Monday, January 28, 2013

ගම්පහ ගේට්ටුව සහ පුංචි පුංචි මෙව්වා ....Bloggers G2G 2013


ඕන් එහෙනං මමත් ලිව්වා ගම්පහ බ්ලොග් ගේට්ටුව ගැන පොස්ට් එකක්.27 උදේ පාන්දර හතරට විතර නැගිටිලා අද පැළදගෙන මන් එහෙනං පිට උනාලු ගේට්ටුවට යන්න.පහට විතර බස් එකට නැගල කවදාවත් නැතුව හත් වෙනකොට කොටුවට අවලුනේ...ආවා නෙවෙයි බස් එක ඉගිලුනා...ඔහොම ඇවිත් ගම්පහට යන්න ටිකට් එකකුත් අරගෙන කැරකි කැරකි ඉන්න කොට නිකමට වගේ ගුනේ අයියට කෝල් එකක් දීල ඇහුව කොහෙටද සෙට් වෙන්නේ කියල.ඒ පාර තමයි ගුනේ අයියා කිව්වේ කොටුවේ ටු යන්න යටට යන්න කියල.ඉතින් ටු යන්න හොයන්න යනකොටම සුබාෂ් දිල්රුක් අයියා ඉදල එක පාරටම ඇහුව ටුයන්නද හොයන්නේ කියල.ඔන්න ඔහොම තමයි මම මුලින්ම කට්ටියට සෙට් උනේ...එට පස්සේ ස්කුබිය සිත්තරි රෙපා ගයන්,ජින්ජිබිරිස් වගේ තවත් කට්ටිය සෙට් වෙලා කොටුවෙන් ගම්පහට ආවලු.

ඔය එන අතරේ ස්කුබිය විසිල් එකක් අරගෙන ගැහුවේ නැතිලු,හරිම නිශ්ශබ්දව කෝච්චියේ ආවලු 


ගායනය විසිල් විකුනපු අන්කල්ගෙන් ගුටිකන්න ගියේ නැතිලු.

 
ගජින්ජිබිරිස් කෝච්චියේ යන කෙල්ලෙකුට නොම්බරේ දුන්නේ නැතිලු.( ඒ එව්ලාවේ එවැනි දෙයකට ගයාන්ගේ සුදානම අපි දැක්කේ නැතිලු )


ඉතින් ගම්පහට ඇවිත් මල්වත්තටත් හෙමින් කිට්ටුවෙලා ගේට්ටුව ඉස්සරහ යනකොටම සුපුරුදු හිනාවක් තියන ටැග එක ගලවපු කලිසමක් ඇදපු අපේ චතු මිති අක්ක මගේ අහ ගැටුනා, ඒ වගේම සිරා සෑම ඔය කට්ටියත් සෙට් වෙලා ගේට්ටුව පටන් ගත්තලු ..
මල් වත්තෙත් වටයක් ගිහින් ඇවිත් කට්ට අවුවේ,පට්ට සීතලේ මැච් එක ගහන්න සෙට් උනාලු අපි.මට සෙට් උනේ රුවානා ....දැන් තමයි හොදම හරිය 


මැච් එකට කලින් විකට් එක ලගට ඇවිදන් යමු කියල ප්ලැන ගහපු ස්කුබිය සන්සුන් ගමනින් පිටිය මැදට ඇවිදන් ගියාලු ,දිව්වෙම නැතිලු.

 
අඩවි රජගෙන් පන්දු රැකීමට තිබේ පුදුම සහයෝගයක්ලු,හෙවනේ බැංකුවක් උඩ වඩි වෙලා හිටියෙම නැතිලු.


කට්ටිය දුන් උඩ පන්දු සියල්ලම අගන ලෙස ඇල්ලුවලු ,ඇත ඇරියෙම නැතිලු.


අපේ කණ්ඩායමටම  ..ඒ කියන්නේ මට සහ රුවනට, ඕවර් දෙකම පන්දුවට පහර දෙන්න ලැබුනලු ,දෙන්නටම බෝල දෙකකට වඩා දැම්මලු.ඒ නිසා අපි පරද උනේ නැතිලු 


ප්‍රර්ථනාගේ දත අපිට අමතක උනාලු ,වෙඩිමේ ෆොටෝ එක අවුලක් නැතුව රාමු කරනවලු .


ෂසි පට්ට කෑමක් කවලු,බත් සියල්ල ක දැමුවද එළවලු සියල්ල විසිකළලු ,අපිට දුන්නේ නැතිලු.

ඔන්න ඔහොම දේවල් ගොඩක් උනේ නැතිලු ,,,ඉන් පසුව කල බිල අවසාන තරගය අර එක වගේ උන් දෙන්න සහ ,අහිංසක සිංහයා හා තව කොලුවෙක් (මට උගේ නම මතක නෑ )අතර තිබුන එකෙන් අහිංසක සිංහයා හා අනිත් කොලුවා ජය ගත්ත ...මගෙනුත් සුබපැතුම් යාලුවේ ..එට පස්සේ තොප්පි පාස් කරලා සින්දු කියල කට්ටිය විසිරුනා.බොහොම  සතුටුයි මේ වෙලාව අවස්ථාව කරගන්නවා මේක සංවිදානය කරපු සෑමා ,සිරා ඇතුළු සියලුම දෙනාට ස්තුති කරන්න.ගොඩක්ම ස්තුතිය යාලුවනේ මේවගේ දෙයක් කරලා සයිබර් අවකාශේ හමුවන අපිව නැවත වරක් එකතු කරට.ඒ වගේම තමයි දැකපු නැති ගොඩ දෙකෙක් හම්බුනා,කලින්දැකපු අයත් හම්බුනා අයෙත්..රෙපා,සුබාෂ් දිල්රුක් අයියා,නලින් අයිය,අඩවිරාජ,රුවන්,මදාරා,චතු මිතු ,ගයාන්,ජින්ජිබිරිස් ,ස්කුබියා,ශෂී,රස්තියාදුකාරය,ප්‍රර්ථනා,නැන්දා ඔය එකී මෙකි නොකී හැම කෙනාම.ගොඩාක් සතුටු දවසක් ,ඉතින් ඊළගට එන අවුරුදු උත්සවයටත් එන්න බලාපොරොත්තු වෙනවා කට්ටියවම හම්බෙන්න.ඔයාල එනවා නේද ?...

ඉතින් ගේට්ටුව ඉවර වෙලා බලනකොට ශෂී අඩන්න පටන් අරගෙන ...බඩගිනියි බඩගිනියි .....ඔහොම අඩනකොට මටත් මතක් උන පෙන්ඩින් පටියක් ගැන.ඉතින් එට පස්සේ ශාශියව මරන් කන්න කියල හිතාගෙන මමයි ස්කුබියයි,ප්‍රර්තනයි,රස්තියාදු කරයි කැන්ටිමට ගිහින් බිම බෝතලයකුත් බිල එන්න පිට උනාලු.



ඔහොම පාර්ක් එක මැද්දෙන් එනකොට අපිට හොරා පාර්ක් එකේ රවුන් ගහපු තවත් ගේට්ටුවට අපු ජෝඩු  අපි දෙතුන් දෙනෙකුත් අපිට මට්ටු උනේ නෑලු .

ඔය අතරේ ශශීය දිග කොන්දෙකට අසයි කිව්වේ නැතිලු,


එඩ්න ඇඩ් එකකට ශෂී පෙනී හිටියේ නැතිලු.

 
තව දෙන්නෙක් මට ඔක්කොම 4ටො දන්නා එපා කිව්වේ නෑලු (පව් නිසා දැම්මේ ණෑ ..හැබැයි දන්නෝ දනිති )

ඔහොම ගිහින් කට්ටියම ගම්පහින් බස් එකට නැගල එන්න ආව .
ඒ අතර තුරෙදු කවුදෝ එකෙක්ට මල් සුවදක් ගැන අහන්න හිතුනේ නැතිලු :P 


ඒ වගේම මුළු දෙනෝ දාහක් වසන බස් එකටම ඇහෙන්න කෙට්ටු ගැල් ළමයෙක්(ශෂී නෙවෙයි ..එකී කෙට්ටු නැනේ) බලු කුක්කෙක්ට කනේ ගැහුවේ නැතිලු (බල සිටි අපිටද ඇස දෙකටම අඩුනි ...ප. ලි මම මේ බැබලු කුක්ක කිව්වේ අර ස්කුබියට නෙවෙයි  හොදේ )
ඉතින් කොහෙමෙන් කොහොම හරි කට්ටිය කොටුවට ඇවිල්ල ගෙදරට ආව ..ඇත්තටම පට්ට දවසක් 


ගිය පාර වගේම මේ පාරත් ගේට්ටුව අමතක නොවන දවසක් උනා ...එහෙනං මේ පැත්තේ එන හැමෝම කමෙන්ටුවක් දාලම යන්න ...ඒ එක්කෙම උබලගේ බ්ලොග් එකේ ලින්ක් එකත් දල යන්න.මොකද බලපු නැති ගොඩක් බ්ලොග් වල අයිති කාරයෝ මට ගේට්ටුවේදී හම්බුනා .එහෙන අදට අපි ගිය...ජය වේවා

54 comments:

  1. අනෙ මම නෙමෙයි එ ඈ

    ReplyDelete
  2. හයියෝ... හිනා කාලා පන නෑ... පවු අෆ්ෆා අර බලු පැටියා...
    බස් එකේම මිනිස්සු කම්මුල් පාරට හැරිලා බැලුවෙත් නෑලු නේ? :P

    ReplyDelete
    Replies
    1. කට ඇරන් නිදාගතිපුවා එවා දාලාත් නැතිලු නේද

      Delete
    2. බස් එකේම මිනිස්සු කම්මුල් පාරට හැරිලා බැලුවෙත් නෑලු නේ?...
      ඒ මොකද්ද බන් ශශියෝ ඒ ...මට මතක නැ :P

      Delete
  3. මම නම් ගම්පහා පැත්තට ආවෙත් නැතිලු

    ReplyDelete
  4. මගේ නාමය වෙනස් කර මේ අන්වර්ථ නාමය ඒ සදහා රි ප්ලේස් කොරන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි ,
    උබයි මමයි ගහපුවා කස්ටිය දැකල නැහැනේ බන් ,කීයක්ද අර 6 එවමනේ ඕවරේ පුරා කෙලියේ ,
    කැන්ටින් පැත්තේ උන ඒවාට මගෙත් සම්බන්දයක් නෑ ඔන්න කිව

    ReplyDelete
    Replies
    1. ඔයාලා දෙන්නගේ කිරිකැට් මතක් වෙලා අද මැච් එක බැලුවෙත් නෑ අප්පා..

      Delete
    2. අනිවා මචෝ අපි ගහපු ගැහිල්ල දැක තමයි එයේ ලංකාවේ ටීම් එකත් ගැහුවේ .....
      හය්යෝ ශාම්මියෝ බලන්න එපයි එල කිරි වගේ ගැහුවනෙ

      Delete
  5. මට නම් ෆාට්ට ඉරිසියාවක් දැනුනා.. ඒ මම ආදරය කරපු කෙනෙක් හැමදාමත් වගේ ඇවිත් හිටියාලු..
    මංදා.. එපමණයි ! මට මතක..

    ReplyDelete
    Replies
    1. ඕවව එහෙම තමයි අයිය ...ජොලියේ ඉන්න

      Delete
  6. අන්තිමට මොනවත් වුනේ නැතිලු.

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් ඔව් අයිය මුකුත්ම උනේ නෑ

      Delete
  7. He He..

    Maara seen ne wela tiyenne..
    Horata horata meyalath karala tiyana wada.. :D

    Sawistharathmaka wistharayak dammanam,kattiyage pati hodatama roll :p

    (y)
    Hamuwima sathutak..
    Nawatha hamuwemukoo..
    Jayama wewa !!!

    ReplyDelete
  8. ඇයි යකෝ මම අන්තිම ඕවර් 2 විතරයි ඉදගෙන හිටියේ!
    මුං කියන්නේ මම මුල ඉදලම ඉදගෙන හිටියා වගේනේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දැක්ක හොදර ෆිල් කරනවා අසවේ බෑ එක දැක්කම
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  9. මට නම් ඔයාලා කව්රුත් සෙට් වුනේ නැහැ.

    ReplyDelete
  10. දැන් එතකොට මුකුත් උනෙම නැද්ද.. හෙහ් හේ

    ReplyDelete
    Replies
    1. එකනේ බලන්නකෝ ...මුකුත්ම වේම නෑ නේ

      Delete
  11. වැඩක් නැ අප්ප මෙ ගෙට්ටුව මොකවත්ම වෙල නැ නෙ

    ReplyDelete
    Replies
    1. එකනේ බලන්නකෝ ...මුකුත්ම වේම නෑ නේ

      Delete
  12. හාහ් හාහ් හහා....අපි නොදන්නවා වුනාට කොච්චර දේවල් වෙලාද අම්මාපා බලාගෙන ගියාම.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ....තව තව ඒවා වෙලා ඇති අපිත් නොදන්නේව

      Delete
  13. ඔන්න මමත් නම් ඒ පැත්තේ ආවේ නැහැලු!

    ReplyDelete
  14. හලී........මේකේ මම සුද්දයි....කිසි අවුලක් නෑ...ජය් වේවා....

    ReplyDelete
    Replies
    1. හික්ස් ...මන් ඉතින් පව් නිසා මුකුත් දැම්මේ නැ

      Delete
  15. වර අපේ පැත්තෙත්..!
    මමත් ආව බොල මාත් ගාලු දිස්ත්‍රික්කයේ බොල.

    ReplyDelete
  16. නොදැක්ක මඩ ටිකක්

    ReplyDelete
  17. ශෂියාව විනාස කොරල නේ..

    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. මේ බොහොම ටිකයි ...මෙකි කියපුව දැම්මනං මේකිට පාරේ බැහැල යන්න බැරි වෙනවා

      Delete
    2. කෑවා මුන් ටික මාව

      Delete
    3. ඇයි ‍යකෝ අපිද මේව කිව්වේ??
      @ ශයංග: ශෂී පව් හින්දා ඉතුරු ටිකත් දාල දාමු බන් ;)

      Delete
    4. ඔව් බන් ශාස්හිගේ මුණ බලාගෙන මට බේ කියන්නත් බෑ ...දාන්නද කියලත් හිතෙනවා :P

      Delete
  18. හෑ අරූ කනේ පාර සිරාවටම කෑවද?????????

    ReplyDelete
    Replies
    1. අනේ අපි නං දැක්කේ නෑ :P

      Delete
    2. කෑවා කෑවා සිරාවට කෑවා එයාට ගහාලා මගේ අතත් රිදෙනොය

      Delete
  19. උඹල වගේ කොල්ලන් එක්ක අපිත් බොහොම සතුටු වුණා මලේ.ලස්සනම දවසක් .

    ReplyDelete
    Replies
    1. අනිවා අයියේ ..අයියව දකින්න ලබුන්නු එක ලොකු සතුටක් ....ලස්සන දවසක්

      Delete
  20. වෙලාවට... මං ගැන නෑ.. හුරේ!!!!!!!!!!!!!! :D ... මේ සැරේ මට මඩ ඇත්තෙම නෑ..

    ReplyDelete
    Replies
    1. හි හි ...පව් නිසා දැම්මේ නෑ ... :P

      Delete
  21. කොටියම කාපිය තෝව! :පී
    හමුවීම විසාල සන්තෝසයක් මචෝ .. :ඩී අවුරුදු උත්සවේදි හම්බුවෙමුකෝ..

    ReplyDelete
    Replies
    1. අම්මෝ ...එහෙනං කොහොමත් එකනෙ බන් ....ඉතිඋරු ටිකත් දාලම කොටිය ලගටම යන්නන්ද මම ... අනිවා මචෝ ....හම්බුනා එක ලොකු සතුටක් ...අනිවා අපහු සෙට් වෙමු

      Delete
  22. ඔහොම පාර්ක් එක මැද්දෙන් එනකොට අපිට හොරා පාර්ක් එකේ රවුන් ගහපු තවත් ගේට්ටුවට අපු ජෝඩු අපි දෙතුන් දෙනෙකුත් අපිට මට්ටු උනේ නෑලු .

    මේ කියල තියෙන්නෙ සිත්තමීයි එයාගෙ ආදරණීය වෙන්ඩ හබී ගැනයි නෙමෙයිලු...............
    ඒ ෆොටෝ එකේ ඈතින්ම පේන්නෙ අපි දෙන්න නෙමෙයිලු..............

    ගෙට්ටුවේ මම දැක්ක ජොලිම පිස්සුම නටපු දෙන්නා ස්කුබියයි ඔයයි....සතුටුයි හමුවීම

    ReplyDelete
    Replies
    1. හේ හේ ...ඒ ජෝදුවේ ඉන්නේ සිත්තමි නෙවෙයිද ?....අම්මේ මට මේ හොයාගන්න බැරුව හිටියේ ...ඔයාවත් හමු උන එක ගැන ගොඩක් සතුටුයි අක්කේ .....

      Delete
  23. ම්ම්ම්.... කට්ටියම හොද ජොලියක් අරන් නේද..... නියමයි.....

    ReplyDelete
  24. එක වගේ උන් කිව්වේ අපිට වගේ.
    මොනවා උනත් එදා ක්‍රිකට් ගහපු 24 දෙනාගෙන් දක්ෂතම පන්දු රකින්න ඔයා තමා

    ReplyDelete
  25. ගේට්ටුව තනි මඩ වැලක් වෙලානේ :)

    ReplyDelete