Wednesday, June 20, 2012

බහ තෝරන වැලිකඩ .....

හසරක් නොදැන
පුංචි අප සිත් වල
බහ තෝරන්නට
ගණින ඉලක්කම්
කුරු ගණනින් කුඩුවේ
හැමදාම ,
කිනම් පවකද ?
දඩුවම් විදිනන්
නේ මා
උපන්දා ඉදන්.
කොටුවෙලා අද
අම්මා කල පවට
සිරබත් කනවා මම
වැලිකඩ
මහා උළු ගෙදර යට
මේ වචන ටික මගේ ඇහැ ගැටුණු තවත් දුක්බර දර්ශනයක් නිසා ලිය උනා..ඒ වැලිකඩ මොබිටෙල් ප්‍රදාන කාර්යාලයේදී ...එහෙම නැත්තන් මොබිටෙල් MSC එකේදී ..රාජකාරී කටයුත්තකට බොහොම කලාතුරකින් තමයි මීටර් 80 ක් උස මේ කුලුනට නගින්න අවස්ථාව උදා වෙන්නේ.ඉතින් මේ කුළුණු උඩට ඉතා හොදට වැලිකඩ බන්දනාගාරය ඇතුල පේනවා.සිර කාරයෝ,සිර කාරියෝ තැන තැන වැඩ...එත් ඒ අතරේ දකින්න ලැබුනේ හරිම අවාසනවන්ත් දර්ශනයක් ...අවුරුදු 3,4 ළමයින් දෙතුන් දෙකෙන් බන්දනාගාර භුමියේ රැදවියන් සමග එහා මෙහා අඩිය තියනවා....හ්ම්ම් පහලට බැහැල තමයි මේ ගැන විස්තර හොයන්න ගත්තේ....වැරදි කරුවන් ඌ රැදවියන්ගේ ළදරුවනුත් ඒ සිර මැදිරි වල සිටින බව,මවු සෙනෙහස ඕන වයෙසේ දරුවන් කිහිප දෙනෙකුම සිර කදවුර තුල සිටින බව.අනේ ...ඒ දරුවන්ට කුමන නම් අනාගතයක්ද...බහ තෝරන්න ඉලක්කන් කියවන්නේ කුඩුවේ කුරු ගණනින්.ඒ චුට්ටෝන්ගේ අනාගතය කොහොම විසදෙයිද ....හිතා ගන්නවත් බෑ ..ඉතින් මේ සිදුවීම නිසා මෙන්න මේ වගේ වචන ටිකක් ලිය උනා ..ඔයාලත් මේ ගැන දරන අදහස දැන ගන්න කැමති ..ඒ අදහස් ඔයාල කියනකන් මම බලන් ඉන්නවා ...ස්තුතියි ..

14 comments:

  1. Atta paw.demawpiyange waradi walata nodaruwoth wandi gewanawa....:(.

    ReplyDelete
    Replies
    1. අම්මා කල පවට
      සිරබත් කනවා මම :(

      Delete
  2. අවාසනාවට ඇත්ත කතාව....

    ReplyDelete
    Replies
    1. හ්ම් ඇත්තම ඇත්ත අවාසනාවන්ත කතාවක්

      Delete
  3. Daruwonge Waradi Walin Demaapiyo Duk Windinawa Wage Welawakata..Mekath,Demawpiyange Waradi Wadin Daruwo Duk Windina Awasthawak... Shik..Ahuwamai Mehema Deyak....

    ReplyDelete
    Replies
    1. හ්ම් මේ දසුන දැක්ක මීටත් වඩා දුක හිතෙනවා යාලු

      Delete
  4. ලංකාවේ හිරගෙවල්වලින් වැරදිකරුවන් යහපත් වනවාට වඩා සිදුවෙන්නේ අයහපත් වීම. ඒ දරුවන්ගේ අනාගතය ගැන කණගාටුයි.. බලධාරීන් හැමදාම බයිලා ගගහා හිටියොත් හිරගෙවl කියන්නේ අපරාධකරුවන් බිහිකරන මධ්‍යස්ථාන වෙයි

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා යාලු ...එළියේ ඉන්නවට වඩා ඇතුලෙදි වැරදි කරන අය වැරදි කරනවා

      Delete
  5. හැමදාමත් වගේ වෙනස්ම කෝණයකින් දැකල කරපු නිර්මාණයක්....හොඳ උත්සහයක්....
    මේවට පිලිතුරු බලධාරින් ලඟ තියෙනවා මල්ලි......නමුත් කවදාවත්ම මේවට නිසියාකාර විසඳුම් හොයන්න කවුරුත් මහන්සි වෙන්නෙ නෑ......ඒක හරිම කනගාටුදායක තිත්ත ඇත්තක්.....මෙහෙම හරි මේ වගේ දෙයක් ලියලා සයිබර් අවකාශයට මුදා හැරිය එක ගොඩාක් හොඳ දෙයක්....!!!!!

    ReplyDelete
    Replies
    1. හ්ම් ඔව් අක්කේ මේවා කවද හැදේවිද දන්නේ නෑ ...මට පුළුවන් විදියට මේක මෙහෙම ලිව්වා නොදන්නා අයටත් දැනගන්න

      Delete
  6. ane manda bn,........ attamai supiri... kawruwat oya wage deyak liyala tiyenawa dakalama na kollo.... Truely perfect..... puluwannam paper ekakata yawapan oka.. etakota dakinna one aya serama daki....

    ReplyDelete
    Replies
    1. හ්ම් ඔව් මචෝ..Try එකක් දෙන්න ඕනේ ...thankzz

      Delete
  7. paw aiya....kata katat mewa hoda padam...asarana podi aun me loke dakinne a parisare..athanin aha,untat jawithayak nane....

    ReplyDelete
    Replies
    1. බහ තෝරන්නට
      ගණින ඉලක්කම්
      කුරු ගණනින් කුඩුවේ
      හැමදාම ,
      කිනම් පවකද ?.........පව් තමයි නංගි..පුදුම පවක් ඒක

      Delete