Monday, February 6, 2012
පැතු ඒ සොයුරුදම් .....
සොදුරුයි ඒ හැගුම්
සිසිලයි ඒ සවන්.....
අසන්නට පිං කරා
ඒ වදන්,
මිතුදමින් වැයෙන විනා
මියුරුතම වදන් පෙළ මාලා
ඔසුව ඒ දුක නිවන...
ඔබයි සබැදේ නිබද
මිතුදමේ සවිය ගෙන
නගන්නට හසරැල්
දෙකොපුල් පිසා කදුළු කැට
දිරිය වුයේ මෙමට ....
එත් අද කිමද මේ
නිදි කුමරි හැංගිලා
සිතුවිලිත් ගොළු වෙලා
දැනුනේ මේ තරම් මෙය
නැසුවේ මා දුක් කන්ද
නුබලගේ සොයුරුදම....
වැරදිලා නිම්නයක
පැතු ඒ සොයුරුදම්
නැතිවෙලා හොරහින්ම
නොදනෙමි කීමේද ඒ
කවුරුන්ද නිවැරදිම
කවුරුන්ද වැරදි අද ...
එත් හැගුනේ දෙයයි,
බොදවෙලා ඒ බැම්ම..
බිදිනු නම් එය එපා
රැදෙමු අපි එක් වන්ව
දිනන්නට ජීවිතය
එකම සොයුරන් ලෙසට....
Subscribe to:
Post Comments (Atom)
ජීවිතේ සොදුරුම තැන්හිදි
ReplyDeleteසිනා සුන අප
දුක්බර මොහොතෙදිත්
කදුළු බෙදා ගත්තා එකලෙස..
තනිකමින් ගෙවෙන මේ
දිනයන්හි මගේ
විටකදි නැගෙන සිතුවිල්ලක
හදවතට දැනුන මුත් නුඹ දුරක බව
හැරනොයමි මා මේ මිතුදම
දන්නා නිසා
අවැසි බව
මිත්‍රත්වයේ දෑත
අපි අපිට..
aniwaaa yalu....
Deleteහැරනොයමි මා මේ මිතුදම
දන්නා නිසා
අවැසි බව
මිත්‍රත්වයේ දෑත
අපි අපිට....
nice yaar
ReplyDeletethank you yaluu
Deleteනියමයි අයියා! :))))
ReplyDeleteස්තුතියි මල්ලියා ......
Deleteලස්සනයි මල්ලියෝ පද පෙළ.....:):)
ReplyDeleteපැතූවත් සොයුරු දම එහි අරුත දැනුනේ නුඹටම පමණක් නම්.....
පලක් නෑ දුක් වී...තවත් නම්.....
වැටහුණු දිනෙක ඒ අව්‍යාජ වූ නුඹේ සොඳුරු මිතුදම....ඒවි නිසැකවම නුඹ දමා ගිය ඒ අනගි මිතුරු තෙම....
එතුවක් සැනසියන්....නුඹ සමඟ දුක සතුට නිබඳව බෙද ගනු රිසි එක්ව හිදිනා නුඹේම සොයුරු සොයුරියන් කැල හා පෙර සේ සතුටින්ම....!!!!!!!!!...