Sunday, October 30, 2011

නිල් දිය පිරුණු වැව් තෙර හිදිලා...

නිල් දිය පිරුණු වැව් තෙර හිදිලා...
ඉතිරි වූ කදුළු බිදු
වැවට ජිවය දෙනවා,
ඒ කදුළු වැවේ..
සුන්දර සිහිල් සුලන් නැති වේවි
ලස්සන රැලි ගොඩට නොනැගේවි
හිදිනු
වැව් බිම ඉරිතැලිලා
හරියට මහා කම්පාවකින් වගේ..
අනේ........
මේ වැව අයේ කවද පුරවන්නද?
මේ කදුලින්
වැව් කන්ඩියත් හෝදගෙන ගිහින්...
වැව දහසකට අඩන්න කදුළු තිබුනත්
වැඩක් නෑ....
ඒ වැව අයෙත් පුරවන්න බෑ..
එහෙම පිරෙව්වත්
මොකටද කදුළු වැවක්
මේ වැව වගේ ...ඉරිතලා මගේ හදවතත්..
ඇතැම් විට....
අනෝරා වැසි වැටේවි....
වැසි දියෙන් වැව පිරියාවි...
පෙර සේම රැලි නැගේවි..
එත්...අමතක කරන්න එපා...
වැව් කන්ඩිය බිදී ගිහන් හමාරය්
දැන්..


4 comments:

  1. ලස්සන කවි සිතුවිල්ලක් !!!

    ReplyDelete
  2. කවි සිතුවිල්ල පංකාදු පහයි..කොයි බන් අපිට මෙක පස්සෙන් පන්නන්න ඉඩක් නෑනෙ..එක හදපං කොල්ලො...

    ReplyDelete
  3. thankuu machoooo....
    mokadda ban hadanna kiwwe.... thereune nee

    ReplyDelete