Thursday, August 4, 2011

ඒ නුබම විය ..written by CKW @ 2008.11.16

නිරුදක කතරට වට
පුංචි වැහි බිදුවකි නුබ ,
දිසාපාමොක් නුබම විය,
ගෝර්කිගේ"පෙලගේය"වූ
මා  දිවියේ පිය -"නෙත්කෝ" නුබ විය,
හසරැල්ලක් වූ,
ආශීර්වාදයක් වූ,
මේ පාවෙල්ගේ අනාවද  නුබමය් ......
ආදර ගිනිසිලුවෙහි
තවරා ස්නේහයේ මදු බිද,
මා නෙතු අග පිපෙන විට
කදුළු මලක්
ඔබ දෑසේ පුලින තලාවෙන් ,
රූරා වැටුන ගංගා දහසක්
කිරිද නොඑරුනු,
මා නොවැදු,
පියා නුබමය්  මා මවුන් බදු වූ......
කොය්බදෝ ඇත්තේ
උතුම් උල්පත
"
චුටි දුව"හට ආදරය
උතුරා දොර ගලා යන
හද ඉවූරෙන්......
ඉදින් "නුබ"
නුබම විය  
අදත්... හෙටත්
මතු හැම භවයෙදිමත්...
මා ආදර පියාණෙනි,
නුබ මගේ පමණක්ම වේවා  

written by CKW @ 2008.11.16..(just to remind)  :(   :'(

 මේක මම ලියපු  එකක් නෙවෙය් ... .. මීට අවුරුදු දෙක තුනකට කලින් මම ගොඩක් ආදරේ කරපු කෙනෙක් මට දීපු කවියක් තමය් මේ .ඉතින් හිතුව මේක බ්ලොග් එකේ දැම්මොත් හොදය් කියල......මම දැකපු ලස්සනටම කවි ලියන්න පුළුවන් කෙනෙක් එයා..ඒ නිසි මේක දන්නා හිතුවේ.ඇත්තටම මේ කවිය ගොඩක් හිතට වදිනවා නේද...මේ  ගැන ඔයාලගෙත් අදහස් දැනගන්න කැමතිය් ..ස්තුතිය්

13 comments:

  1. maxa machaaaaaaaaaan. attatma lassanai.

    ReplyDelete
  2. ලස්සන කවියක් අයියා..:)

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ලස්සන කවියක්
    අතීතය සුන්දරයි, ඒ අතීතයේ සමහර මතක හැමදාමත් අපේ හිතේ කොතැනක හරි තියෙනවා. ඒක උබටත් මටත් අපි හැමෝටම පොදු ධර්මතාවයක්...............
    අස්ථිර ලෝකයේ තියෙන එකම ස්ථිරදේ වෙනස්වීම පමණයි කියන ඒක තමයි මේ කවියේ අතීත මතකය උබට උගන්වපු ලොකුම පාඩම.......
    ජීවිතය දිහා සුබවාදීව බලපන්........


    තව පොඩ්ඩෙන් අමතක වෙනවා අද තමයි අහම්බෙන් උබේ බ්ලොග් ඒක දැක්කේ, ලස්සන වැඩක් දිගටම කරන් පලයන් !!!!!!!!!!!!!!

    ReplyDelete
  5. අනිවා ඩෙනිස් අයියා...අස්ථිර ලෝකයේ තියෙන එකම ස්ථිරදේ වෙනස්වීම පමණයි..මම එක තෙරුන් අරන් ඉන්නේ ...ඔයා මේ comment කරපු ව්දියට මම ගොඩක් කැමතිය් ..හැමදමත් මේ වගේ comments මට හයියක් වෙයි,එත් පහුගිය දවස් වල ඔයා .......?????....ඒවා දැන් ඕනේ නෑ..eny way thankzz a lot ...

    ReplyDelete
  6. මල්ලි උබ ඔය කියන පහුගිය දවස් ගැන මට කියන්න තියෙන්නේ, ඒ කියපු හැමදේම විහිළු විතරයි.........
    මම හිතුවේ නෑ උබ serious ගනීවි කියල, හිත රිදුනනම් sorry........

    ReplyDelete
  7. it's ok ayya..mama dannawa oya kiwwe vihiluwata kiyala...but it feels so badly... it's ok ayya

    ReplyDelete
  8. man nan me kawiyata poddakwath kamathi na...e ey kiyala ahanna epa....:D

    ReplyDelete
  9. Aththamai godak lassanai.... kawi liyanna widinna puluwan hitak hari sanwedi. ehema hithak napuru wenne ba neda malli

    ReplyDelete
    Replies
    1. eth mata thiyana prashne ehema hithak napuru une kohomada kiyala thamai akke... :( :(

      Delete