බිදු කදුලක්
ඇස අගින්
රූටන කොට ඔබේ
හැගුමන් අනන්තයි
හදවත සසලයි ඔබේ
සිතන්න
රුදිරයෙන් බිදක්
නොමැතිව වැටෙන කදුලක්
කොතරම්
අසරණ හැගුම් දනවයිද?
. . . . . . . . . .
. . . . . .
. . .
එන්න
මොහොතකට අපවෙත
දෙන්න ඔබේ ලේ බිදක්
සිදිනු හදවතකට
මල්වර පැතුමක්
එක්ක කරන්න..
ආත්මයක් පාසා
ඒ පින් සිතුවිල්ලෙන්
බිදක් සතුටු වන්න
මියැදෙන්න පන අදින කෙනෙක්ට ලේ බිදක් කියන්නේ ජිවිතයක් තරම් වටිනා
දෙයක්.ඉතින් ඒ ජීවතයක් වටිනා තරන් දෙයක් අපිට දන් දෙන්න පුළුවන්නන්...ඒ
පිනම ඇති අපිට සසර පුරාවටම සතුටින් ජිවත් වෙන්න.හ්ම්ම් ධර්මාශෝක විද්‍යාලීය
සියවස් සමරුව වෙනුවෙන් හෙට,ඒ කියන්නේ නොවැම්බර් 3 වෙනිදා ලේ දන් දීමේ
වැඩසටහනක් පවත් වෙනවා.පුළුවන් අය ඇවිත් ඒ පින ඔයාල සතු කරගන්න.ඒ උතුම් පින්
කම ගැන මගේ හිතේ ඇතිඋන වචනටික මේ විදියට ගැලපුව.එහෙනං ආදී ශිශ්‍ය නායකයින්
සංවිදානය කරන මේ කටයුත්ටට ඔයාල එනකන් අපි බලන් ඉන්නවා....ස්තුතියි