Tuesday, August 2, 2011

යලිත් කිසි දිනක ඔබ මා අතාරින්නෙ නං නෑ රත්තරනේ.......

නුබ මගේ ලගින් හිටියේ
පුංචිම පුංචි කලයි...
ඒ පුංචි කාලයේ,මා හා  ගෙවපු හැම නිමේශයක්ම
මගේ සුන්දර මතක සටහන් කරේ නුබය්
සතුට,දුක,සිනහව,මේ හැමදෙයකම,
zoom කරලා ,focus කරලා
මගේ හිතින් සදා නොමැකෙන්න
ලස්සන සෙනෙහෙබර රුප රාමුවක් කරා,
එත් ඒ අදුරු හැන්දෑවේ
ඔබ මව හැර ගියා
ඔබ ගල් ගැසී නිලංකාර උනා
මට දැනුනු දුක්බර හැගීම්
අපමනි රත්තරනේ
එත්
කිසිදාක මා ඔබව අවිස්වාස කරේ නෑ..
කවද හෝ ඔබ මා හොයා එන බව දැන උන්නා
රත්තරනේ........
ඒ නිසාම,එදා වගේම අදත් අපි දෙන්න සතුටින්
යලිත් ඔබ මගේ අතේ දැවටී ඉන්නවා
යලිත් කිසි දිනක
ඔබ මා අතාරින්නෙ නං නෑ රත්තරනේ...
ඒ උබ මගේම CAM එක නිසා....

3 comments: