Thursday, March 22, 2012

දිගන්තය පුරා.....












සිහින බොද වෙලා
පැතුම් ඉගිලිලා
සෝ සුසුම් රැලි පාවෙලා,
කොපුල් තෙමා හල
කදුළු කැට වියලිලා
තවත් ලොවකට
අලුත් නිම්නෙක

නැවුම් අවසානයක
ඉලක්කය මට හිමි වෙලා,
ඉදින් දැන් යමු ඉතින්
අනන්තය සොයා
මේ වසන්තය සිසාරා .
එන්න ඔබ සැමත් මා හා
දුව යන්නට මේ
දිගන්තය පුරා.....

3 comments:

  1. වසන්තයේ දුටු
    අළුත් මාවත
    පිය නගන්නට
    සවිය ලැබේවා
    මල්ලියේ නුඹට..

    ReplyDelete
  2. වසන්තය අත වනා මුකුළු කරනා නිසා
    දිව යන්න එන්නන් අනන්තය සිසාරා
    පුරන්නට පාරමී තව ඉතිරි ඇති නිසා
    හිදින්නම් සවිය වී ඔබේ මිතුරෙකු වෙලා ........ [:)]

    ReplyDelete