Sunday, September 30, 2012

ක්‍රීඩාවේ ජවය....

 
 
 
 
 
දාන දාන බෝලෙට අපි ගැහුවට
යවන යවන බෝලෙන් පොලු කැඩුවට
රට වෙනුවෙන් ප්‍රතිවාදී වුවාට
හිත් වල ප්‍රතිවාදී කම් නැත තාම

තරගයකට අපි පිටිය බසින විට
පිල් බෙදිලා ඔල්වරසන් දුන්නට
කාට උනත් කරදයක් උන විටක
මහතුන් ලෙස අපි හැසිරෙමු හැමදාම 
 
පහු ගිය දවසක් නවසීලන්තය සමග පවතී තරගයක් අතරතුර ඇති උන සිද්දියක් මේ කවි පද වලට හේතු උනා.තරගය අතරතුරදී පන්දුවක් වැදී ආබාධයට ලක්වූ නවක ක්‍රීඩක අකිල ධනංජයගෙන් එම සිදුවීම වූ මොහොතේදී බ්‍රෙන්ඩන් මැකල්ම් විසින් සුවදුක් විමසූ ආකාරයයි මේ පින්තුරයේ දක්ක්වෙන්නේ.තවත් විශේෂ කරුණක් වන්නේ එම පන්දුවේදී ඔහු ලකුණක් ලබාගැනීම පවා ප්‍රතික්ෂේප කර මෙලෙස අකිලගේ තත්ත්වය විමසීමයි..ඇත්ත වශයෙන්ම මෙයයි ක්‍රීඩාවේ ජවය,මහත්මා ගුණය.ක්‍රීඩාවේ අවසාන හැමදාමත් මෙය වෙනවනං එහි පරමාර්ථයත් සාර්ථක වේවි

10 comments:

  1. මෙතන ඉන්දියාවේ කෙනෙක් එහෙම හිටියනම්...

    ReplyDelete
    Replies
    1. එහෙනං උ කියනව අපරාදේ ඕක මරුනේ නෙත්තෙ කියල ..කල කන්නි ඉන්දියන් කාරයෝ

      Delete
  2. අද ඊයෙ නෙවෙයි නවසීලන්ත ටීම් එක එදා ඉඳන් මනුස්සකම් වලින් පිරිච්ච ටීම් එකක්.. නියම මහත්මා ගතිගුන තියන ක්‍රීඩකයෝ ඉන්නේ...

    තරඟ තීරණයක් උනත් ( දැවීයාමක් ) ඔවුන්ට ස්තිරවම දැනුනොත් දැවී ගිය බව.. විනිසුරුගේ තීරණය දෙන්නත් පෙර ඔවුන් දැවීයාම පිළිගෙන ඉවතට යන්න තරම් නිහතමානී ජාතියක්..

    ReplyDelete
    Replies
    1. අනිවා ...ක්‍රීඩාවක සුන්දරකම මේක තමයි ...නවසීලන්තය පිට පිට අවුරුදු දෙකක්ම ක්‍රීඩාවේ ජවය හිමි කණ්ඩායමට තේරී පත්වීම ගැන කිසි තර්කයක් නැත්තේ එකයි

      Delete
  3. උත්තමාචාරය!

    ReplyDelete