Monday, March 19, 2012

හංසි...

ඔහේ නිසලව ඉදන් විලතෙර
දසත මානේ
සොදුරු සිතුවම  
හංසියන් සිටි පිපි කුසුම් ලග
රනින් බැබලෙන සිනිදු තටු සලන
හංසි පැටියෙකු හොරහින්ම
ඇතින් නෙත්කොනින්
දුටුවා බලනු මා නෙතු
සද පිනි වැටෙන
තරු රෑ  යාමයේ
හද ඇගේ හොරහින්ම
කොදුරන වචන පෙළ ගැහුණු
මගේ හිත යායටම
අපුරුම කවි පදයක් වෙලා
ඇසුනා වගේ දැනුනා....

.............................................................................................සැ.යු- අත්දැකීමක් නොවේ .....

12 comments:

  1. හදට ඇසුනු නුඹේ කවි පද
    හංසියේ ඇත අද තව හිත තුල
    සඳ එළිය දුන් රාත්‍රිය
    සඳ අද නුඹ නැතිව අඳුරුයි පෙර ලෙසම

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් අනේ මන්ද?..මොනව උනත් ස්තුතියි යාලු

      Delete
  2. atdakimak aluten + krgnat kale hari neda mallo :)

    ReplyDelete
    Replies
    1. නෑ අක්කා.....එකට හරියන කාලයක් එන එකක් නෑ

      Delete
  3. විල් තෙරක ඈත් කෙලවර
    හිද නෙත ගැටුන
    හංස දෙනෙත නුඹෙ
    හීනයක්ව මේ දෑස් ලග
    නිතර ඇදුනා
    නුඹත් නොදැනම..

    ඔය සැ.යු කෑල්ල දාන්න එපා මලයා.. ඕක ඔහොම දානක එක හෙන භයානකයි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් අය්යා ...මටත් දැන් එක හිතිලා තියෙන්නේ ...

      Delete
  4. හරීම ලස්සනයි මල්ලියෝ.....!!!!!

    නුඹේ සිත් යාය සිසාරා ඇසුණු ඒ අපූරුම කවි පදය සොඳුරුතම ගීතයක් වී සිත නිවාලන තුරු බලා හිඳිනෙමු අපිත්........!!!!
    පතන්නෙමු මුළු හදවතින්...නුඹෙ සුබ සිහිනයන් සැම සැබෑ වන ලෙසින්.....!!!!!

    (සැ.යු : සැ.‍යු යන්න නොසලකා, සැබෑ අත්දැකීමක් ලෙසින්ම දකිමින් පල කරන ලද සිතුවිල්ලකි..)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මගේ අක්කියෝ ....අක්කා හිතපු විදියේ පොඩි අවුලක් තියනවා හැබැයි ...:P

      Delete
  5. හංසි පැටියා ඔබේ
    ලගින් හිද හැමදාම
    දුක් කදුළු පිසදාන
    දිනය ඇතක නොවේ
    වුනොත් වරදක් එහෙම
    සමාවක් දී යන්න
    එතෙක් හංසිය ඔබට
    ආදරෙයි හැමදාම



    සැලකිය යුතයි
    අත්දැකීමක් නොවේ..

    ReplyDelete
    Replies
    1. මේ අදහසට මා අදහස් දැක්වීමෙන් වලකිමි ..:P

      Delete
    2. ඒක ගොඩක් හොදයි සහෝදරයා ..... ;)

      Delete