Tuesday, November 15, 2011

නිදිවරනා රැය අත ලග






















මහ වැස්සක් වැටුණු  කෙතට
පිනි වැස්සක සුවය මොටද
පොහොට්‍ටුවක් වෙලා නොඉද
මලක් වෙන්නෙ කොහොමද මම.............
අවිවේකි දෑස්  යුවල
නිදි වරනා රාත්‍රියම
මගේ පන්හිද ගැටී මෙලෙස
ලියූ කවිය මහළු විනිද..............
අහස් වලා යට සැගවෙන
නිදි වරනා පුර හද මට
කළ ඔච්චම් නිසා මෙමට
නැගුනු කදුළු වල  දුක අද
මගෙ කවිවල ඇහුනෙ නැතිද..............
දෑස්  වසා .....
කදුළු සලා.....
දෑස් වලින් සිනාසුනා...

1 comment:

  1. කවි ගෙතුවත් රැය පුරාම
    සඳ කුමරුට නැහැ ඇසුනේ,.
    තරු මල් වල ඔච්චම් මැද
    සඳවත අද හිනැහෙන්නේ,.

    ReplyDelete