම
මගේම කරගන්නට



හ්ම් ... ඔන්න කාලෙකින් ප්‍රේමාන්විත ආරාධනාවක්.සිරාවට ගන්න එපා  ජස්ට් ඔන්ලි  කවියක් හොදේ  :P ..හොදද  බලන්නකෝ ...එහෙනං කස්ටිය ඔක්කොම 27 වෙනිදට ගම්පහදී සෙට් වෙමු..අපි ගිය,තෙරුව්වන් සරණයි  !!

Saturday, January 19, 2013

තහනම් සයනයේ....

මා ලගින්
සයනේයේ හිදින්
නුබ සිතින්
සිටින නම් ඔහු ලගින්
සයනය කීමේද මට
හිත ඔහු ලගින් නම්

සිත ලගින්
පුරා හද ආදරෙන්
සයනයේ ඔහු ලගින්
රග පාවී නම් නිරුවතින්
හිතින් ඉඩ කීමේද මට
ගතින් ඔබ නැති නමින් .....

ඉතින් ...
නොනිදන්න සයනයේ තහනම්...
නොසොයන්න
ආදරේ තහනම් ....
රැක ගන්න
පදවියේ මවු  අභිමන්...

Sunday, January 13, 2013

සේපාලිකා













රතු රෝස මල් පෙති
එකතු වී නැගුනත් රුවගුණ
මදහසින් ලගින් හිද
පෙම් කරත් රතු රෝස මලට
පෙනුමට විතරයි ලස්සන ඔබ,
වතින් සුදු පැහැයෙන්
නොවැඩුනත් පාට පාටින්
පොඩි උනත් සැමටත්
වැඩියෙන් මල් කුමියේ
සේපාලිකා
නුබ හරි සුවදයි,විනීතයි
මට වගේම
මුළු ලෝකෙටමත්...

Saturday, January 5, 2013

විභාගය සුන්දරයි



ඔලුවට ඔබා  හැම තියරිය හිත           අස්සේ
ලියුමට කියා මා පැමියේ ෆුල්
           ෆිට් සේ
ලියුමට තියා හැරුමට වත් නොහැකි  ලෙසේ
යව්‍වනියක්  හිද ගත්තේ මගේ        පැත්තේ

දීගු ඇස සිනිදු වත අයගේ          සුන්දර සේ
මුසුනට වැටුණු කෙහෙරැල්ලේ පිවිතුරු සේ
පැහැපත් මුහුණ සන්වරතම ගති       අස්සේ
සගුනු මගේ හිත ඇදුනා නොසිතු      ලෙසේ

හිතුවට ලියා ගොඩ යන්නට       විභාගය
දුටුවොත් ගන්න බෑ ඇයගෙන් අපේ දැස
නිමේශයක් බැලුවත් මා 
ඇයගෙ    දෙස
නොදනී පැය තුනක් ගියා        ඒ ලෙසට