Saturday, August 20, 2011

ඇවිද යන්නනම් අනන්තය සොයා..මේ වසන්තය පුරා.....

කොයිතරම් කාලයක්
සිටියාද එය එනතුරා

මග බලා.....
දැන්,
ඇවිත් ඒ හෝරාව..
නොදැනිම වාගේ,
ග්‍රීශ්මය නිමවෙලා.... 
සීත කල නිම වෙලා,
හිරු රැසින් වියලිලා..
සීතලෙන් ගුලිවෙලා ..
සිටිය කාලය දැන්,
මිය ගිහින් වාගේ.....  
හැලි ගිය පත්‍රිකා
පරව ගිය පුෂ්පිකා
ඩිංග ඩිංග
පිබිදිලා ....
චුට්ට චුට්ට සුවද විහිදෙනවා,
දැනෙනවා වගේ,
වසන්තයක සේයාව
හැගේයි රහසින් වගේ,
මෙමට දැන් රිසිය අද,
විදවන්නට නොව,
විදින්නට වසන්තය......
ඇවිද යන්නනම් අනන්තය සොයා
මේ  වසන්තය පුරා
එසේනම් .......
වසන්තයි මේ එළබෙන්නේ
 

10 comments:

  1. වසන්තය ලඟ - පිපී පිබිදෙන
    කුසුම් අසිරිය - පෙනේ ඔබ මුව

    කෙල්ලෙක් වත් සෙට් වෙන්න යනවද ....

    ReplyDelete
  2. අපෝ බන් නෑ බෝල
    අපිට මොන කෙල්ලෝද
    දුන්නු දේ කාගෙන
    උන්නු තැන රැකගෙන්
    ඔහේ ගෙවනවා දිවිය ...

    ReplyDelete
  3. මගෙත් වසන්තය තාම උදා වෙලා නෑනේ.:(
    තාම ගිරිස්මේ !!!!
    ලස්සන කවි සිතුවිල්ලක්

    ReplyDelete
  4. @ මදු...:එවි එවි ලගදීම එවි ....තැන්කු....
    @ රත්ගමය: තැන්කු යාලු ...... :)

    ReplyDelete
  5. Uda unu wasanthaya........oba lagama redev....
    Nima unu kadulel.........denethata noav.....
    Negunu hasrel............semada redev......
    Oba lagama obe diriya nibadawama thiyev.....

    ReplyDelete
  6. සහෝවත් මතක් කොරල තියෙන්නේ ඩිංග ඩිංග කියල :)

    ReplyDelete
  7. thankuu chami...
    yaa cheru.... ඩිංග ඩිංග...wadi kalabala hoda nelune....

    ReplyDelete
  8. නියමයි සහෝ...මල් 7යි..

    ReplyDelete