Sunday, January 13, 2013

සේපාලිකා













රතු රෝස මල් පෙති
එකතු වී නැගුනත් රුවගුණ
මදහසින් ලගින් හිද
පෙම් කරත් රතු රෝස මලට
පෙනුමට විතරයි ලස්සන ඔබ,
වතින් සුදු පැහැයෙන්
නොවැඩුනත් පාට පාටින්
පොඩි උනත් සැමටත්
වැඩියෙන් මල් කුමියේ
සේපාලිකා
නුබ හරි සුවදයි,විනීතයි
මට වගේම
මුළු ලෝකෙටමත්...

14 comments:

  1. Lassanayi Shayanga
    Sepalikata hodata adren balaganna...:*

    ReplyDelete
  2. ලස්සනයි යාළු!

    ReplyDelete
  3. හ්ම්ම්..අගෙයි මට මේ කවි මලත් ඒ සේපාලිකා මල සේම සුවඳවත්...

    ReplyDelete
  4. හදවතට ගෙනේ නුඹ
    හද සපිරි සොමි සුවඳ..
    විටෙක නුඹ ගෙනේ මට
    නහය අවුලන දුගඳ..
    හදවතට නුඹ මගේ
    රොන් සපිරි මලක් මයි..
    නමුත් නුඹ විටෙක මට
    ...............මලක් මයි..
    දන්නෙ නෑ..
    දන්නෙ නෑ..
    නුඹ කුමන අයුරු දැයි..
    නිතර හදවත විමසනා පැනය එයම ම මයි..
    දන්නෙ මම එක දෙයයි..
    හද මගේ කී දෙයයි..
    ආදරෙයි ආදරෙයි..
    නුඹට මම ආදරෙයි..
    සේපාලිකා..සේපාලිකා..

    මේ මම සේපාලිකාව ගැන දැක්ක විදිය...

    ReplyDelete
    Replies
    1. ලස්සනයි ගොඩක් ලස්සනයි ....ඒ සුවද හැමදාමත්අපේ හිතේ තියෙනවා ස්තුතියි

      Delete
  5. සේපාලිකා රෑට පිපිලා සුවඳ දීල උදේම බිමට වැටෙනවා....

    ReplyDelete
    Replies
    1. එත් තාමත් ඒ මල ලස්සනයි සුවදයි ....එකයි වෙනස ..අනිත් මල් පර උනාම කැතයි ගදයි ...එත් සේපාලිකා එහෙම නැ නේද

      Delete
  6. සේපාලිකාවක මුදු රුව
    වසග කර නෙත හිත
    සුවපත් කරයි මුළු ලොව..

    නොතලා පුංචි පෙති හෙම
    රැකගත්තොතින් හිමිහිට
    ලෝකෙටම සුවද දෙයි නිහඩ ව!

    ReplyDelete
    Replies

    1. ලෝකෙටම සුවද දෙයි නිහඩව!...හ්ම්ම් ඔව් ...ලස්සනයි යාලු

      Delete