Thursday, January 12, 2012

රුවල් යාත්‍රා...

මෙය තවත්
තොටුපලකි ඔබට
සිතන්න දැන් නුබ
තවත් දුර නොසැලී පාවෙන්නට 
ඉවුරු තලා සිසාරා ...
සත් සයුර පරදා....
සැඩ සුලන් පැමිණේවි
කුණාටු පැමිණිවි
රල බිදී විසිරේවි
එත් .........
නොසැලෙන්න
ඔබ,
සිටින්නම් අප සබද
යාත්‍රාවේ රුවලසේ...
නුබ ලගින්ම හැමදාම, 
ලොවක් සිසාරා
උවද..
සැමදා ඉදිරියෙන් ඉදිරියටම
නුබව ......
යාත්‍රා කරවන්නන්ට ....

8 comments:

  1. හැමෝම යාලුවෝ ඔය වගේ නම් කොච්චර හොදද??

    ReplyDelete
  2. සැබෑ මිතුරෝ කියන්නේ මේ වගේ අයට...

    ReplyDelete
  3. කියන්න වචන නෑ අයියේ,.. මන්දා.. ඔය දෙන්නා මට මගේම සහොදරයෝ වගේ,. හැම දුකකදිම මම වෙනුවෙන් හිටිය ඔය දෙන්නට කොහොම ස්තූති කරන්නද මන්දා,. ස්තූති කරන්නේ පිට අයටලුනේ,. ඒ නිසා කියන්නම් මෙහෙම, මම වෙනුවෙන් හැමදාමත් ඉන්න මගේ අයියටයි අක්කටයි මම ගොඩාක් ආදරෙයි,. මේ සහෝදර බැම්ම කවදාවත්ම බිඳෙන එකක් නෑ,..

    ReplyDelete
  4. හ්ම්ම් එහෙම තමයි හැමදාමත් .....ඕනෑම දෙයකදී ඉන්නවා අපි ... එක තමයි නියම බැදීම

    ReplyDelete
  5. මෙහෙම යලුවො ඉන්නවා කියන්නෙ වාසනාවන්තයි ඒ කෙනා..:) ලස්සනයි

    ReplyDelete
  6. ලස්සන කවියක්..අදමයි ඉස්සෙල්ලා මේ පැත්තේ ආවේ...

    ReplyDelete
  7. බොහොමත්ම ස්තුතිය් ..... හ්ම්ම් එහෙනං හැමදාමත් ඇවිත් බලන්නකෝ .... සිතට දැනෙන ගොඩක් දේවල් ඉස්සරහටත් මේකේ තියෙන්න පුළුවන් ... :)

    ReplyDelete
  8. ලස්සන කවි සිතුවිල්ලක්.
    ඇත්තටම මෙහෙම අය හොයාගන්න පුලුවන් නම්...

    ReplyDelete