Wednesday, October 10, 2012

ගෑනු ළමයි එකසිය තිස් අට වැනිය



















අහංකාර ඔය ගති
ඇස කොනින්  හොරැහින්
බලන බැල්මන්
පෙන්නන ආඩම්ර කමින්
ඇදිල යනවා තවත්
මගේ හිත නුබටම
අසන්නම් තවත් වරක්
තුන් වෙනි වරටත්
එත් නුබ උස්සයි නම් ගන්න
අපිනන් දන්නේ නෑ ඉතින්
අර කවුද කිව්වා වගේ
"ගෑනු ළමයි එකසිය තිස් අට වැනිය,
එකක් වැරදුනොත් අනිකේ යා හැකිය",
කියල කරන්නේ
යකෝ පස්සෙන් යනවා කියල
ඔහොම බාල්දු වෙන්නේ නං නෑ
යනවා නං පල කියන එක විතරයි ..:P :P


මේක දැක්කම ගනු දැරිවියෝ මත එක්ක ඔරොප්පු වේවිද මන්ද.එත් ඉතින් මනුස්ස කමින් හිතන්න ඕනේ නේද? කොල්ලෙක් දෙතුන් පාරක් පස්සෙන් ඇවිත් ආදරේ ඉල්ලනකොට,තමන් කැමති වෙලත් ගණන් උස්සන එක කැතයි නේද?.පුංචි අදහසක් විතරයි හොදේ...තලා වෙන්න එපා.අපි නං ඉතින් ඕවට නැනේ.ඒ නිසා එකසිය තිස් අටේ ගියත් එකයි,එකසිය විස්සේ ගියත් එකයි.පයින් ගියත් එකයි කියල ජොලියේ පයිම්ම යනවා.කරදර අඩුයි අතටත් වාසියි ඇගටත් හොදයිනේ....:P

17 comments:

  1. ඒත් අයියේ ගෙදර යන්න පුළුවන් එක බස් එකක විතරයි..;) එහෙම කතාවකුත් තියෙනවා නේ..
    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. නංගිය මාත් එක්ක ඔරොප්පු වෙලාද මන්දා..අනිවා ..යනවනං ගෙදර එක බස් එකක විතරයි යන්නේ.එත් ඉතින් මේ තියන තත්වේ හැටියට
      එකසිය තිස් අටේ ගියත් එකයි,එකසිය විස්සේ ගියත් එකයි.පයින් ගියත් එකයි කියල ජොලියේ පයිම්ම යනවා.කරදර අඩුයි අතටත් වාසියි ඇගටත් හොදයිනේ....:P

      Delete
    2. කිරි අප්පේ..මන් මොකටද ඔරොප්පු වෙන්නේ.. හික්ස්.. තිත් දෙකයි පී ඈ..

      Delete
  2. hik hik....ගෑනු ළමයි 138 වගෙ කියලා ඔබතුමා ඔහොම කියනවා ඇහිල හෙට ඉඳන් 138 බස් strike කලෝතින් පලයන් පුතේ පයින් කොටුවටම.....:P :P

    එතකොට දැනේවි උඹට 138 අගේ....:D :D

    ReplyDelete
    Replies
    1. ඔහොම බාල්දු වෙන්නේ නැතුව පයින් යන එක කොච්චර හොදද අක්කේ..අපිට නන 138 තිබුනත් එකයි නැති උනත් එකයි.සැමදා අපි පයින් තමයි යන්නේ ...:P :P

      Delete
    2. හාකො හාකො...උඹට පුළුවන් නම් මයෙ මොකො...පයින්ම යමංකො..:D

      Delete
  3. අනේ ඔන්න ඔහේ ඕනි එකක් :ඩී

    ReplyDelete
  4. අපෝ මම 138 ගැන වගේම ගෑණු ළමයි ගැනත් හොඳට දන්නවා මිත්‍රයා..හොඳ නිර්මාණයක් සහ හොඳ උපමාවක්

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු .....හේ හේ හොදට එක්ස්පිරීයංස් තියනවා වගේ ජනාට :P :P

      Delete
  5. මොනා වුනත් සිරා කතාව මචො... :D

    ReplyDelete
  6. එතකොට පස්සෙන් එනකොට කැමති නැත්තම්?? කියන්න පුළුවන් හැම විදියෙන්ම ක්කියල දීලත් අහන්නේ නැත්තම් ?? එතකොට ...
    ජය වේවා!!
    සිනා බො වේවා!!

    ReplyDelete
    Replies
    1. එතකොට ඉතින් පයින් පලයන් කියලා අහක බලාගෙන යන්න තමා වෙන්නේ.. :) නැද්ද මන් කියන්නේ..

      Delete
    2. පිරිමි ළමයි පාරේ ඉන්න ත්‍රිවිල්ය
      කොච්චර එපා කිව්වා උන් එනවය

      Delete