Monday, February 20, 2012

බලාන ඉන්නනෙමි .....











නිහඩව නිසලව
බංකුව උඩ හිද
බලාන ඉන්නනෙමි
ඔබ එනතුරු අද,
සෙනගත් නැත අද
පාලුයි හැමතැන
ඔබ යලි එයිදෝ
සැගවී යයිදෝ .....
ඔබ නැති අඩුබව
හොදට දැනෙයි අද
ඉවසන් ඉන්නම්
ඔබ යලි එනතුරු
මේ බංකුව උඩ
දුක් දෙයි අද මට
එන්න යලිත් ඔබ
සමුද්ද්‍ර දේවිය

දුම්රිය පොළ ලග
බලා ඉදිමි මම ...

11 comments:

  1. මේක දැක්කම මට වෙන “කවියෙක්“ මතක්වුනා...

    ඇත්තටම ලස්සනයි......

    ReplyDelete
    Replies
    1. බොහොම සතුතියි නිසු ,,,,,,කවුද ඒ කවියා

      Delete
  2. ලංකාවේ කෝච්චි හැමදාම පරක්කුයිනේ මලයා.. තව ටිකක් බලන් ඉන්න..

    ReplyDelete
    Replies
    1. හැබැයි දිනේෂ් අයියේ...අර ස්ටේෂන් වලට ටීවී දාපු දවස්වල ඉඳල ගොඩක් කට්ටිය කියන්නෙම කොච්චිය වෙලාවට එනව කියලනෙ......විශේෂයෙක් කස්ටිය මැච් එක එහෙම බලනකොට....

      Delete
    2. හ්ම්ම් මොනවා කරන්නද ...කෙච්චිය නැතුව මුකුත් කරන්න බැනේ..ඒ නිසා බලාගෙන ඉන්නවා ...
      @ නිසු ...හේ හේ එකනං හරියටම හරි යාලු ..එකත් ...මැච් එකේ හොදම හරියේදී තමයි කෝච්චිය එන්නේ

      Delete
  3. බලාගෙන ඉන්න එපා සහෝදරයා...ලංකාවේ කෝච්චිනම් පරක්කුවෙලා හරි එනවා..ඒත් කෙල්ලො එහෙම පරක්කුවෙලාවත් එන්නේ නෑ..කොහොමවුනත් පදටික ලස්සනයි

    ReplyDelete
    Replies
    1. තැන්කු යාලු ..හ්ම්ම් අනේ මන්ද ..කොච්චි නං පරක්කු වෙලා අවත යන්න පුළුවන්... එත් කෙල්ලෝ පරක්කු වෙලා අවොත් යන්නත් බෑ නේද ?.......

      Delete
  4. පීලී පැටලුනු කල
    නොහැකිය දුම්රියට
    සොයනු ස්ටේෂම

    නුඹ වෙනතක
    පැටලුණු කල
    අමතකය මා
    තවම මඟ බව

    ReplyDelete
    Replies
    1. වෙනත ගිහින්
      පැටලෙන්නට මම
      උබ මා පැටලු තැන
      ලිහනු බැරිය මට ....

      Delete
  5. හ්ම්ම් බලන් ඉන්න.. එන කෙනෙක් නම් අනිවා ඒවි

    ReplyDelete