Friday, October 14, 2011

තනිකම නිවන කවි කම සිත් වෙලා මට ...

දේශකයෙකි ඔබ
හරබර සිතුවිලි මගේ මනසට ඇතුල කල…
යන්න එපා ඔය මග...යන්න නුබ මේ මග
කියා මග පෙන්නුව
ඇදුරුතුමිය ඔබ
ජීවිත පොත තුල නොකියවූ දේ පහදා දුන්න…
මිතුරන් සතුරන් වෙන්කළ දෙන
චින්තකයෙකි ඔබ
විස්මිත නිමැවුම් මවනා හැටි පෙන්නා දුන්න…
නොමවන සිත්තම මවා දුන්න.
පුදුම දෙයකි වුන,කෙදිනකවත් නොසිතු ....
කිම්ද කාරණා
නොසිතු මොහොතක මා අතහැර යන්න…
එකම දෙයය්  ඉතිරි කලේ නුබ මෙමට
තනිකම නිවන කවි කම සිත් වෙලා මට ...

4 comments:

  1. කොයි දේ උනත් අන්තිමට ඉතුරු වෙන්නේ තනිකම විතරයි. තනිකමට කවි කම නියමෙටම ගැලපෙනවා

    ReplyDelete
  2. තනි උන මොහොතක ලිය වෙන අකුරු ,වචන...නොදැනීම කවියක් වෙලා...අත්තමය් මේක පුදුමයක්...thankzz madu....

    ReplyDelete
  3. තනිකම, ආදරය, විරහව, වේදනාව, හදවත උතුරලා ගලාගෙන යන හිස් බව, හදවත පුපුරු ගහන තරමේ ආදරය, මේ ඔක්කෝටම හොඳම බෙහෙත කවිකම තමයි,.

    ReplyDelete
  4. තනිකම, ආදරය, විරහව, වේදනාව, හදවත උතුරලා ගලාගෙන යන හිස් බව කියන හැම මාරාන්තික ලෙඩකින්ම මව බේරාගත්තේ මේ සොදුරු කවි තමය් එහෙම නොවුනානම්........... :'(

    ReplyDelete