Wednesday, October 26, 2011

සුබම සුබ උපන්දිනයක් මගේ සුදු අම්මේ...

හ්ම් ..........
අද මගේ අම්මගේ උපන්දිනේ.. මට අද ගොඩාක් සතුටුය්....වෙනදාටත් වඩා...මොකද ජිවිතේ පලවෙනි වතවට මගේම සල්ලි වලින් මගේම අම්මට උපන්දින තෑගි ගේනවා..
දස මාසයක් කුසේ තියාගෙන  මාව මේ ලෝකෙට බිහි කරන්න මගේ අම්මා කොච්චර දුක් විදින්න ඇතිද (අහ.... අමතක උනා.....මොන දස මාසෙද....මම ඉතින් දැන් වගේම තමය් ඒ කාලෙත් හදිස්සි කාරය ... ඒ නිසා මාස 8න් ආවලු ..).
89 කලබල කලේ මගේ ජිවිත බේරන්න නොවිදින දුක් වින්ද බව ඔයා නොකිව්වට මම දන්නවා අම්මේ..එහෙම හදල වඩල අද අපිව සතුටින් තියන්න මොන තරම් කැපවීමක් කරන්න ඇතිද?...
ඒ හැම දේටම වගේ මම බිව්ව කිරි බින්දුවක් බින්දුවක් ගානෙම ගෙවල ඉවර කරන්න බැරි ණය කාරයෙක් වෙලා ඉවරය්  ...ඒ හැම දේටම මට කරන්න පුළුවන් එකම දේ මගේ අම්මව සතුටින් තියන එක විතරමය් ....මම අද මගේ අම්මගේ සතුට එයාගේ ඇස් දෙකෙන් දැක්කා ....මම තෑගි දුන්නම "පිස්සුද ළමයෝ ..මොකටද මෙවෙ ගෙනාවේ" කියල කිව්වට...මම දැක්ක අම්මේ ඔයාගේ ඇස් දෙකේ තිබුන සතුට..ආඩම්බරය....ඒ  සතුටය්  ආඩම්බරයි හැමදාමත් මගේ අම්මගේ ඇස් දෙකේ රදවන්න මම උපරිමය කරනවා..මම ගොඩාක් අදරෙය් මගේ සුදු අම්මට ... සුබම සුබ උපන්දිනයක් මගේ සුදු අම්මේ...

11 comments:

  1. සහො ඔන්න මගෙනුත් අම්මට සුබම සුබ උපන්දිනක් වෙවා කියල ප්‍රර්තනා කරනවා.

    ReplyDelete
  2. බොහොමත් ස්තුතිය් පුස්‌

    ReplyDelete
  3. ඔබ තුමාගේ අම්මට සුබ ම සුබ උපන්දිනයක් වේවා !!! ඒ වගේම නිදුක් නිරෝගි සුවත් පතනවා

    ReplyDelete
  4. මමත් සුබ පැතුවා කියන්න මල්ලි
    අද වගේම ඉස්සරහටත් අම්මා හැමදාම උඹ හින්දා සතුටු වෙනවා
    මට ඒක සහතිකයි

    ReplyDelete
  5. ok අය්යා.. මම කියන්නන් ....මටත් හැමදාමත් ඕනේ ඒකම තමය් ..මම එක කරන්න උපරිමයෙන් try කරනවා

    ReplyDelete
  6. ශයන්ග ගේ අම්මට සුබම සුබ උපන්දිනයක් වේවා

    ReplyDelete
  7. සුබ උපන්දිනයක් වේවා අම්මට.

    (ඔයාගෙ අම්ම ලස්සනයි :))

    ReplyDelete
  8. සුභ උපන්දිනයක් වේවා අම්මට

    ReplyDelete
  9. බොහොමත්ම ස්තුතිය් යාලුවනේ ....ඔයාල හැමෝගෙම සුබ පැතුම් ඔයාල වෙනුවෙන් මම අම්මට කිව්වා...

    ReplyDelete
  10. suba upandiyak wewa kiyala math kiwwa kiyanna aiya.. :)

    ReplyDelete