Sunday, August 12, 2012

අසන් අම්මේ


























මෙතුවක් කලක් රහ මෙර තොල ගල නෑ
ගැහැනුන් සොයා කාමර වල ලැගලා නෑ
සිකරට් බිල තොල කට ගදගහල නෑ  
අම්මේ නුබේ නම මම කැත කරලා නෑ

වරදක් දුටුව කල මම කට ගැහුවට

චුට්ටක විතර කලබල කම් තිබුනාට
අයියට වඩා හවි  හත්තිය තිබුනට
තවමත් මම නුබේ පොඩි පුතු අම්මට

මහන්සියෙන්  සුළු මුදලක් ඉපැඋවට 

ගෙනත් සලකුවම අම්මගේ සතුට දැක
සතුටු කදුළු හොරැහින් මට හැන්ගුවට
දන්නවා අම්මේ නුබ මට ආදරේ බව

25 comments:

  1. පොඩ්ඩක් වලිදාගත්තාට.... :D :D

    ReplyDelete
  2. අම්මලා කොහොමත් පොඩි පුතලාට වැඩිපුර ආදරෙයි තමා.. :)

    ReplyDelete
  3. පොඩ්ඩක් වලි දාගත්තාට

    ReplyDelete
  4. ගෙදර බඩ පිස්සට අම්මා හුඟක් ආදරෙයි අශාන් පෙන්න පෙන්න ආදරය නොකෙරුවත් අම්මාගේ ආදරයට සමාන කරන්න ලොකේ කිසිම කෙනෙක් නැහැ

    ReplyDelete
  5. බඩ පිස්සත් අම්මට ආදරෙයි නේ.. (y)

    ReplyDelete
  6. ලස්සන අදහසක් මචං !

    ReplyDelete
  7. හැබැයි අම්මාට කොයි පුතත් එකයි

    ReplyDelete
  8. Ammala kohamath adare puthalata Thama Shayanga...thattala wadipura adare duwalata......:)

    ReplyDelete
  9. අම්මලා දූලටත් ආදරෙයි :)ඒත් අක්කටයි මටයි වඩා වෙනසක් අයියා ගැන තියෙනවා කියලා හිතෙනවා. ඒත් එහෙම නැහැ අපි අම්මා එකක් බොරුවට රන්ඩු කරන්න එහෙම කියනවා. ඒත් අම්මට කොයි දරුවත් එක වගේ මට නම් හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. ලෝකේ උතුම්ම ආදරේ කිසි වෙලේක බෙදන්න බැලු,,,
      අනිවා යාලු

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මගේ පුතුනි.....!!!!!!!!!

    නුඹෙ මුව අග මා පෙවු ලේ කිරි සුසුවඳ රැඳෙන තුරුම....
    රහමෙර බිඳකට එ සුවඳ නුඹ පාවා නොදෙන අරුම...
    විඳිමි සොඳින් නුඹෙ දස්කම් මගෙ නම බබලවපු මහිම...
    මං දන්නවා මයෙ "පොඩි පුතු" මට ඇති ආදරයෙ තරම...!!!!!

    අයියාටත් වඩා නුඹේ ගත හා සිත හරි සවිමත්....
    තාත්තටයි මටයි ඉතින් ඒ හැර කොහි වෙන සතුටක්....
    අපි දෙන්නා බැණ වැදුනත් ලොකුවට ගෙන පොඩි වරදත්...
    නුඹට තිබුනු ආදරයයි ගැලුවෙ පුරා හැම වදනක්....!!!!!

    සතෙන් සතේ උපයන්නට නුඹ හෙලනා දා බිඳු පොද....
    දකිනා හැම මොහොතකදිම කඳුළු රැඳෙයි මගෙ නෙතු අග....
    මුල් පඩි පත ගත්තු එදින නුඹ දුන් සාරියේ සුවඳ...
    තනිය මකයි නුඹ නැති දිනයක් ඉඳ හිට ලබන විටෙක.....!!!!

    අපෙ පොඩි පුතු තාත්තටයි අම්මාටයි වටින තරම්....
    කියාගන්න ඇමිණූවත් වදන් පමණ නොවේ ඉතින්...
    සංසාරේ මේ නැවතුම නුඹ වන් තිලිණයක් අරන්....
    පුද දුන් දින දැනුනි සිතට කෙතරම් පින් කලාද මං...!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. දන්න එක ගැන සතුටුයි, කොහොමත් අම්ම කෙනෙක් ගෙ ආදරේ කිසිදා නොවෙනස් වන උතුම් හැඟීමක්. ඒ හැඟීම හරිම ලස්සනයි තමයි...!!!! :)

      Delete

  12. joke 1 ට නෙමෙයි කියන්නෙ සිරාවටම නියමයි මචෝ.......
    ඉස්කෝලෙදි ape magazn 1 ට වත් කවි නොලියපු ඔයාගේ මේ talent 1 ගැන මට නම් පුදුමයි.

    ReplyDelete