Saturday, June 9, 2012

නුඹ නිසාම














 
නුඹ දුන්න හාදුවේ උණුසුම
දැනෙනවා තව මේ කම්මුල් වල
නුඹ දෙනෙතින් පැවසුව ආදරය
මැවෙනවා තව මගේ දෑස් අද්දරම..
නුඹේ මතකය ඉතිරි කර ගිය
අපි තුරුළු උන ඒ සැදෑ වෙරළ තෙර
නුඹ නැතත් මම අද තනියම
විදගන්න එහි අපෙ මතකයෙ මිහිර..
පුන්චි දරුවන් අතර හිනැහුන
නොදරුවෙක් විලස රැලි අතර
දගකෙරුව ඒ හිතැත්තිය ..
අද සොයද්දි වෙරළ
මා කුමක් පවසම්ද..
ජීවිතය විදගන්න නුඹ ඉතිරි කර ගිය
පූජනීය ආදරේ මතක මාලිගා අතර
මේ කඳුළු සගවගෙන නුඹ නිසාම
හිනැහෙමි මම නුඹ දුන්න ආදරේ හින්දම..
 
මේ වචන පෙළ මම ටික කාලෙකට කලින් ලියපු එකක්...අද මුණු පොත් අවුස්සද්දි හම්බුනා ....ඉතින් මගේ බ්ලොග් අවකාශේ යාලුවන්ටත් බලාගන්න එක්ක බ්ලොග් එකේ දැම්මා..ඔයාලත් වෙනද වගේම මේකේ හොද නරක කියන්න ...මන් බලන් ඉන්නවා......... 

4 comments:

  1. මමනම් මොකූට් කියන්නෑ.........................:(

    ReplyDelete
  2. මේ ඇරඹුමම ගත්ත කවි පෙලක් මම ඉස්කෝලේ යන කාලේ ලිවුවා මතකයි.. හොයන්න ඕන ඒක කොහෙද කියලා..

    ලස්සනයි මලයා..

    ReplyDelete
  3. විරහව හරි සුන්දර විදිහකට වචනවලට පෙරලලා

    ReplyDelete