Sunday, April 22, 2012

දේදුන්න සේද සේ ...
















අළු පාට අහස යට
දෙදරනා ගෙරුම් හඩ
දිදුලනා අකුණු සැර
හොගසා වැහැපු ඒ
වැස්ස දැන් නිම වෙලා
ලා දමින් පැහැය ගෙන
සිහින් ආලෝක මැද
අහස්  කොනකින් දිලෙන
පාට හත එකතු කල
දේදුන්න සේද සේ
අහස මනකල් වෙලා
දිවියටම පාට දෙන
දේදුන්න සේ නුබත්
ඉදින් දැන් කොනකවී
එනතුරා මමෙමා
සරසවන්නට දිවිය
සිත් අහස සිසාරා


12 comments:

  1. ලස්සන නිසදැසක් මලයා..

    ReplyDelete
  2. ලස්සනයි මල්ලී.........!!!!!!!!

    ReplyDelete
  3. අළු පාට ආකාසේ දේදුන්න පායාවි
    වැසි වැටුණු විල් තෙරේ හංසියක් නවතීවි
    ජිවිතේ නවමු මං හෙමි හිමින් පායාවි
    අලුත් ලෝකෙක හිමින් ගස් කොළන් දළු ලාවී

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එහෙම හිතනවා හසන්ගනා

      Delete
  4. අළු පාට අහස යට
    පායපු දේදුන්නේ
    පාට හත එකතු කොට
    ජීවිතය පාට කල
    ඔබයි සුරගන මහදේ
    ජීවිතය.....
    ජීවත් කල

    ReplyDelete
  5. සංගීතයක් වගේ...

    ReplyDelete
    Replies
    1. ඔව් නඟා... ජීවිතේම සංගීතයක් වගේ තමයි

      Delete