Saturday, June 30, 2012

පරාදීසයේ

















ඇස කොනින් බොද කරපු
කදුළු කැට සමු අරන්ද මන්දා
විකසිත මගේ සිත් අද්දර
සිනහව ටික ටික දගකරනවා
මමයි මගේ කවිකමයි
අපියි අපේ මිතුදමයි
සද දියේ පාට කර
නෙක රටා මල් පැහැය ගෙන
පුංචි විල් තෙරේ නැවතිලා
නිදිවර බලා සිටින්නේ
හෙට උදේ විකසිත වන
අපේ ඒ අලුත් හිරු
ඇස පුර දකිනතුරා....
අපේම පරාදීසයේ

Wednesday, June 20, 2012

බහ තෝරන වැලිකඩ .....

හසරක් නොදැන
පුංචි අප සිත් වල
බහ තෝරන්නට
ගණින ඉලක්කම්
කුරු ගණනින් කුඩුවේ
හැමදාම ,
කිනම් පවකද ?
දඩුවම් විදිනන්
නේ මා
උපන්දා ඉදන්.
කොටුවෙලා අද
අම්මා කල පවට
සිරබත් කනවා මම
වැලිකඩ
මහා උළු ගෙදර යට
මේ වචන ටික මගේ ඇහැ ගැටුණු තවත් දුක්බර දර්ශනයක් නිසා ලිය උනා..ඒ වැලිකඩ මොබිටෙල් ප්‍රදාන කාර්යාලයේදී ...එහෙම නැත්තන් මොබිටෙල් MSC එකේදී ..රාජකාරී කටයුත්තකට බොහොම කලාතුරකින් තමයි මීටර් 80 ක් උස මේ කුලුනට නගින්න අවස්ථාව උදා වෙන්නේ.ඉතින් මේ කුළුණු උඩට ඉතා හොදට වැලිකඩ බන්දනාගාරය ඇතුල පේනවා.සිර කාරයෝ,සිර කාරියෝ තැන තැන වැඩ...එත් ඒ අතරේ දකින්න ලැබුනේ හරිම අවාසනවන්ත් දර්ශනයක් ...අවුරුදු 3,4 ළමයින් දෙතුන් දෙකෙන් බන්දනාගාර භුමියේ රැදවියන් සමග එහා මෙහා අඩිය තියනවා....හ්ම්ම් පහලට බැහැල තමයි මේ ගැන විස්තර හොයන්න ගත්තේ....වැරදි කරුවන් ඌ රැදවියන්ගේ ළදරුවනුත් ඒ සිර මැදිරි වල සිටින බව,මවු සෙනෙහස ඕන වයෙසේ දරුවන් කිහිප දෙනෙකුම සිර කදවුර තුල සිටින බව.අනේ ...ඒ දරුවන්ට කුමන නම් අනාගතයක්ද...බහ තෝරන්න ඉලක්කන් කියවන්නේ කුඩුවේ කුරු ගණනින්.ඒ චුට්ටෝන්ගේ අනාගතය කොහොම විසදෙයිද ....හිතා ගන්නවත් බෑ ..ඉතින් මේ සිදුවීම නිසා මෙන්න මේ වගේ වචන ටිකක් ලිය උනා ..ඔයාලත් මේ ගැන දරන අදහස දැන ගන්න කැමති ..ඒ අදහස් ඔයාල කියනකන් මම බලන් ඉන්නවා ...ස්තුතියි ..

Sunday, June 17, 2012

අත්සන

මුවින් පවසා
හදින් පතලා
තබා හිසමත
අත ඔබ මගේ
හදවතේ ශාක්ෂිය
සදා ලග ඉන්නට.....
තබන්නට පෙර
නීතියේ කොලය මත
බන්දන්නට අප සදා ....
ගිය ඔබ එදා
රැගෙන මේ ඔබේ
අත්සන 
මගේ පෙර පිනකට
මුදවා තබා
නීතියේ රැහැනින්.....
සතුටුයි ඉතින්......ඒ නිසා

Wednesday, June 13, 2012

තෙලි තුඩට .....

තෙලි තුඩට
නොගලන තින්ත
නෙත් කොනින්
රූටා වැටෙද්දී ...
කවි කමට
නොලිය උන පද වැල්
හිත කොනේ රැව් දෙද්දී ...
මැවෙනවා මනහරට
නොමවුන පද වල
අපුරුව
කිසිදාක වත්
නොමැවුණු  පරිදි ....

Saturday, June 9, 2012

නුඹ නිසාම














 
නුඹ දුන්න හාදුවේ උණුසුම
දැනෙනවා තව මේ කම්මුල් වල
නුඹ දෙනෙතින් පැවසුව ආදරය
මැවෙනවා තව මගේ දෑස් අද්දරම..
නුඹේ මතකය ඉතිරි කර ගිය
අපි තුරුළු උන ඒ සැදෑ වෙරළ තෙර
නුඹ නැතත් මම අද තනියම
විදගන්න එහි අපෙ මතකයෙ මිහිර..
පුන්චි දරුවන් අතර හිනැහුන
නොදරුවෙක් විලස රැලි අතර
දගකෙරුව ඒ හිතැත්තිය ..
අද සොයද්දි වෙරළ
මා කුමක් පවසම්ද..
ජීවිතය විදගන්න නුඹ ඉතිරි කර ගිය
පූජනීය ආදරේ මතක මාලිගා අතර
මේ කඳුළු සගවගෙන නුඹ නිසාම
හිනැහෙමි මම නුඹ දුන්න ආදරේ හින්දම..
 
මේ වචන පෙළ මම ටික කාලෙකට කලින් ලියපු එකක්...අද මුණු පොත් අවුස්සද්දි හම්බුනා ....ඉතින් මගේ බ්ලොග් අවකාශේ යාලුවන්ටත් බලාගන්න එක්ක බ්ලොග් එකේ දැම්මා..ඔයාලත් වෙනද වගේම මේකේ හොද නරක කියන්න ...මන් බලන් ඉන්නවා......... 

Tuesday, June 5, 2012

කල්පයක්....

හ්ම් ...
හෙමින් හෙමින්
සිසිල හොයාගත්
මගේ හිතට
අද එක පාරටම
උණුසුමක් දැනුනේ
කොහොමද?
සිහි උනි ඔබේ
සිසිල ගලන
කින් කිනි හඩ ..
සුනේ නෑ කල්පයක්
දුරටම ඒ හඩ ...
අනේ ඔබ දැන්
කොහේදෝ
නතර වෙලා
ඉන්නේ....
මේ ...
ඉර හද යට ....

Sunday, June 3, 2012

කුරුළු කුඩු......

වලාකුළු සේ පාවෙලා ඇවිත්
වාසනාවෙන් එපිටට ගිහින්
ආදරෙන් ලං වෙලා
තටු සලන පෙම් කුරුල්ලන්ට
මිතුරු කම් සතුටු විට
සනසන්න සරසන්න මිතුරු කම
ලා මතකයි උන් එදා ඒ
පුංචි කුරුළු කුඩුවට
කිරිලියන්ට ගල් ගස්සන්න
හොරහින්ම
එත් අද ඒ සොදුරු පෙම් කව තවත් ....
තව තවත් සවි වෙලා
ආදරෙය ඉතිරිලා ගිහින්
සතුටුයි ,ගොඩක් සතුටුයි
උබල දෙන්න දැක්කම,
හැමදාමත් මෙහෙම ඉන්න
ආදරෙන් ප්‍රර්ථනා කරනවා
අයියේ ,නංගියේ ....
 
ඔව් ..තවත් කතාවක් ...එත් හරිම පිරිසිදු කතාවක්,තව පැත්තකින් හරිම අවාසනාවන්ත කතාවක් ....ඔව් අපි හැමෝටම යාලුවෝ ඉන්නවා,ඒ අයට ආදරයන් ඇති වෙනවා,අපි ඒ ආදරේ ජය ගන්න උදවු කරනවා,ඔය ඔක්කොම හරි,එත් යාලුවනේ,සතුටින් ඉන්න කුරුළු කුදුවකට ගල් ගහල තමන්ගේ යාලුවට ආදරේ ජයගන්න උදවු කරන්න නං එපා, ඒවගේම තව කෙනෙකුගේ ආදරයක් උදුරා ගන්න හදන්න එපා. ,එහෙම අයටත් උදවු දෙන අයටත් හෙන හත ගහනවා.ඔව් ඕන කෙනෙක්ට කියන්න පුළුවන් ඇත්තටම ආදරේ කාරණා දෙන්නෙක් වෙන් කරන්න බෑ කියල,එත් ඒ අදරෙලා ලගින් ඉදන් විස්බිජ දන්නා ඕන කෙනෙක්ට පුළුවන්,ඒ වෙලාවට ඒ දෙන්නට නොදැනීම ඒ ආදරේ විනාස වෙන්න පුළුවන්.මෙහෙම කරණා ඕන තරන් ජරා මිනිසසු ඉන්නවා.මේවා සොබහවික දේවල්.මේ වගේ අභියෝගයක අද්දැකීමක් මගේම හිතවත් සොයුරෙකුයි සොයුරියෙකුයි ජය ගත්ත.පහු ගිය දවසක් බොහොම කාලෙකින් ඒ යුවලම දුම්රිය පළේදී මගේ ඇහැ වැටුනා,ගොඩක් සතුටුයි ඒ ලස්සන කුරුළු ජෝඩුව දැක්කම,ඒ වෙලාවේ දුම්රියට නැගල මින්ස්සු අස්සේ තෙරපි තෙරපි කොහොම හරි හිතට අපු මේ වචන ටික කොලෙකට ලිය ගන්න මට පුළුවන් උනා.සුපුරුදු පරිදි ඔයාල මේකේ හොද නරක කියන්න,අවසානය ප්‍රර්ථනා කරන්නේ ඒ යුවලටත් ,මේ මිහිමත ඇත්තටම ආදරේ කරණා හැමෝටමත් සුබ පතනවා, ඒ වගේම අර අහිංසක කුරුළු කුඩු වලට ගල් ගහ උන්ගේ හිත්වල ඇත්ත ආදරේ තේරුම වැටහෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා.එහෙන අපි ගියා ,ටටා .....