Sunday, January 29, 2012

මගෙන් ඔබට අර්ධ ශතකයක් .... 5000+ Views


සතුටින් අද ,ගොඩක් සතුටින්....මේ ලිය වෙන්නේ මගේ ප්‍රාන්තයේ  කුරුටු ගැවෙන වෙන 50 වෙනි පැබැදුමයි.... මුණු පොතේ මටම කියල වෙන් උන පුංචි පිටුවට මගේ පැනට ලිය උන පුංචි පුංචි කවි පද පේලි දැක්ක මගේ ම සහෝදරයෙක් වගේ ඉන්න අසංක අයියගෙයි ..බොක්කේ ෆිට් එකක් උන චමින්දිග්යි ඉල්ලීමට පටන් ගත්ත මේ මේ බ්ලොග් එකේ 50 වෙනි පොස්ට්  එක මම  මේ විදියට දාන්න හිතුවා...මීට මස 6 කට  කලින් පටන් ගත්ත මගේ  බ්ලොග් කෙරුවාව දුකින් පිරුණු  මගේ හිතට සතුට කියන හැගීම දනවන්නට පුළුවන් තරමටම මහා පුදුමාකාර බැදීම් ගොඩක් මට ඉතිරි කරලා ඉවරයි ...2011 අගෝස්තු පළවෙනිදා ලිය උන මගෙන් ඔබට කියන මගේ පළමු පොස්ට් එකේදී වගේම අදත් අසංක අය්යාවයි ,චමින්දිවයි ආදරෙන් මතක් කරනවා...
හිතේ තෙරපුණ දහසකුත් දුක් කදුළු තීන්ත නැති පැනකට තීන්ත එකතුකළ විට  සිතාගත නොහැකි සිතුවම් කොලෙකට සිත්තම් උනා..මහා ජලකදක්  හිරකරන් ඉදල සොරොව්වෙන් වතුර මුදා හරිනවා වගේ,ඒ මේ බ්ලොග් එක නිසා මගේ සිතේ තද උනා සිතුවිලි ඔක්කම කවි පද වැල් විදියට එලියට
ගල ගියා...ඒ වගේම තමයි ...හීනෙන් වත් කවියක් පද බදින්න බැරි උන මගේ හිතට කොහෙන්දෝ සිතුවිලි ගලාගෙන  අවා ...මේ වෙලාවේ මතක් කරන්න ඕනේ...මගේ ගුරුතුමිය ඇයයි...කවියක්, නිසදැසක රසය මුලින්ම මම  වින්දේ ඇය ගෙතු කවි වලින්...ඒ කවි අතී විශිෂ්ටයි  ...එත් අවසානයේ කුමක් නැති  උනත් ඇයගෙන් මා ලග ඉතිරි උන එකම දේ කවිකාර කම  විතරක් උනා....ඒ දේට මම ඇයට හිස නමල ආචාර කරනවා....

ඒ වගේම තමයි  මේ මස 6 කට  අසන්න කාලයක් පුරාවට, මගේ ප්‍රාන්තයේ ඇවිද ගිය 5000 කට  අදික රසික රසිකාවියනුත් මම මේ වෙලාවේ ආදරේන  මතක් කරනවා...ඒ අය අතරෙන් මගේ පබැදුම් රස විදලා,දැන අදුනගෙන් ,මට සමීප උන  සමීපතමයන් ගොඩාක් අද මට ඉන්නවා.ඇත්තම කියනවා නං  අද මගේ මුවේ නැගෙන සිනා රැල වල නියම අය්තිකාරයෝ වෙන්නේ ඔවුන් ..මේ පද පේලි නිසා කවදාවත් නොසිතු ලෙසේ මිතුරු මිතුරියන් කැලක් මගේ වටේ රොක් උනා,ලංකාවේ විතරක් නෙවෙයි ,ලෝකේ පුරාම..දැන් නං ඔන්න එකෙක් ලංකාට ඇවිත් මාව කන්න හදනවා..ලියන ටොපික් වෙනස් කරන්න කියල  :P..පහුගිය දවස් වල මගේ කවි පද දෙක තුනක්ම වෙන අයගේ නම් වලින් මුණු පොතේ පිටු පුරා මම දැක්ක,එක දැකපු සමහර අය මට කිව්වා..ඒ අයටත් ගොඩක් ස්තුති...එහෙම දැක්කම ටිකක් දුකයි ,එත් මම තරහ නෑ ...මේ හැම දෙයක්ම අපේ රස වින්දනය විතරමයි  ලිය වෙන්නේ...ඒ නිසා මම හිතනවා මම සාර්ථකයි කියල...
 

මොනවා, කොහොම උනත් මේ බ්ලොග් එක මගේ ජිවිතේ හැරුම් ලක්ෂයක් වෙලා.කවදාවත් නොහිතපු බැදීම,සහෝදරකම මට ඇති වෙලා,හිතා ගන්නවත් බැරි විදියට.අද මම මේ අගල් 15 ට  මුණ ඔබන්නේ ගේම් ගහන්නවත් FB යන්න වත් barnbuddy  ගහන්න වත් නෙවෙයි ,බ්ලොග් අවකාශයේ සොදුරු තැන හොයාගෙන යන්නයි.
එහෙනම් මස 6 ක් පුරා  ශයංගගේ ප්‍රාන්තයේ සැරි සරපු 5000 කට අදික මිතුරු කෑලට
ත් ,මගේ සිතුවිලි කන්දරාව  බ්ලොග් අවකෂට මුදා හරින්න උදවු වුන හැමෝටමත් බොහොමත්ම ස්තුතිය් කියන්න කැමතියි.ඒ වගේම මින් ඉදිරියටත් ඔබේ රස වින්දනයට මගේ පෑන  වැඩකරන තුරාවට,පුංචි පුංචි කවි පද පේලි ඔයාල  වෙනුවෙන් ශයංගගේ ප්‍රාන්තයේ සිතුවම් වේවි ,ඒ වගේම මම ලියන දේවල  ඔයාලට දැනෙන්න අදහස්,හොද නරක හැම එකක්ම මට කියවී කියල බලාපොරොත්තු වෙනවා,එහෙනං අදට ගිහින් එන්න ..ඔය ඔක්කොටම ගොඩක් ස්තුතිය්..

Wednesday, January 18, 2012

සකිසදේ අරුණැල්ල

















ඔව් ඇත්තටම
හොද යාලුවෙක්
තෑග්ගකි මුළු දිවියට
හැමදාම,
වැටෙන කදුළු
පිසදන්න....
කදුළු එන තුරු
සිනා නංවන්න...
තරමට ලගින් ඉන්න
නුබ වැනි  සකින්
මා ලබන්න.....
කොතෙක් නම් මා
පින් කර ඇද්ද?
මිනිත්තුවකදී
දිනක් ගෙවන්න....
සියලු සිත් දුක්
මකාලන්න.....
සිනාවෙන් මුළු
දිවි ගෙවන්න
මිතුරු කම් ඇත
සවිය දෙන්න...
ඉතින් බය නෑ
දිවි ගෙවන්න
දනිමි ඔබ සැම
මා සමග බව.....

Thursday, January 12, 2012

රුවල් යාත්‍රා...

මෙය තවත්
තොටුපලකි ඔබට
සිතන්න දැන් නුබ
තවත් දුර නොසැලී පාවෙන්නට 
ඉවුරු තලා සිසාරා ...
සත් සයුර පරදා....
සැඩ සුලන් පැමිණේවි
කුණාටු පැමිණිවි
රල බිදී විසිරේවි
එත් .........
නොසැලෙන්න
ඔබ,
සිටින්නම් අප සබද
යාත්‍රාවේ රුවලසේ...
නුබ ලගින්ම හැමදාම, 
ලොවක් සිසාරා
උවද..
සැමදා ඉදිරියෙන් ඉදිරියටම
නුබව ......
යාත්‍රා කරවන්නන්ට ....

Monday, January 9, 2012

සොයුරියේ .....



















සොදුරු නිම්නයක
තනිව පාවී යන්නට
ඔහේ සැරසුන ....
මලෙන් ගිලිහුන
කුසුම් පෙති දෙක
තදව අල්ලා ගත්ත නුබ සද
මලේ ලස්සන
මැකී නොයනට
දුන්නු ඔවදන් හදක්
පිපුමට..
නුබයි සොයුරිය  සදා නොමියන
පතමි ඔබ මා ලගම ඉපිදව...
ගෙවනු මේ මතු මුළු සසර ඉම
නුබම සොයුරිය කරන් හැමදින ....

Sunday, January 8, 2012

කෙටියෙන්ම කියනවා නං මේක පට්ට දවසක් ඕයි....

2012/01/07..හ්ම් කෙටියෙන්ම කියනවා නං පට්ට දවසක් ඕයි.........හැමදාමත් පරිගණකයේ තිරය ඇතුලේ හිරවෙලා සෙල්ලන්  දාන ගොඩක් අය ගාල්ල  රූමස්සල වෙරළේදී සෙට් උනලු,අර කුණු ඇල උඩින් යන පාලම උඩ සෙට් උන අපි දහ දොළොස් දෙනෙක් එතනදීම දැන අදුන ගෙන අනිත් අය එනකන් මග බලාගෙන හිටියලු....ඔය අතර තමා අර හිම හන්සිද කවුද කියන කෙනාට ලෝකේ තියන ලොකුම ගින්දර හැදුනේ....එට පස්සේ සමනල උයනට ගිහින් අපි දෙතුන් දෙනෙක් උදේට කියල බඩ පුරවාගෙන ආපුහු අනිත් අයට සෙට් උනානේ (හන්සිගේ තනියට ගියා මිස අපිට නං එහෙම ගින්නක් තිබුනේ නෑ හොදේ ...)


කොහොමෙන් කොහොමෙන් හරි ටික ටික කට්ටිය එකතු කරන් අපි රූමස්සල වෙරළට ගිය කියමුකෝ....ගිහින් අපි අපිව හදුන්නල දීල තමන්ගේ බ්ලොග් පිටුව ගැනත් කිව්වලු,ඔය අතරේ තමයි මෙච්චර කල් හැංගිලා අරුඩ  නම් වලින් ලස්සන සංකල්පන ගෙනාපු ගොඩක් අයගේ වෙසමුණු ගැල උනේ...ඊට පස්සේ ඔන්න ඔහේ කාටද කවුද වදිනවා කියලත් ආරංචියක් ආවලු...කොහොමෙන් කොහොමෙන් හරි ඔහොම සෙට් උන අපි එකිනෙකා හදුනා ගෙන කතා බහ කරලා සින්දුවක් දෙකක් කියල කාලය ගතකරාලු.....


අනේ මන්ද ..12 වෙන්න උනේ නෑ ...එක්කෙනෙක් කියපි...මට බඩ ගිනි කියල...මට හරියට මතක නෑ  කවුද කියල (ඔයාලට මතකනන් කියන්න හොදේ )..
.


ඊට පස්සේ තවත් කට්ටියක් අපිට සෙට් වෙනකන් අපි බලාගෙන හිටියේ නොදැකපු නොහදුනන් බොහෝදෙනෙක් අදුන ගන්නයි  ....සවස 2 විතර වෙනකොට එයලත් ට්‍රය් කරලා ට්‍රය් කරල් අවට පස්සේ බොහොම සතුටින් ඒ අයත් දැන අදුන ගෙන කතා කරේ එකම පවුලේ අය වගේ...හවස් වරුවේත් හරිම සතුටින් ගෙවුණු අපි අපේ ඊලග වැඩසටහන් ගැන  කතා කරලා ඔක්කොගෙම පින්තුරයකුත් ගැහුවලු ...


..... හ්ම්ම්ම් දැන් තමයි හොදම ටික ...මෙන්න මේවා මෙහෙම උනෙත් නෑලු


හිම හාන්සි මුළු දවසටම කෑවේ බිස්කට් දෙකක් විතරයිලු එයට බඩගිනි හැදෙන්නෙම නැතිලු ...එය පැයෙන පයට කන්නන හොයන්නෙත් නැතිලු  ....
චතු  මිතු අක්ක එදා ඇන්දේ ටැග එක ගලවපු පරණ කලිසමක්ලු ....එකේ කවුරුත් ෆොටෝ ගැහුවේ නෑලු
ඔය අතරේ සමහර අයට වැඩි උනෙත් නෑලු ....ඒ නිසා අවුලක් උනෙත් නෑලු ....


 අහා ....යසන්ත මල්ලි අමතක උනානේ ...මිනිහට ලැප් ටොප් පෙන්නන්න බැරිලු ..දුටු සැනින් දුවනවලු ..
 .ඒ විතරද.. ගාල්ල මාර සිතලයිලු...
 ඇයි, නලින් දවසෙම බිව්වේ කොකාකෝල විතරිලු....
 එතකොට ප්‍රර්ථනා අබ ගැට ,අබරැල්ල,සියබල කන්න ආස නැතිලු ..එහෙම කිසි ප්‍රශ්නෙකුත් නැතිලු,ඒ නිසා ජනරන්ගට මරණ තර්ජන එල්ල කරේ නැතිලු ....
 ජනරංග හක්ක ඇනගත්තේ නැතිලු ...


ඔන්න ඔය වගේ දේවල් උනේ නැති නිසා මේ දවස පට්ටම පට්ටට්යි ......
මේ වගේම් දවසක් අයෙත් අපි සෙට් වෙලා සතුටු වෙන්න,එදා අපු වගේම නාපු අයත් මේ දාන ෆොටෝස් දැක්කම හිතෙනවා හිතනවමයි ......ඒ නිසා තවත් දවසක් මෙහෙම හම්බෙලා සතුටු වෙන මග බලන් ඉන්නකන් දැනට අපි නවතින්නන් ...අයෙත් කියන්නේ ඊයේ  නං පට්ට දවසක් ඕයි.............

Monday, January 2, 2012

මුහුණු පොතේ පිටු අතර ....

දිලෙන නෙතු යුග
කුමරි බබසර
පාන නුබ සොබාවතේ.... 
ඇසෙන කින්කිනි
හඩ පරදවන
නුබේ සිනහව සිත් මැවේ......
නොනවතින නුබේ
ඒ සිනා පොද
තාම මතකයි පෙර දිනේ.....
නොදෙනෙන්න නුබ
හට කිමක් අඩු
උනිද පෙර දින ඒ ලෙසේ....
දුටුව දින අද ඔබේ රුව වත
මුහුණු පොත් පිටු අතර මේ....
පබැදු කවි පද කියා ලියනෙමි
තවම  ඔබේ රුව එලෙස වේ....