Sunday, November 18, 2012

අපි දැන් හයි වේ

අරහෙන් වංගු
මෙහෙන් වංගු
හැම තැනම
නැවතුන කලේ දැන් ඉවරයි
එක පාරයි
පැයටම
කිලෝමීටර් සීයයි.
සියට ගියත්
එකසිය විස්සට ගියත්
දැන් නං
අපෙන් ලිෆ්ට් ගන්න
කෙල්ලොනන් දෙසියයි ...
එත් සොරි හොදේ
නවත්තන්න බෑ කාටවත්
අපි දැන් හයි වේ

Friday, November 9, 2012

මොනා ලිසාගේ මායමට

එකම එක රුවක්
පිටපත් ලක්ෂ ගණනක්
සුන්දයිද ඇය?
හිනැහෙනවාද ඇය?
දුකකින්ද ඇය?
කවුරු කසේ දකිනවද?
අද වෙගේම එදත්
ඩාවින්චිත්

රැවටුනාද? 
මොනා ලිසාගේ මායමට.



Friday, November 2, 2012

ලේ බිදක්



















බිදු කදුලක්
ඇස අගින්
රූටන කොට ඔබේ
හැගුමන් අනන්තයි
හදවත සසලයි ඔබේ
සිතන්න
රුදිරයෙන් බිදක්
නොමැතිව වැටෙන කදුලක්
කොතරම්
අසරණ හැගුම් දනවයිද?

. . . . . . . . . .
. . . . . .
. . .
එන්න
මොහොතකට අපවෙත
දෙන්න ඔබේ ලේ බිදක්
සිදිනු හදවතකට
මල්වර පැතුමක්
එක්ක කරන්න..
ආත්මයක් පාසා
ඒ පින් සිතුවිල්ලෙන්
බිදක් සතුටු වන්න 
 
 
මියැදෙන්න පන අදින කෙනෙක්ට ලේ බිදක් කියන්නේ ජිවිතයක් තරම් වටිනා දෙයක්.ඉතින් ඒ ජීවතයක් වටිනා තරන් දෙයක් අපිට දන් දෙන්න පුළුවන්නන්...ඒ පිනම ඇති අපිට සසර පුරාවටම සතුටින් ජිවත් වෙන්න.හ්ම්ම් ධර්මාශෝක විද්‍යාලීය සියවස් සමරුව වෙනුවෙන් හෙට,ඒ කියන්නේ නොවැම්බර් 3 වෙනිදා ලේ දන් දීමේ වැඩසටහනක් පවත් වෙනවා.පුළුවන් අය ඇවිත් ඒ පින ඔයාල සතු කරගන්න.ඒ උතුම් පින් කම ගැන මගේ හිතේ ඇතිඋන වචනටික මේ විදියට ගැලපුව.එහෙනං ආදී ශිශ්‍ය නායකයින් සංවිදානය කරන මේ කටයුත්ටට ඔයාල එනකන් අපි බලන් ඉන්නවා....ස්තුතියි 

Saturday, October 27, 2012

නංගා....



















නංගා....
පාට පාටින්
හැඩ කරාට
ඔය මුණ,
බලාගෙනයි
පාට සොයන
මි මැස්සෙක්
එකතු කරොත්
අගුරු ටිකක් ඔය
පාට පෙට්ටියට,

දැලි ගෑ වේවි
ඔය මුනේ
සදහටම
නොමැකෙන්නම

Sunday, October 21, 2012

හොදට ගහන්න{18+ නෙවෙයි හොදේ }



මුලින් හොදට පිරි මැදල
තෙල් දාල අත ගාල
හොද ගානට පිබිදුනාම 
ලේසියි නොවැ
හොදට ගහන්න,
ලිස්සලා යනවා හොදට
ලොකු වෙනවා හොදට
රත් වෙනවා හොදට 
ඉන් පස්සේ
රස කර කර
කෙල උන උන
කන්නයි තියෙන්නේ
පරාට රොටිය
කැත හිත නැතුව


Thursday, October 18, 2012

මම පරාදයි....

අද
මගේ හදවතට

ඔබ සොයන ජීවතේ වටිනා කම
තත්වයයි,තරාතිරමයි,
ඉදින්

මම පරාදයි....

 





හෙට
ඔබේ හදවතට
ඔබ හොයන ජිවන වටිනාකම
ආදරයයි
ඉදින්
උබ පරාදයි ......

හැබැයි එදාට
අනිවා මට ශුවර්
මම දිනලා ඉදිවී
මොකද ?උබ අද පරාද නිසා නෙවෙයි,
මම මුලින්ම හෙව්වේ
උබ අද හොයන දේ නිසා,
දෙවනුව උත්සහ කරේ
උබ එදා හෙව්වා දේට ලගාවෙන්න නිසා,
ඒ වගේම 
මම මුලින් හෙව්වා දේ නැතුව
උබ මුලින් හෙව්වා දේ
තිබුනත් වැඩක් නැති නිසා


Tuesday, October 16, 2012

විරාගී මදුසමයක්

එකම එක රැයක්
සොදුරු සුව යහනක්
විරාගී මදුසමයක්
පුංචිම පුංචි ලේ බිදු ටිකක්
අඩු උනොත් එක මොහොතක්
සැනින් අළු වෙයි මුළු දිවියක්
එහෙත්
උපතින්ම එය එසේ නම්,,,,
වරද කාගේද?

පහුගිය දවසක රේඩියෝ එක අහනකොට ලස්සන සින්දුවක් ඇහුන..."ජිවිතයේ හොදම හරිය අවුල් වෙලා යද්දී"චාමර කොලුවාගේ සින්දුවක්,ඒ සින්දුවේ එන වචනත් එක්ක තමයි මේ අදහස මට අවේ.කවුරුත් නොසිතන,එත් හැමෝටම කවද හරි වැදගත් වන පුංචිම පුංචි උනත් වැදගත් දෙයක්.අනේ මන්ද?...තර්කානුකුලයි...අන්තිමේදී අහන්න තියෙන්නේ ....වරද කාගේද කියල තමයි...