හසරක් නොදැන
පුංචි අප සිත් වල
බහ තෝරන්නට
ගණින ඉලක්කම්
කුරු ගණනින් කුඩුවේ
හැමදාම ,
කිනම් පවකද ?
දඩුවම් විදිනන්නේ මා
උපන්දා ඉදන්.
කොටුවෙලා අද
අම්මා කල පවට
සිරබත් කනවා මම
වැලිකඩ
මහා උළු ගෙදර යට
මේ
වචන ටික මගේ ඇහැ ගැටුණු තවත් දුක්බර දර්ශනයක් නිසා ලිය උනා..ඒ වැලිකඩ
මොබිටෙල් ප්‍රදාන කාර්යාලයේදී ...එහෙම නැත්තන් මොබිටෙල් MSC එකේදී
..රාජකාරී කටයුත්තකට බොහොම කලාතුරකින් තමයි මීටර් 80 ක් උස මේ කුලුනට
නගින්න අවස්ථාව උදා වෙන්නේ.ඉතින් මේ කුළුණු උඩට ඉතා හොදට වැලිකඩ බන්දනාගාරය
ඇතුල පේනවා.සිර කාරයෝ,සිර කාරියෝ තැන තැන වැඩ...එත් ඒ අතරේ දකින්න ලැබුනේ
හරිම අවාසනවන්ත් දර්ශනයක් ...අවුරුදු 3,4 ළමයින් දෙතුන්
දෙකෙන් බන්දනාගාර භුමියේ රැදවියන් සමග එහා මෙහා අඩිය තියනවා....හ්ම්ම්
පහලට බැහැල තමයි මේ ගැන විස්තර හොයන්න ගත්තේ....වැරදි කරුවන් ඌ
රැදවියන්ගේ ළදරුවනුත් ඒ සිර මැදිරි වල සිටින බව,මවු සෙනෙහස ඕන වයෙසේ දරුවන්
කිහිප දෙනෙකුම සිර කදවුර තුල සිටින බව.අනේ ...ඒ දරුවන්ට කුමන නම්
අනාගතයක්ද...බහ තෝරන්න ඉලක්කන් කියවන්නේ කුඩුවේ කුරු ගණනින්.ඒ චුට්ටෝන්ගේ
අනාගතය කොහොම විසදෙයිද ....හිතා ගන්නවත් බෑ ..ඉතින් මේ සිදුවීම නිසා මෙන්න
මේ වගේ වචන ටිකක් ලිය උනා ..ඔයාලත් මේ ගැන දරන අදහස දැන ගන්න කැමති ..ඒ
අදහස් ඔයාල කියනකන් මම බලන් ඉන්නවා ...ස්තුතියි ..