ඉඩෝරයේ හමු වුවත්
වතුර බිදු නැති උනත්,
පතොක් පදුරක් සේ
රැකුණු ඒ පතොක් මල,
වතුර වහින්න
අහස කළු කරනකොටම......
පණ නළ රකින්නට රැකගත්
මගේ ජල බිදත් රැගෙන,
මා...... නැතිකර දමා....
යන්න ගියේ ඇය් .....
මා උබට....
ඉඩෝරයට පතොක් ගසක් උන නිසාද?
ජලය ගලාවි විගහට
සතුට දැනේවි ඔබටම
එත්...
මේ පතොක් ගසට කුමක් වේවිද,
සිතුවද ඔබ පතොක් මලේ..
එක මොහොතකට,
ඔබව විකසිත් කරන්නට
මගේ කුසගින්න, මගේ පිපාසය
කොතරම් හඩා වැලපෙන්නට ඇතිද?
නිමේශයකටවත් සිතුනාද ඔබට ...
හොදය්...දිනුම් ඔබ..
දැන්වත් යන්න
මේ නිරුදක කතරින් ඈතට,
මේ පතොක් ගසට නැවතත්
තනිව දළුලා වැඩෙන්නට,
යන්න ඔබ යන්න.......
Pathok gasaka nethi pathok malakata hedak nomethi bawa
ReplyDeleteane a pathok malata therunanan......
:(
ReplyDelete