Saturday, August 13, 2011

චුට්ටක් තට්ටු කරලා බලන්න... ඔය හිතට....

ටක් ටක් ටක්...
චුට්ටක් තට්ටු කරලා බලන්න...
ඔය හිතට..
බලන්න හොදට
තියනවද ඒ වටිනා වස්තුව
ඔබේ හිත ලග,
එහෙමත් නැත්තන් ....
කුහක කමද?,වෛරයද?,
ඒ විතරක්ද ....
රුසියාවටත් වඩා ලොකු ඉරිසියවද?,ලෝබකමද?...
තිබෙන්නේ ඔබේ හිත ලග,
කොහේදෝ ඇත්තේ මේ වස්තුව ...
ඇත්නම මේ වස්තු හැම දෙන ලග,
කොතරම් ලස්සන වේවිද මේ ලෝකය
නැවතත තට්ටු කර බලන්න ඔබේ හිතට
තිබෙනවද ඒ වස්තුව ඔබ ලග
නැතිනම් තවමත් එය ඔබ ලග
තවමත් ඔබ ප්‍රමාද නැත අද
දැන් වත් සොයාගන්න ඒ වටිනා 
මනුස්සකම ඔබේ හිතට.....

2 comments: