Tuesday, October 18, 2011
පාවී යන්න වලාකුලක් සේ
අපි ජීවිතේ අතරමං වෙලා ඉන්නකොට
අපි වැඩියෙන්ම ආශා කරන්නේ
නිල් අහස දිහා බලාගෙන හීන මවන්න
ඒ වලාකුළු වගේ ඇතට පාවෙන්න,
අපි එහෙම හුගක් අශාවෙන් බල ඉන්නකොට
අහසේ පා වෙලා ඈතට යන
පුළුන් වගේ සුදු වලාකුළු පොකුරු වලින්
එක වළාකුලක්වත් අපි ළග නතර වෙන නෑ
එත් අපිට දුක හිතෙන්නෙත් නෑ,
ඒත් ඒ වළාකුලු අතරින්
එකම එක සුදු වළාකුලක් හරි
අපිට ඉහලින් නිල් අහසේ නතර වෙලා
අපිට හෙවන උනොත්,
ඔහේ ගලා ගිය ජීවිතයකට පාර කියලා දුන්නොත්,
අපි පුදුමාකාර ආදරේකින්
ඒ වළාකුල එක්ක බැදෙනවා
අපේ හැම සිතුවිල්ලක්ම,හැගීමක්ම
ඒ වළාකුලත් එක්ක
සදාතනික බැදීමකින් බැදෙනවා...........
එත් අපිව අව්වෙන් ආරක්ෂා කරලා
සිසිලස ලබාදීල .....
අතරමං වෙච්ච ජීවිතයට පාර කියලා දුන්න,
ඒ වලා පොකුර එක පාරටම,නිමේෂයකින්
කලුම කලු වැහි වළාකුලක් වෙලා
අපිව කදුලින් තෙතබරිත් කරනකොට
අපිට ඇතිවෙන්නේඉවසගන්න බැරි තරම් දුකක්
එහෙම වෙන්නේ අපේ හැගීම වල
උපරිම අවස්ථාවන්
අපි ආදරේ කරන දෙය,කෙනා වෙනුවෙන්
කැප කරන්න වෙන නිසා වෙන්න ඇති,
එත් අපි කවදාවත්
ඒ සුදු වළාකුලත් එක්ක තරහා වෙන නෑ
ඒ අපි මුලු නිල් අහසටම වඩා
ඒ සුදු වළාකුලට ආදරේ කරපු නිසා......................
Subscribe to:
Post Comments (Atom)
eka aththa aiya.. e sudu walakulata api hemadamath adarei.. :)
ReplyDeleteඒ සුදු වළාකුලත් එක්ක තරහා වෙන නෑ
ReplyDeleteඒ අපි මුලු නිල් අහසටම වඩා
ඒ සුදු වළාකුලට ආදරේ කරපු නිසා....
hmmmm that's what true lv....
හ්ම්ම්.. ඇත්ත..
ReplyDeleteමුළු නිල් අහසටම වඩා අපිට ඒ වලාකුල වටින තරම එයා දන්නවා නම්..
අනේ එහෙම නොදැනෙන එක තමය් මේ මුළු අහසටම හිතාගන්න බැරුව ඉන්නේ,,,එහෙම හිතෙනවා නං කොච්චර දෙයක්ද?
ReplyDelete