Sunday, January 29, 2012

මගෙන් ඔබට අර්ධ ශතකයක් .... 5000+ Views


සතුටින් අද ,ගොඩක් සතුටින්....මේ ලිය වෙන්නේ මගේ ප්‍රාන්තයේ  කුරුටු ගැවෙන වෙන 50 වෙනි පැබැදුමයි.... මුණු පොතේ මටම කියල වෙන් උන පුංචි පිටුවට මගේ පැනට ලිය උන පුංචි පුංචි කවි පද පේලි දැක්ක මගේ ම සහෝදරයෙක් වගේ ඉන්න අසංක අයියගෙයි ..බොක්කේ ෆිට් එකක් උන චමින්දිග්යි ඉල්ලීමට පටන් ගත්ත මේ මේ බ්ලොග් එකේ 50 වෙනි පොස්ට්  එක මම  මේ විදියට දාන්න හිතුවා...මීට මස 6 කට  කලින් පටන් ගත්ත මගේ  බ්ලොග් කෙරුවාව දුකින් පිරුණු  මගේ හිතට සතුට කියන හැගීම දනවන්නට පුළුවන් තරමටම මහා පුදුමාකාර බැදීම් ගොඩක් මට ඉතිරි කරලා ඉවරයි ...2011 අගෝස්තු පළවෙනිදා ලිය උන මගෙන් ඔබට කියන මගේ පළමු පොස්ට් එකේදී වගේම අදත් අසංක අය්යාවයි ,චමින්දිවයි ආදරෙන් මතක් කරනවා...
හිතේ තෙරපුණ දහසකුත් දුක් කදුළු තීන්ත නැති පැනකට තීන්ත එකතුකළ විට  සිතාගත නොහැකි සිතුවම් කොලෙකට සිත්තම් උනා..මහා ජලකදක්  හිරකරන් ඉදල සොරොව්වෙන් වතුර මුදා හරිනවා වගේ,ඒ මේ බ්ලොග් එක නිසා මගේ සිතේ තද උනා සිතුවිලි ඔක්කම කවි පද වැල් විදියට එලියට
ගල ගියා...ඒ වගේම තමයි ...හීනෙන් වත් කවියක් පද බදින්න බැරි උන මගේ හිතට කොහෙන්දෝ සිතුවිලි ගලාගෙන  අවා ...මේ වෙලාවේ මතක් කරන්න ඕනේ...මගේ ගුරුතුමිය ඇයයි...කවියක්, නිසදැසක රසය මුලින්ම මම  වින්දේ ඇය ගෙතු කවි වලින්...ඒ කවි අතී විශිෂ්ටයි  ...එත් අවසානයේ කුමක් නැති  උනත් ඇයගෙන් මා ලග ඉතිරි උන එකම දේ කවිකාර කම  විතරක් උනා....ඒ දේට මම ඇයට හිස නමල ආචාර කරනවා....

ඒ වගේම තමයි  මේ මස 6 කට  අසන්න කාලයක් පුරාවට, මගේ ප්‍රාන්තයේ ඇවිද ගිය 5000 කට  අදික රසික රසිකාවියනුත් මම මේ වෙලාවේ ආදරේන  මතක් කරනවා...ඒ අය අතරෙන් මගේ පබැදුම් රස විදලා,දැන අදුනගෙන් ,මට සමීප උන  සමීපතමයන් ගොඩාක් අද මට ඉන්නවා.ඇත්තම කියනවා නං  අද මගේ මුවේ නැගෙන සිනා රැල වල නියම අය්තිකාරයෝ වෙන්නේ ඔවුන් ..මේ පද පේලි නිසා කවදාවත් නොසිතු ලෙසේ මිතුරු මිතුරියන් කැලක් මගේ වටේ රොක් උනා,ලංකාවේ විතරක් නෙවෙයි ,ලෝකේ පුරාම..දැන් නං ඔන්න එකෙක් ලංකාට ඇවිත් මාව කන්න හදනවා..ලියන ටොපික් වෙනස් කරන්න කියල  :P..පහුගිය දවස් වල මගේ කවි පද දෙක තුනක්ම වෙන අයගේ නම් වලින් මුණු පොතේ පිටු පුරා මම දැක්ක,එක දැකපු සමහර අය මට කිව්වා..ඒ අයටත් ගොඩක් ස්තුති...එහෙම දැක්කම ටිකක් දුකයි ,එත් මම තරහ නෑ ...මේ හැම දෙයක්ම අපේ රස වින්දනය විතරමයි  ලිය වෙන්නේ...ඒ නිසා මම හිතනවා මම සාර්ථකයි කියල...
 

මොනවා, කොහොම උනත් මේ බ්ලොග් එක මගේ ජිවිතේ හැරුම් ලක්ෂයක් වෙලා.කවදාවත් නොහිතපු බැදීම,සහෝදරකම මට ඇති වෙලා,හිතා ගන්නවත් බැරි විදියට.අද මම මේ අගල් 15 ට  මුණ ඔබන්නේ ගේම් ගහන්නවත් FB යන්න වත් barnbuddy  ගහන්න වත් නෙවෙයි ,බ්ලොග් අවකාශයේ සොදුරු තැන හොයාගෙන යන්නයි.
එහෙනම් මස 6 ක් පුරා  ශයංගගේ ප්‍රාන්තයේ සැරි සරපු 5000 කට අදික මිතුරු කෑලට
ත් ,මගේ සිතුවිලි කන්දරාව  බ්ලොග් අවකෂට මුදා හරින්න උදවු වුන හැමෝටමත් බොහොමත්ම ස්තුතිය් කියන්න කැමතියි.ඒ වගේම මින් ඉදිරියටත් ඔබේ රස වින්දනයට මගේ පෑන  වැඩකරන තුරාවට,පුංචි පුංචි කවි පද පේලි ඔයාල  වෙනුවෙන් ශයංගගේ ප්‍රාන්තයේ සිතුවම් වේවි ,ඒ වගේම මම ලියන දේවල  ඔයාලට දැනෙන්න අදහස්,හොද නරක හැම එකක්ම මට කියවී කියල බලාපොරොත්තු වෙනවා,එහෙනං අදට ගිහින් එන්න ..ඔය ඔක්කොටම ගොඩක් ස්තුතිය්..

25 comments:

  1. ජය වේවා,.. දිගටම ලියමු.. :D

    ReplyDelete
    Replies
    1. මේකට ස්තුතිය් කියන්න බෑ....ගොඩක් පිං කියල කියන්නන්

      Delete
  2. නියමයි...මල්ලී.....!!!!
    තවත් චිරාත් කාලයක් බ්ලොග් අවකාශය පුරා රැඳී හිඳිමින් අපි හැමෝගෙම සිත් සුවපත් කරන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!!!!!
    සුබ පැතුම් ඔයාට...!!!!!

    ReplyDelete
    Replies
    1. ඒ ප්‍රාර්ථනාව ඒ විදියට දකින්න ලැබේවි මගේ අක්කේ ...ඔයාල තමයි මගේ හිනාවේ අයිති කාරයෝ...ගොඩාක් පිං ඔයාට අක්කේ

      Delete
  3. සුභ පැතුම් මල්ලියේ.. දිගටම ලියමු.. ජය!!

    ReplyDelete
  4. දම්සෝ කොලුවෙක් වෙලත් අයියගේ බ්ලොගියට ආවේ අද....කැතයිනේ..මොනාවුනත් ජය වේවා

    ReplyDelete
    Replies
    1. අහ... අවුලක් නෑ මල්ලියා ...මොනවා උනත් දම්සෝ කොල්ලෝ කෙහෙ කවද උනත් එකට සෙට් වෙනවා ....බොහොමත් ස්තුතිය් මල්ලියේ

      Delete
  5. හෑ ශයංග අයියේ අර්ධ ශතකෙ කියන්නෙ 5000ටද? :P :P :P ඔන්න මගෙනුත් උනුසුම් සුබ පැතුම්.. 5000 අගට තව බිංදුවක් ඉක්මනට එකතු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ බොලව් ..මගේ 50 වෙනි post එක මේක ...මොනවා උනත් thankuuu මල්ලියෝ ...ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙයි කියල මමත් හිතනවා...මොකද ඔයාලගේ රසවින්දනය මගේ සතුට නිසා

      Delete
  6. මොකද මන්ද බං, මට මේක කියවද්දි ඇස් දෙකට කඳුළු ආවා!
    දිගු ගමනකට දිගාසිරි!

    ReplyDelete
    Replies
    1. ගොඩක් පිං ,,,,ගොඩක් ස්තුතිය්...ඔයා තමයි මගේ බ්ලොග් අවකාශයේ ගුරුවරයා ..ඒ වගේම තවත් බොහෝ දේ ජිවිතේට එකතු කරපු ලගම සහෝදරයා ....හැමදාමත් ඒ හැගීම එහෙම්මම තියේවි අය්යේ ... ඔයාටත් එසේම පතනවා ...

      Delete
  7. ජය පතමි. මගේ පනහ ගහද්දි දැනුන සතුට, දැනුනෙ මට. ඒ වගේම ඔබටත් අද දැනෙනව ඇති. !

    ReplyDelete
    Replies
    1. //අද මම මේ අගල් 15 ට මුණ ඔබන්නේ ගේම් ගහන්නවත් FB යන්න වත් barnbuddy ගහන්න වත් නෙවෙයි ,බ්ලොග් අවකාශයේ සොදුරු තැන හොයාගෙන යන්නයි.//

      සෑම්ටත් පොදුයි.. දැන් චැට් අඩුයි ;)

      Delete
  8. අනිවා අනිවා .....ඒ සතුටම තමයි ...සමහර විට එටත් වැඩ වෙන්නත් පුළුවන් .. තැන්කු ඔයාටත් ...

    ReplyDelete
  9. මට ගොඩක් ගොඩක් ආඩම්බරය් ඔයා ගැන. ඒ වගේම මන් හදවතින්ම ඔයාට සුබපතනවා සහෝ.....

    ReplyDelete
    Replies
    1. .ගොඩක් හොද යාලුවෙක් ඔයා .... ඒ හැම දෙකටම ගොඩක් පිං

      Delete
  10. සුබ පැතුම් ! තව ලියන්න අපි කියවන්නම්

    ……මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
  11. ජයවේවා... 100 ,200,300 ලියන්න දිරිය ලැබේවා...

    ReplyDelete
  12. දිගටම ලියන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා!!!

    ReplyDelete
  13. මගේ සදා ආචාරය... අපි ඉන්නවා ඔන දෙයකට දිගටම ලියන්න

    ReplyDelete
  14. එක තමයි මගෙත් හයිය ...ගොඩක් ස්තුතියි

    ReplyDelete