Thursday, April 12, 2012

සිනිදු රළු ....

සිනිදු රතුවන් කොපුල් ඔබේ වත
එලිය වී හරි පිය කරුයි,
දිගටි කෙස් පෙළ ගොතා හැඩ ලෙස
සැකසු ඔබ දැක මනහරයි,
අඩිය ඔසවා තබන පිය පෙළ
සුන්දරී හරි විනිතතයි,
වරක් දෙවරක් හොරෙන් නෙතු යුග
ඔබේ රුව දැක දග කරයි,
දහස් සුන්දර සිතුම් පොදි බැද
ඔබ දුටුව මගේ හිත කියයි,
සිනිදු දෑතට රට රකින්නන්ට
ඔබට ගිනි අවි බර වැඩියි,
කෙලෙස එය දැක
ඔබට පෙම් කවි
එවනු බෑ නුබ විශිෂ්ටයි. 


පහු ගිය දවස් වල රට වටේ සංචාරයේදී ත්‍රිකුණාමල  නගරයේදී අවුරුදු 20 ක විතර ලාබාල පෙනුමක් ඇති සුන්දර හමුදා සෙබළියක් මගේ ඇහැ දැවටුණා.අයගේ සුන්දරත්වය වචනයෙන් කියන්න බැරි තරම්....එත් අපි වෙනුවෙන්...රට දැය වෙනුවෙන් අදටත් ඒ සිනිදු දතින් ගිනිඅවි වල බර ඔසවගෙන් තමන්ගේ සේවය කරනවා ....ඇත්තමයි,ඒ දසුන හරිම අපුරුයි තෙජන්විතයි,සුන්දරයි,ආඩම්බරකාරයි....ඉතින් මේ සිදුවීම පද පේලි දෙක තුනකට එකතු කරන්න හිතුනා.
 
වෙනද වගේම අදත් ඔයාල මට හොද නරක කියන්න...අදහස් එකතු කරන්න.....ඔන්න අදත් මම ඔයාලගේ අදහස් දැනගන්න වෙනද වගේම බලන් ඉන්නවා හොදේ ..

6 comments:

  1. excellent yaluwa....apita karanna beri wuna de karana e weera kanthawa gana ape as arapu eka godak hodai...
    e wagem aluth sithuwillak....simply niyamai yalu......

    ReplyDelete
  2. පෙම් කවි
    එවනු බෑ
    නුඹ විශිෂ්ටයි.

    සිරා.. ඒ කෙනාගේ ම photo එකක් අරන් ඇවිත් දැම්මා නම් තවත් වටිනවා.. ජය!

    ReplyDelete
  3. simple...bt great....!! Well done brother....!!!

    ReplyDelete
  4. ලස්සනයි.. පෙම් කවි ලියන්න බැරි වෙයි කියලා හිතන්න එපා.. ඒත් අපි වගේම ආදරේ හදුනන අයනේ..

    ReplyDelete
  5. එල සහෝ එල!!!! ලස්සනයි...
    සුබ අළුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete
  6. මේ ලෑබුවා වු නව වසර, සාමයෙන් සතුටෙන්, පිරි හුටපට, ලටපට,,ජල්තර, මරාල වලින් තොර සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා !!!!!!!!!!!!!!!!

    ReplyDelete