Sunday, August 28, 2011

පුරගන.......ලොවම දුටුවත් ඇගේ නිරුවත,කිසිත් නොදකියි අගේ හිත දුක,

       
ලොවම දුටුවත් ඇගේ නිරුවත
කිසිත් නොදකියි අගේ හිත දුක,
පාපකර ඒ වනචාරිකම
වැටෙයි ඇය පිට ලොව ඉදිරිපිට,
කොතෙක වැසුවද පවුල් දෙක තුන
ඇසුර ලොල් වූ ගැහැණු ලොව තුල,
අගේ අසරණ කමට ඇය අද
පුරගනක් වී රගයි රැය තුල,
අනේ මිනිසුනි බලන් මේ දෙස
ගැහැනියකුගේ අසරණවූ හිත
එපා අගේ වත මිලට ගන්නට
එයයි ඇය සතු අමිල වස්තුව,
තල්ලු කරනට ඇය එතනටම
එපා අගේ වත කෙලසවන්නට,
එපා  නුබේ පව ඇය
ට දෙන්නට
මෙයයි මිනිසත්කමේ
පාපය.
 

5 comments:

  1. ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ....

    ReplyDelete
  2. පිරිමින්ගේ පාප කන්දට දෝෂ විඳින ළඳුනේ..

    දේව්දාස්...

    ReplyDelete