දාන දාන බෝලෙට අපි ගැහුවට
යවන යවන බෝලෙන් පොලු කැඩුවට
රට වෙනුවෙන් ප්‍රතිවාදී වුවාට
හිත් වල ප්‍රතිවාදී කම් නැත තාම
තරගයකට අපි පිටිය බසින විට
පිල් බෙදිලා ඔල්වරසන් දුන්නට
කාට උනත් කරදයක් උන විටක
මහතුන් ලෙස අපි හැසිරෙමු හැමදාම
පහු
ගිය දවසක් නවසීලන්තය සමග පවතී තරගයක් අතරතුර ඇති උන සිද්දියක් මේ කවි පද
වලට හේතු උනා.තරගය අතරතුරදී පන්දුවක් වැදී ආබාධයට ලක්වූ නවක ක්‍රීඩක අකිල
ධනංජයගෙන් එම සිදුවීම වූ මොහොතේදී බ්‍රෙන්ඩන් මැකල්ම් විසින් සුවදුක් විමසූ
ආකාරයයි මේ පින්තුරයේ දක්ක්වෙන්නේ.තවත් විශේෂ කරුණක් වන්නේ එම පන්දුවේදී
ඔහු ලකුණක් ලබාගැනීම පවා ප්‍රතික්ෂේප කර මෙලෙස අකිලගේ තත්ත්වය
විමසීමයි..ඇත්ත වශයෙන්ම මෙයයි ක්‍රීඩාවේ ජවය,මහත්මා ගුණය.ක්‍රීඩාවේ අවසාන
හැමදාමත් මෙය වෙනවනං එහි පරමාර්ථයත් සාර්ථක වේවි
පිල් බෙදිලා ඔල්වරසන් දුන්නට
කාට උනත් කරදයක් උන විටක
මහතුන් ලෙස අපි හැසිරෙමු හැමදාම