Sunday, April 8, 2012

දෝණි......













සිහිල් බෝ පත් සුලන් රැල්ලේ
ඇවිද විත් මා සමිදු බුදු දැක
වරම් පතනෙමි අලුත් ලොවකට
පණක් දෙන්නට සවිය ලැබුමට
විසල් සිතුවිලි හිතේ කැටි කර
පැතුම් දහසක් පතා සිත තුල
වදිනු බෑ මට දන නමා අද
සමා වෙනු මැන වදිමි හිමි සද
රුවැති දුවෙකුම පතමි අද මම
  
හ්ම්ම් ....සුපුරුදු පරිදි නිවාඩු දවසෙත් මම වැඩට ගිහින් එන කොට කළුතර බෝධිය ලදී ලස්සන දසුනක් මගේ ඇහැ වැටුනා..ලගදීම ගෙදර බුදු පදවිය ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඒ සොයුරිය දැක්කම මගේ හිතේ සුන්දර සිතුවමක් සිත්තම් උනා ...ඒ සිත්තම පද වලට පෙරලන්න හිතුනු නිසා මේ විදියට මගේ ඇත වැඩ කරේ...මව් පද විය කියන උතුම් කිරුල හිමි වන හැමෝම ගොඩක් වසනාවන්තයි...මා ඇයව නොදන්නවා උනාට,ඒ සොයුරියටත්.. මේ මිහි තලයේ සියලුම අම්මා වරුන්ටත් මේ පබැදුම උපහාරයක්ම වේවා...! වෙනද වගේම අදත් ඔයාල මට හොද නරක කියන්න...අදහස් එකතු කරන්න..... ඒ හැම දෙයක්ම මට හයියක් වේවි....  
 

14 comments:

  1. Mata nam harima pahan hagimak danuna meka kiyewwama.....attatama godak hitata danena nirmanayak...harima apoorui mage malli....!!!

    ReplyDelete
  2. Replies
    1. අම්මෙක්ගෙ ආදරේ හරි අපූරුවට අකුරු කරල....

      Delete
    2. ammage adare maha merak wagee..... eka akuru karala nima karanna bari wei...sthuthiy yaaalu

      Delete
  3. පිය සෙනෙහස අකුරු කලෙමි.....!!!!!

    බෝ රදුන් ආසිරි බෙලෙන් පෙරුමන් පුරා ලැබ පිය වරම්...
    මා පුතුන් සුරකින් නිතින් සම අසම වූ තෙරුවන් බෙලෙන්.....
    දස මසක් කුස ඈ දරන් සිටි බර මමද දැරුවෙමි සිතින්.....
    ඈ වගේ රුව ගුණ බෙලෙන් පිරිපුන් දුවක් පතනෙමි බැතින්......!!!!

    මෙලොව වසන සියලු පියවරුන්ට උපහාරයක් ම වේවා.......!!!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලස්සනයි අක්කියෝ!!

      Delete
    2. මගේ මල්ලිගෙ කවිය තමයි ගොඩාක් ලස්සන....බොහොම ස්තුතියි මගෙ නංගියෝ........:)

      Delete
  4. ලස්සන නිර්මාණයක්!!!!

    ReplyDelete
  5. Lassanay. Oage nisadas saralay.lassanay. Hemotama therenawa. Bara bara wachana demmama liana kenata witharay therenne wedak na

    ReplyDelete