Sunday, February 12, 2012

කොත්තුව.....

දමා පදමට
කපා පොඩියට
පරණ එළවලු
කැලි කැලි පොඩිකර ..,
ගසා බිත්තර
දෙකක් එය මත
ගසයි තාලෙට
ටකට ටක ටක ....
ඊයේ  පරණම
ඉතුරු හොදි ටික
සමග කලවම්
කරයි රස ගෙන ,...
මස් ද මාළුද
ඕන මොනවද ?
සුපිරි සුවදට
ලැබෙයි  මේසෙට ..
දුටුව සැනෙකින්
උරණ කෙල ටික
ගිලෙනු මතෙන්
ගිලියි අප එය,
රසම රස බර
උනත් කන විට
දුක දැනෙන්නේ
උදේ පසු දින .....
රසට කෑවට
ගුණක් නැති බව
දැන දැනම අපි
කනවා කොත්තුව ....

12 comments:

  1. :D :D මම නම් කොත්තු වලට ආසම නෑ.. පිටි ගුලිනෙ... :P

    ReplyDelete
    Replies
    1. අම්මෝ ...පුදුමෙනුත් පුදුමයි :P ..ඔහොම කෙනෙක් කියන්නේ ගොඩ... කලාතුරකින් ,මොනවා උනත් එක හොදයි .... :D :)

      Delete
  2. කෙත්තුවට දෙන්න හිතෙනවා තොත්තුවක්...........

    ReplyDelete
    Replies
    1. දෙන්න දෙන්න...... තොත්තු දීල කන්නකෝ

      රසම රස බර
      උනත් කන විට
      දුක දැනෙන්නේ
      උදේ පසු දින .....

      Delete
  3. යකෝ අප්පිරිය කරන්න එපා.. :ඩී

    ReplyDelete
    Replies
    1. උබලට මේවා දැන දැන කනකොට අප්පිරිය නැ ..කියනකොට තමයි අප්පිරිය... :P

      Delete
  4. ජාතික ආහාරයට සිදු කල නිගරුවට පෙළ ගැසෙමු

    ReplyDelete
    Replies
    1. හේ හේ....ගැත්තාට සමාවන්න ....මා මුසාවක් පැවසුවේ නැත ස්වාමිනි .......

      Delete
  5. එහෙම කියන්න එපා මලයා.. අපේ ප්‍රියතම ආහරේ ඕකනේ.. හදන විදිහ කොහොම උනත්..

    ReplyDelete
    Replies
    1. මමත් ඉතින් ඔහොම කීවට මගෙත් ජාතික ආහාරය ඕක තමයි අය්යා....එකේනේ මම ඕක ගැන ඔච්චර දන්නේ ....: පි

      Delete
  6. ශයංග අයියට පිස්සු හොඳටම.....
    කාල කොත්තුව නටයි දිගටම
    තකට තක තක......තකට තක තක...... hi heee ...:D :D

    ReplyDelete