Wednesday, February 29, 2012

රාගයෙන් මත් වෙලා




















සොදුරු යුවතිය  රැගෙන අතිනත
පිටව යන ඒ සොදුරු රැය තුල
නැගෙන විරාග
සිතුවිලි මඩල තුල
ආදරේ නාමයෙන්
වේලි ඒ ප්‍රේමයෙන් 
විදියි එහි සොදුරු සුව ...
එය නමින්  විරාගය  ....
සොදුරු හැගුමන් ගෙනෙන .....
එත් අද කීමේද මේ
රාගයෙන් වේලිලා
මිනිසුනේ කුණුවෙලා
ගැහැනුනේ වියැකිලා
තහනමින් නිදියන්න
බොහෝ අය හුරු වෙලා
මියනකල් එකට වී
එක්ක අපි වසමු යයි
පොරොන්දුව එකට වී,
එකිනෙකා ඇස වසා
රාගයෙන්  මත් වෙලා
කොහේදෝ ඔබ යන්නේ....
පලක් නෑ කොහේ ගියත්
ප්‍රමාදයි ඔබ මෙදා
ඔබේ දිවි නැවතිලා
අසමත දේ නිසා ........


හ්ම් මේක තමයි නේද අද ඇත්ත තත්වේ ...ඕනෑම කෙනෙක්ට  ආශාවන් කියන දේ හිතේ මතුවෙන එක සොබහවිකයි..එකේ කිසිම ගැටළුවක්  නෑ ...තමන් ආදරේ කරන ඒ තැනැත්තාට  /තැනැත්තියට  ඒ නැගෙන හැගීම් ..එහෙමත් නැත්තන් කියනවනං විරාගී සිතුවි ඒ ඒ අයගේ ආදරය මත ගොඩ නැගෙන උතුම් හැගීම් ..එත් අද බොහෝ අයෙක් එකිනෙකාට හොරැහින් තහනම් යහනේ නිදියන හුරුවෙලා...කොතරම ඇහෙනියක්ද මේ ,,දරුවන් සිටින තාත්තල,දරුවන් සිටින අම්මල  මේ දේවලට පැටලිලා ...අනේ ඒ දරුවන්ට යන කල කොහෙද වත් කියල යන්තමින් වත් හිතුවද .....පිරිමි කම කියන්නේ  රාගයේ දොරකඩ කියල හිතන් ඉන්න මිනිසුනුත් ...විවාහය කියන්නේ ගැහැනුන්ට ලැබෙන International Visa එකක් කියල හිතන් ඉන්න ගැහැනුත් නිසා තමයි ගොඩක්ම මේ තත්වේ උදා වෙලා තියෙන්නේ ...ඒ අය  නිකමටවත් හිතුවද දන්නේ නෑ,අපි මිනිස්සු මිස පාරේ ඉන්න බල්ලන් සහ බැල්ලියන් නොවෙයි කියා... ...මොහොතකට හිතන ..මෙවන් මානවයන් හා පාරේ වසන බල්ලන් අතර වැඩි වෙනසක් නෑ නේද ...ඔයාලත් මගේ අදහසට එකතු නං මේ සිතුවිල්ල මත ගොඩනැගුනේ මේ පද පෙලට තවත් දේවල්එකතු කරන්න ...ඒ හැමදෙයක්ම  ආදරය හොදින් හදුනන නියම මනුස්සයන්ත් ලොකු හය්යක් වේවි .....

11 comments:

  1. එක්කෙනෙක් දෙන්නෙක් ඇරුනම අද හැමෝම එහෙමයි
    රැල්ල ආපුදෙයක් හැමෝම ඒ රැල්ලට අහුවෙලා

    ReplyDelete
    Replies
    1. එක තමයි අද වෙලා තියන ලොකුම විනාසේ ....බහුතරය මේ තත්වෙට පත් වෙලා ඉවරයි

      Delete
  2. හ්ම්...ඇත්ත....
    ගොඩාක් කලකිරෙනව අද ආදරයයි රාගයයි පටලවගෙන ඉන්න සමාජය දැක්කම...:/

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව්...අද ඉන්න උන් ආදරය කියල හිතන්නේ ඔය දේවල් විතරයි ....එත් ආදරය ඊට වැඩ ගොඩක් ගැබුරු දෙයක්

      Delete
  3. ඇත්ත තමයි පව් දරුවො අසරණ වෙනවා එතකොට.මම කොහේදි හරි අහපු කතාවක් මේක.ඉස්කෝලෙ යන වසයෙ පුතා ස්පා එකකට ගිහින්.එයාගෙම අම්මා තමයි එයාව මසාජ් කරන්න සපයපු ගෑනු එක්කෙනා.අම්මට වගේම පුතාටත් මොනව හිතුනද මන්දා එතකොට නම්

    ReplyDelete
    Replies
    1. මේ ලංකාවද කියලත් වෙලාවකට සැක හිතෙන තරමටම අපේ රට කුණු වෙලා

      Delete
  4. pattai bn...... maxxa idea ekak.... We just hv to looking forwrd wtz going on..... We cant chage this mchn..... api hodata hitiyama eka ekawat hadei ne bn..... :)

    ReplyDelete
    Replies
    1. අනිවා මචන් අපේ හිත අපිට SURE නං එච්චරයි

      Delete
  5. අදයි සෑමා මේ පැත්තේ ආවේ.. එල.. ජය පතමි !

    ReplyDelete
    Replies
    1. එල එල සැමා....හැමදාමත් ඇවිත් උබේ අදහස් මේ කියන්න ..සතුතියි ..........

      Delete