Sunday, August 5, 2012

සද පාළුව අමාවකේ

ඉකි බිදින සිතුවිලි මැදින්
පොර බදින කදුළු අතරින්
සිනහව මට ඔච්චම් කරද්දී
නුබේ සිනා කැන්
මා තුටු කරයි නම්
හමු නොවුවත් සසරක් පුරා
සද පාළුව අමාවකේ
අතපත ගාන්නම් මා
කාටත් හොරාටම
ඔබ තැබූ පා සටහන්වල
ස්පර්ශයෙන් වත්
හැගුමක් ලබන්නට
ඔබේ තුරුලේ උණුසුම
මට රිසි නොවේනම්

6 comments:

  1. හ්ම්ම්ම්...
    "If you are destined to love the moon be prepared just to bask in the moomlight because you would never be able to hold it in your hands, never ever..."

    ReplyDelete
  2. හිතට දැනෙන නිර්මාණයක් ලස්සනයි

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ජාලයේ සරද්දී ප්‍රාන්තයට මග යොමු විය.. අරුත්බර සිතිවිල්ලක්..

    ReplyDelete