Sunday, January 8, 2012

කෙටියෙන්ම කියනවා නං මේක පට්ට දවසක් ඕයි....

2012/01/07..හ්ම් කෙටියෙන්ම කියනවා නං පට්ට දවසක් ඕයි.........හැමදාමත් පරිගණකයේ තිරය ඇතුලේ හිරවෙලා සෙල්ලන්  දාන ගොඩක් අය ගාල්ල  රූමස්සල වෙරළේදී සෙට් උනලු,අර කුණු ඇල උඩින් යන පාලම උඩ සෙට් උන අපි දහ දොළොස් දෙනෙක් එතනදීම දැන අදුන ගෙන අනිත් අය එනකන් මග බලාගෙන හිටියලු....ඔය අතර තමා අර හිම හන්සිද කවුද කියන කෙනාට ලෝකේ තියන ලොකුම ගින්දර හැදුනේ....එට පස්සේ සමනල උයනට ගිහින් අපි දෙතුන් දෙනෙක් උදේට කියල බඩ පුරවාගෙන ආපුහු අනිත් අයට සෙට් උනානේ (හන්සිගේ තනියට ගියා මිස අපිට නං එහෙම ගින්නක් තිබුනේ නෑ හොදේ ...)


කොහොමෙන් කොහොමෙන් හරි ටික ටික කට්ටිය එකතු කරන් අපි රූමස්සල වෙරළට ගිය කියමුකෝ....ගිහින් අපි අපිව හදුන්නල දීල තමන්ගේ බ්ලොග් පිටුව ගැනත් කිව්වලු,ඔය අතරේ තමයි මෙච්චර කල් හැංගිලා අරුඩ  නම් වලින් ලස්සන සංකල්පන ගෙනාපු ගොඩක් අයගේ වෙසමුණු ගැල උනේ...ඊට පස්සේ ඔන්න ඔහේ කාටද කවුද වදිනවා කියලත් ආරංචියක් ආවලු...කොහොමෙන් කොහොමෙන් හරි ඔහොම සෙට් උන අපි එකිනෙකා හදුනා ගෙන කතා බහ කරලා සින්දුවක් දෙකක් කියල කාලය ගතකරාලු.....


අනේ මන්ද ..12 වෙන්න උනේ නෑ ...එක්කෙනෙක් කියපි...මට බඩ ගිනි කියල...මට හරියට මතක නෑ  කවුද කියල (ඔයාලට මතකනන් කියන්න හොදේ )..
.


ඊට පස්සේ තවත් කට්ටියක් අපිට සෙට් වෙනකන් අපි බලාගෙන හිටියේ නොදැකපු නොහදුනන් බොහෝදෙනෙක් අදුන ගන්නයි  ....සවස 2 විතර වෙනකොට එයලත් ට්‍රය් කරලා ට්‍රය් කරල් අවට පස්සේ බොහොම සතුටින් ඒ අයත් දැන අදුන ගෙන කතා කරේ එකම පවුලේ අය වගේ...හවස් වරුවේත් හරිම සතුටින් ගෙවුණු අපි අපේ ඊලග වැඩසටහන් ගැන  කතා කරලා ඔක්කොගෙම පින්තුරයකුත් ගැහුවලු ...


..... හ්ම්ම්ම් දැන් තමයි හොදම ටික ...මෙන්න මේවා මෙහෙම උනෙත් නෑලු


හිම හාන්සි මුළු දවසටම කෑවේ බිස්කට් දෙකක් විතරයිලු එයට බඩගිනි හැදෙන්නෙම නැතිලු ...එය පැයෙන පයට කන්නන හොයන්නෙත් නැතිලු  ....
චතු  මිතු අක්ක එදා ඇන්දේ ටැග එක ගලවපු පරණ කලිසමක්ලු ....එකේ කවුරුත් ෆොටෝ ගැහුවේ නෑලු
ඔය අතරේ සමහර අයට වැඩි උනෙත් නෑලු ....ඒ නිසා අවුලක් උනෙත් නෑලු ....


 අහා ....යසන්ත මල්ලි අමතක උනානේ ...මිනිහට ලැප් ටොප් පෙන්නන්න බැරිලු ..දුටු සැනින් දුවනවලු ..
 .ඒ විතරද.. ගාල්ල මාර සිතලයිලු...
 ඇයි, නලින් දවසෙම බිව්වේ කොකාකෝල විතරිලු....
 එතකොට ප්‍රර්ථනා අබ ගැට ,අබරැල්ල,සියබල කන්න ආස නැතිලු ..එහෙම කිසි ප්‍රශ්නෙකුත් නැතිලු,ඒ නිසා ජනරන්ගට මරණ තර්ජන එල්ල කරේ නැතිලු ....
 ජනරංග හක්ක ඇනගත්තේ නැතිලු ...


ඔන්න ඔය වගේ දේවල් උනේ නැති නිසා මේ දවස පට්ටම පට්ටට්යි ......
මේ වගේම් දවසක් අයෙත් අපි සෙට් වෙලා සතුටු වෙන්න,එදා අපු වගේම නාපු අයත් මේ දාන ෆොටෝස් දැක්කම හිතෙනවා හිතනවමයි ......ඒ නිසා තවත් දවසක් මෙහෙම හම්බෙලා සතුටු වෙන මග බලන් ඉන්නකන් දැනට අපි නවතින්නන් ...අයෙත් කියන්නේ ඊයේ  නං පට්ට දවසක් ඕයි.............

14 comments:

  1. ඒ බොල මේකේ වැඩියෙන්ම තියෙන්නේ හිම හංසි ගැනනේ..දාපන් මේ පෝස්ට් එකට ඒකිගේ නමම...කමක් නෑ කමක් නෑ කොහොම හරි පට්ට ෆන්

    ReplyDelete
  2. වුනේ නෑලු,.. මම තව ටිකකින් ශයන්ග අශාන් කියන කොල්ලවත් මරන්න මරණ තර්ජන එල්ල කරන්නේ නෑළු,.. :P :D

    ReplyDelete
  3. කට්ටිය නියම ෆන් එකක් අරන් වගේ.

    ReplyDelete
  4. රංගයා දවසෙම හිටියේ කෙලින්ලු . පොඩි මෑන් මන්තරකාරිට වැන්දේ දන බිම ගහලලු හික් හික් හික්

    ReplyDelete
  5. අඩෝ හිම හංසියා කන්න හෙව්වෙ නැත්නම් අන්න ඒ ගැන හොයපං.. :D :D :D

    ReplyDelete
  6. මගේ පිට මඩ පටවනවා වැඩී බොලව්.. මම අහිංසකයා.. කමක් නෑ මේකේ නොකරපුවනෙ තියෙන්නෙ.. කිව්වත් වගේ ඊයෙ දව සම් පස්ටම පස්ට..
    හදුනා ගැනීමට ලැබීම සතුටක් අයියා! :D

    ReplyDelete
  7. පස්සෙ ආපු එවුන්ට ෆන් ගන්න වෙලාව මදි වුනෙත් නෑළු..

    ReplyDelete
  8. අඩෝ මන් දැන් පාරේ බැහැල යන්නේ කොහොමද :/
    අනිවා සුන්දර මොහොතක් වගේම සොදුරු මතකයන් ටිකක්
    අයි අප්‍රේල් වලදී කොළඹදී හමුවෙමු.

    ප. ලි : බලහන් උබම විතරයි මට මඩ ගහල තියෙන්නේ -__-

    ReplyDelete
  9. මම වගේ උන්නා නම් මඩ වද්න්නෙ නෑ නේ... හි හි..!!!

    ReplyDelete
  10. සුන්දරව ගෙවී ගිය හෝරා කීපයක සොදුරු මතක (මඩ).. එන්න නොලැබුන එක ගැන දුකයි..

    ReplyDelete
  11. ජයවේවා..අපිට දුකා කා කා කා යි..

    ReplyDelete
  12. තාම කාටවත් ගොඩ යන්න අවස්තාවක් ලෑබිලා නෑද්දෝ....

    ReplyDelete
  13. සිරාවටම පට්ට දවසක්

    ReplyDelete