Wednesday, August 1, 2012

දෙවැනි දිවියේ පළමු උපන්දිනය


ඔව් ..සැබෑ වෙනසක් ...මතකයි මට හරියටම වසරකට කලින් අද වගේම දවසක් පුංචි දරුවෙක් ඉස්කෝලේ යන්න උදේට නැගිටිනවා වගේ ශයංගගේ ප්‍රාන්තය කියන බ්ලොග් පිටුවට මම මුල කුරු කිව්වා.අදිමදි කරමින්,අකමැත්තෙන්...ඔව්..හංගන්න බැරි කදුළු පැන දිගේ ගලාගෙන ගියා....ඒ කදුළු වලින් මම පද ඇමිණුවා ...පුදුමයක් ...ඒ කවිකාරකම අද මාව හිනස්සනව.අද දවස පටන්ගන්නෙත් ඉවර කරන්නෙත් බ්ලොග් පිටුව ලග .ඔව් ..ලොකු වෙනසක්.වසරක් පුරාවටම මේ බ්ලොග් අවකාශයම මව අලුත්ම ලෝකෙකට ගෙනිච්ච ..ඒ 2011,08,01 දින මගෙන් ඔබට කියල ලියපු මගේ පළමු පොස්ට් එකත් එක්ක.අවුරුද්දක් පුරා පොස්ට් 85 ක් පුළුවන් විදියට මගේ හිතේ ඇදෙන සිතුවම් ඔබට පුජා කරා.ඒ අතර බොහොමයක් බ්ලොග් අවකාශයේ අය ඒ මගේ නිර්මාණ කියවල හොද නරක කිව්වා.ඉතින් මේ අවුරුද්දක් පුරාවට ශයන්ගගේ ප්‍රාන්තයේ සැරිසරපු 11400 කට වැඩි මගේ හිත මිතුරන්ට ගොඩාක් ස්තුතියි කියන්න මේක වෙලාව කරගන්නවා.

ඔව් මේ වෙලාවේ මගේ කවිකාර කමේ ගුරුතුමියට ස්තුතිය පල කරන්නත් අමතක කරන්නේ නැ.දෙසැම්බර් 26 වෙනිදා සුනාමිය ඇවිත් මිනිසුන්ගේ සියලු දේ මුහුද ඇදගෙන ගියා,ඒ වගේ මා සතු සියලු දේ ඇය අරගෙන ගියත්
වරදීමකින්ද මන්ද ..එකම එක දෙයක් මට ඇයගෙන් දායාද උනා.ඒ කවිකාර කමයි.කවියකට පද අමුනන්නට තියා කොලේක පද දෙක තුනක් හරියට ලියාගන්න බැරි උන මට,ඔහේ පද වැල් ලිය උනා.ඉතින් මගෙන් උදුරුගෙන ගියා හැමදේකට වඩා දහස් ගුණයකින් වැඩි දෙයක් අද මා ලග ඉතුරු කරලා.ඒ මගේ සතුට ..ඔව් ..මම අද ගොඩක් සතුටින් ..ඒ මේ අපේම බ්ලොග් අවකාශය නිසා..ඒ සතුටේ කොටස් කාරයෝ ඔයාලයි යාලුවනේ ...ගොඩාක් ස්තුතියි ඔයාලට.ඒ සතුට මට ගෙනාවට....ගොඩක් අය අදුන ගත්ත.මිතුරු දම් වැඩි උනා ..ඒ බැදීම තමයි මේ සතුටට හේතුව ....

මං හිතන්නේ මේ වචන ටික හරිම විශේෂයි..,චාමින්දි ලමාහේවා.ඔව් හොද යාලුවෙක් හොදම ෆිට් එකක් .මම මේ බ්ලොග් අවකාශයට තල්ලු කරන්න මුලික උන කෙනෙක්.බොහොමත් කාලයක් තිස්සේ ඇය තමයි මේ බ්ලොග් පිටුවට මුලකුරු තියන්න කියල මට බල කරේ.ඉතින් චමින්දියෝ ගොඩක් පින් ඔයාට.මොකද මගේ මේ හීනවලට පණ දෙන්න යාලුවෙක් විදිය මව මෙහෙයෙව්වේ ඔයා.
ඒ වගේම ඔහු,.....නමින් අසංක උදාර දිසානායක ...එහෙමත් නැත්තන් AUDiOnline අදිපති තුමා.සහෝදරයෙක්ට නොදවෙනි අසංක අය්යා තමයි මේ බ්ලොග් එක හදන්න මට උදවු උනේ,ඒ වගේම එදිනෙදා  ජිවිතේදී පවා ලගින්ම ඉන්න සමීපතමයා ඔහුයි .ඉතින්....මගේ හිනාවල වටිනාකමින් කොටසක ඔය සතුටයි.අය්යේ..ඔයාටත් ගොඩක් පින් ..


ඔව් මේ මගේ දෙවැනි ජිවිතේ පලමු උපන් දිනයයි ඉතින් මේ සතුටු දිනයේ අසංක අය්යටයි චමින්දිටයි මුල්ම කේක් කැලි දෙක කවන්නන්..:D
ඉතින් මේ දෙවෙනි ජිවිතයකට පාර කියපු ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි..ඉස්සරටත් මගේ හිතේ ඇදෙන සිතුවිල්ය් ඔයාල ලගටම ගෙනිල්ල දෙන්නන්,සතුටින්,අසාවෙන් ..
එහෙනං අදට ගිහින් එන්නන් ..ඔයාල හැමෝටම තැන්කු අහ .....
අහා...
මේ වසර පුරවා ඔයාල බොහෝ දෙනෙක්ගේ සිත් ගත්ත පොස්ට් ටිකක් මෙතන තියනවා....කැමතිනං,මග හැරුණු කෙනෙක් ඉන්නවා නං අයෙත් ගිහින් බලන්න 

25 comments:

  1. සුබම සුබ උපන්දිනයක් වේවා "ශයංග ගේ ප්‍රාන්තයට"....තව තවත් අලුත් හරවත් රසවත් නිර්මාණ බිහි කරන්නට ධෛර්යය ශක්තිය ලැබේවා කියල හදවතින්ම සුබ පතනවා.....:)

    ReplyDelete
  2. අපේ උණුසුම් සුබ පැතුම් ...!!!

    ReplyDelete
  3. උපන්දිනය වසරක් ගෙවුන නිසා.. ඒත් වසරක් ගිහින් තමයි මට මේ බ්ලොග දකින්න ලැබුනේ.. :(

    මට සැප්තැම්බරේට අවුරුද්දයි. අමාරුවෙන් මුල් කාලෙ බ්ලොග් එක හදාගෙන දගලපු විදිහ අදවගේම මතකයි.

    ජය පතමි !!

    ReplyDelete
    Replies
    1. එත් යාලු ඔයාට මතක නෑ මන් හිතන්නේ ..මෙට කලින් ඔය මව දිරිගන්නල තියනවා ,,,,
      මොනවා උනත් ස්තුතියි

      Delete
  4. උණුසුම් සුබ පැතුම් !!!!! thawa sahenna kalak sathutin wajabewa !!!!

    ReplyDelete
  5. තවත් ලස්සන අදහස් ගොඩක් නිර්මාණ ශීලීව ඉදිරිපත් කරන්න හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා
    කරනවා.. ලස්සන වගේම ජයග්‍රාහී හැගීම් ගොඩක් මේ ප්‍රාන්තයේදී දකින්නත් බලාපොරොත්තු වෙනවා.
    ඉතින් සුබම සුබ උපන් දිනයක් ශායන්ගගේ ප්‍රාන්තයට!

    ReplyDelete
  6. Godaaaak sathutui mata.....:D a wagema godaaak adambari oya gena...:D..as walata kadulu awa meka kiyawathdi...thnx Shayanga..kadulu atharin negitapu oya aye kawadawath wetenne na....Mage hadawathinma hemadama wage mn oyata suba pathanawa saho...
    "ශයංග ගේ ප්‍රාන්තයට" සුබ උපන්දිනයක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලු ......ඔයාල තමි මේ හිනාවේ අයිති කාරයෝ ...ගොඩක් පින්

      Delete
  7. ජය වේවා...!! :) ඔයා ඉතින් කොහොමත් හොඳ කවිකාරයානේ..

    ReplyDelete
    Replies
    1. හේ හේ තැන්කු තැන්කු ....මන් විතරද...ඔයත් එහෙම තමයි නංගි

      Delete
  8. සුභ පැතුම් තවත් ඉදිරියටම යන්නට :)

    ReplyDelete
  9. උපන්දිනයක් කියලා මූණු පොතේ තිබුණු නිසා මාත් ආව,ඒත් කෝ කේක්?

    ReplyDelete
  10. සුභ පැතුම් මලයා.. හොද ඉදිරි ගමනක් බලාපොරොත්තු වෙනවා...

    ReplyDelete
  11. දිග කලක් වැජඹෙන්න ඔබට සුභ පැතුම් සහෝ...:)

    ReplyDelete
  12. අම්මෝ , කොච්චර කල් කියලද මේක පටන් ගත්තේ.
    දැන් නම් ගුරාට වඩා ගෝලයා වැඩේ ගොඩ දාගෙන වගේ ඉන්නේ.
    හී හී
    දිගටම වැඩේ කරගෙන යන්න මල්ලි.
    පින් වලටත් වඩා වටිනවා උඹ සන්තෝසෙන් ඉන්නවා දැක්කම හිතට දැනෙන සතුට.

    ReplyDelete
  13. සුභ උපන් දිනයක් වෙවා මලේ!!!! තවත් මේ වගේ හුඟක් ලස්සන නිර්මාණ කරන්න පුඵවන් වෙන්න කියා මම හදවතින්ම සුභපතනවා

    ReplyDelete