Tuesday, November 1, 2011

ඔබ නිසා....

ඔබ නිසා
මිය නොයමි මම...
ජීවිතය තව දුර නිසා
සතුට මම නොසොයන්නෙමි,
එය මට අයිති නැති නිසා....
මම තවත් නොහඩන්නෙමි,
අඩන්නට කදුළු නැති නිසා.....
මම විදවන්නෙමි තවම,
විදින්නට යමක් නැති නිසා....
ඝන අදුරට පෙම් බදිමි,
ආලෝකයට බිය නිසා......
හිත හදා නොගනිමි,
හදාගන්නට හිතක් ඉතුරු නැති නිසා
යලිත් ආදරයක් නොපතමි
කිසිවෙක් මට ආදරය නොකරන නිසා....

10 comments:

  1. හ්ම්ම්...
    යලිත් ආදරයක් නොපතමි,
    කිසිවෙක් මට ආදරය නොකරන නිසා නොව,
    ඔබ මට ආදරය නොකරන නිසා,.
    ඔබ මා හැර ගිය නිසා,.
    මට ඔබ තරමට
    අන් කිසිවෙකුට පෙම් කල නොහැකි නිසා,..
    නමුත්,..
    ඔබට එය නොවැටහෙන නිසා.

    ReplyDelete
  2. මම මොකද්ද මේකට දෙන උත්තරේ...
    මටම හිතා ගන්න බෑ

    ReplyDelete
  3. ඇත්ත ඒක නේද යාළු,..

    ReplyDelete
  4. නෑ කියන්නත් බෑ.. එත් ????????

    ReplyDelete
  5. අදයක් කරන්නට වත් ..
    ලබනට වත්
    මා ලග තිබු...
    මගේ හදවත
    අද මාළග ....
    නැති නිසා ..
    වෙන්න ඇති .....

    ReplyDelete
  6. me aiye oya me kawiya fb eke picture ekaka dammada?

    ReplyDelete
  7. meka mama tika kalekata kalin liyapu ekak.....FB nort ekak vidiyata dala thibila podi prashnayak nisa delete kara....eth ei ehema ahuwe......

    ReplyDelete