Sunday, October 9, 2011

විරහවක කදුලු නුබේ දෙකොපුල් තෙමන තුරාවට

සියුමැලි සිතක පුලින වන
කුලුදුල් ආදරය
විරහවක් වූ කල්හි
හිතට නැගෙන්නා වු තනිකම
වේදනාවක් වු විගස
දෑස් මත ඇදෙන කදුළු සිත්තම්
දුක නැමැති සිත්තරාගේ
පන්හිදින් සිතුවම් වු
සිතුවම් වලින්
ලොවම හඩවන්නා සේම.......,
රාගයත් සෙනහසත්
වෙන්ව හදුනාගැනීමට,
විරහවක කදුලු නුබේ දෙකොපුල් 
තෙමන තුරාවට
නුඹට නොහැකි වනු නොඅනුමානය
පිවිතුරු ආදරය

4 comments:

  1. ලස්සන නිර්මාණයක්

    ReplyDelete
  2. විරහවක කදුලු නුබේ දෙකොපුල්
    තෙමන තුරාවට
    නුඹට නොහැකි වනු නොඅනුමානය
    පිවිතුරු ආදරය.....
    Heart touch & it's true Shayanga

    ReplyDelete
  3. තැන්කු චමියෝ ...ඔව් හිතට දැනෙන දේවල් පැනට එනකොට ගොඩාක් සැහැල්ලුවෙන් නොහිතෙන දේවලුත් ලිය වෙනවා

    ReplyDelete