Wednesday, September 5, 2012

හිමිදිරි කුමරී...

මුකුලිත හිරු රැස්
ඔබේ මුව සිප ගෙන
රන් වන් පාටින්
බැබලෙන් ඔය රුව
හිමිදි උදයේ දකිනා
ඔබේ වත
අමුතුවකට දෝ
මුකුළු කරා....

හැඩලෙන කිංකිනි
නුබේ ඔය නාදය
සත් ස්වර හඩ දෙන
මවනා ගීතය
සවනට මගේ
ඔකද වෙලා...

ලස්සන ඔය රුව
දුම්රිය තුල අප
නෙතු ඔබ තුලටම
එකතු වෙලා
ලස්සන දේගැන
ඇස වැටෙනා බව
දැන අප සැම ඔබේ
දෙස බැලුවා

කුමක් කරන්නද
ඔබ වැඩිමල් බව
දැන අප ඔබේ රුව
රස විදිනා
අහිතක් නෑ අපේ
සිත්වල අක්කේ
ඔබේ වරුණ මා
කවි බැන්දා

13 comments:

  1. Replies
    1. මොකද හිනා වෙන්නේ අහ ......?

      Delete
    2. හිනා වෙන්නෙද....හිනා යන නිසා නෙ බොලේ...:P :P

      Delete
    3. ඕක නං එච්චර හොද නෑ අක්කේ ...නිකන් හිනා යන එක ලෙඩක් ..ඉක්මනට බෙහෙත් ටිකක් ගන්න :P

      Delete
  2. කවුද මේ අක්කා..... :))))

    ReplyDelete
    Replies
    1. කවුද කියල නං දන්නේ නෑ නංගි...එත් දැක්ක සැනින් ඇහැ ඇදිල යන ලස්සන අක්ක කෙනෙක්

      Delete
  3. UBa chu daganna wayase iddi A/L karapu Akka neda me.....? :P

    ReplyDelete
    Replies
    1. heheee niyama kathawa eka...:P :P

      Delete
    2. @HASANGANA:NE NE BAN.....MAMA 6 WASAREDI O/L KARAPU AKKA ... :p :p
      @AKKA: MOKADDA DAN ME KATHAWE NIYAMAYA...MATA NAN EHEMA DEYAK PENNE NE... :p:p

      Delete
    3. උඹට ඉතින් ඇස් පෙනීම දුරුවලයි නේ...වයසට යද්දි ඔහොම තමා බං....:D

      Delete