Wednesday, August 31, 2011

අනේ බන්ටියෝ........යලිත් එනු මැන අපේ ලෝකෙට


අනේ බන්ටියෝ........
කොහේ සැගවී ගියාදෝ උබ
උබේ මතකය දමා අප ලග
තවත් මතකයි සොදුරු කාලය
යලිත් එනු මැන අපේ ලෝකෙට,
එකට සෙල්ලම් පිටියේ හමුවී
එකට ඒ පා පැදියේ එල්ලී
ගිය හැමතැන එකට එක්කවී
සදා මතකය නොයයි සැගවී
ගියත් උබ අප දමා දෙවසර
තවම දොකොපුල කදුළු බිදු ඇත
බැදුණු මතකය උබේ සිනා ලග
කෙලෙස අමතක කරන්නද අප,

4 comments:

  1. බැදුණු මතකය උබේ සිනා ලග
    කෙලෙස අමතක කරන්නද අප..
    කෑ ගගහ පිස්සු කෙලපු හැටි...
    ඒ තුන්දෙනාගෙ පන්තියෙන් දැන් එකෙක් අඩු වෙලා..
    ඒත් තාම හීනයක් වගේ..
    සසර භව සරනා තෙක් ..
    හමුවෙමු අපි මේ ලෙසින්
    බන්ටියේ....

    ReplyDelete
  2. යාලුවො නෑති උනාම මාර දුකයි.මගෙත් පොඩි කාලෙ ඉදන්ම හිටපු යාලුවෙක් නෑති වෙලා අවුරුදු 2ක් වෙනවා.මෑරුන කෙනාට නෙවෙයි දුක එයාගෙ වටේ ඉදන් එයාට ආදරේ කරපු අයට.

    ReplyDelete
  3. අනිවා හිමා ....තමන්ගේ කෙනෙක් නැති උනාම දැනෙනෙන දුක කියල නිම කරන්න බෑ

    ReplyDelete
  4. එකට හිටපු යාලුවෙක් වෙන් වෙනව කියන එක හරිම සංවේදීයි... ඔබේ මිතුරාට නිවන් සුව පතමු...

    ReplyDelete