Thursday, February 28, 2013

හඳ විල තෙර- පළමු දිග හැරුම

හද සිත් යායේ
පෙන කැටි අතරින්
සිත මල් යායට
පිය ගැට පෙළ නැග
බලා හිදුනු දා
ඔබේ රුව මැවුනා
මගේ දැස මත අපුරුවටම
ඉතින්
මෙය අලුත්ම
හිනාවක් දෝ මට
හදුනන්ට
බැරිවෙලදෝ මන්දා 

  ටිකක් විතර වෙනස් දෙයක්...හ්ම් මේක කතාවක් ..නෑ නෑ මේක නිසදැස් කවියක් ...එහෙමත් නෙවෙයි මේක නිසදැස් කතාවක්..මෙහෙම කියමුකෝ ...තාරුන්යයේ සුන්ද ම තැන හොයා යන ආදරේ සංදිස්ථාන පෙළක එන් සුවිශේෂී තැන වල ගොඩ නැගෙන,මට දන්නෙන විදියට,නිසදසින් ලියන්න ලස්සන කතාවක්...ඔන්න අද ඉදන් ඔයාලත් බලන්න.හඳ විල තෙර මේ පළමු දිග හැරුමයි ..

Friday, February 15, 2013

කෑල්ල

ටෝක් කරලා
ටෝක් කරලා
කට්ට කාල
ගොඩ දාගත්ත
මගේ කෑල්ලගේ
ටෝක් එක
නැවතුනේ නැති උනාම
තමයි හිතෙන්නේ
"මොකට
ටෝක් උනාද මන්දා,
නිදහසේ
කනක් ඇහිලා
පැත්තකට වෙලා
හිටියේ නැතුව"
කියලා  ... :පි