Tuesday, February 14, 2012

ස්නේහයෙන් සුලලිත හැගුම්

ඊයේ හවස ඉදන් ලියන්නට දෙයක් හිතමින් ඔහේ කල්පනා කරමින් සිටිය වෙලාවක හරිම ලස්සන අදහසක් මට අහම්බෙන් වගේ ලැබුණා, හ්ම්ම් ඇත්තමයි ....එක හරිම හැගීම් බර දෙයක්... ඇය  බ්ලොග් අවකාශයේ මගේ රසිකාවියක් කිව්වොත් හරි,ඇය එක්ක ඊයේ හවස මුණු පොතේ කොටමින් ඉන්නකොට මෙහෙම වදන් පෙළක් අයගේ චැට් බෝක්ස්  එකේ මම දුටුවා  කිව්වේ.."මල්ලා මට අද ටිකක් දුකයි ...මම මැරී කරලා අවුරුදු 13 ක් වෙනවා ...එත් වැලන්ටයින් ඩේ එකට  අයිය ලග නැතුව ඉන්න පලවෙනි වතාව මේ..ආදරේ එක දවසකට  සිමා නොවුනත්  ඒ දේ, අයිය ලග නැති අඩුව,තදින්ම දැනෙනනවා මල්ලි.........,චුට්ටක් ඉන්න මල්ලි,බබා අඩනවා මම ඉක්ක්මනට එන්නන්".........ඒ අනුව තමයි මේ පද පේලිය මට ලිය උනේ ...සැතපුම් දහස් ගානක් දුර හිටියත් ඒ ආදරේ එහෙන්මමයි ,තමන්ව ,තමන්ගේ චුට්ටව පෝෂණය කරන්න රැකියාවට සදහා ඒ සහෝදරයට ලෝකේ එහා කොනට යන්න උනත් හිතට ඒ හැගීම් තදින්ම දැනෙනනවා ....ඉතින් ඒ පුංචි කැදැල්ල වෙනුවෙනුයි මේ ......
 ආදරය
දෝතින් බදා පුදා මා පාමුල
ස්නේහයෙන් සුලලිත හැගුම්
තවරා මා හද පතුලට
සදාකල් ඔබ මගේම වෙලා
දහතුන් වසක් පුරාවට
උන්නත් නුබ මගේ ලග,
පෙමින් සමරන
දිනයේ අද ලොව
එත් නුබ නෑ ලගින් අද දින,
දුරින් සැතපුම් දහස් බෝ දුර
දුකයි අද මට සොදුරු යහනට
නුබේ උණුසුම් සුවය නැති විට ...
දුන්නු නුබ මට පෙමේ සලකුණ
තවම සුරැකිව නිදයි මා ලග...
එන්න හනිකට ගෙවා බොදුර
දුවයි අම්මයි බලයි පෙර මග ....

9 comments:

  1. දවස් දෙකකට විතර කලින් මේපැත්තට ආවේ....අද ඉඳල හැමදාම එන්නම්....

    ගොඩක් හැඟීම්බර ලස්සන නිර්මාණයක්....

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතිය් යාලු ....හැමදාමත් ඔයාල මගේ ප්‍රාන්තයේ සැරිසරලා,හොද නරක කිව්වම මට එක ලොකු හයියක් ...ඒ වගේම මම ලියන දේවලට මේ වගේම ඔයාලගේ අදහස තියල යන්නත් අමතක කරන්න එපා ..... :)

      Delete
  2. hmm anunge dukata unuwena hadawath bohoma adui Shayan ayya.e adu histhana purawanna ape hadawath ekkaramu.lassanai tawa liyanna.

    ReplyDelete
    Replies
    1. තැන්කු නිරෝෂා නංගියෝ ......අනිවා ..අපි හැමෝම හැගීම තියන මිනිස්සු .ඉතින් අපිට තව කෙනෙක්ගේ සිතුවිල්ලක් දැනෙන තරමට නිරහංකාර විදියට හිතෙන කොට ඒ දේවල් දැනෙන්නාව .... එකයි මේවගේ දෙයක් ලියවෙන්න හේතුව ....

      Delete
    2. අහා......නංගි තව දෙයක්,මම ශයාන් නෙවෙයි one n only ශයංග ..... :D

      Delete
  3. ලස්සනයි.. මේ වගේ හැගීමකට තමයි නියම වැලන්ටයින් කියන්නේ.. මේ වගේ ආදරයට එක දවසක් විතරක් සීමා නෑ..

    ReplyDelete
    Replies
    1. අනිවා ....මේ වගේ හැගීමකට තමයි නියම වැලන්ටයින් කියන්නේ..... එහෙම නැත්තන් එක දවසක් විතරක් වෙන් කරන පෙන්නන බොරු ආදරේ නෙවෙයි ..ස්තුතියි යාලු

      Delete
  4. ගොඩාක් දුක හිතුනා :(

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මේක හරිම සංවේදී දෙයක් ..ඒ සංවේදී කම තමයි මේ වගේ දෙයක් ලියවෙන්න හේතු උනේ....

      Delete