Friday, May 18, 2012

කල්පයක් ලග.....

සැගවුන සුසුම් තුල උණුසුම
දැනෙන්නට තව කල්පයක්....
වියලුනු දෙතොල්වල පහසින්
තෙමන්ට මුව වතාවක්....
පබදින්න ඔබ හා මෙමා
ආදරෙන් තව කතාවක්.....
මටම හිමි ඒ මගේ කුමරිය
හිදිමි එනතුරු බලා මං.....

Thursday, May 17, 2012

රිදුම් දෙන හදවතට .....


හ්ම්ම් ,මේ ජිවිතේදී තේරුන් ගන්න අපහසුම හැගීම,
ඔව් ඒ ආදරය ..
ඒ පුංචි ආදරය ඇතුලේ
සතුට ,සොම්නස සිනාව වගේම
පුංචි පුංචි සිත් අමනාප කම්
නැතුවම නෙවෙයි
එයයි සොබාවික ආදරේ හැටි
ඒ වගේ අවස්ථාවකදී ,
ඔබේ මුවින් පිට වෙන පුංචි අකුරක් උනත්
හරිම වේදනා කාරී වෙන්න පුළුවන්,
ඔබටත් එහෙම අත්දැකීම් ඕන තරම් ඇති.
එහෙවු එකේ ........
නුබට පුළුවන් නං
තමන් ආදරය කරපු කෙනාව දාල
හිටි හැටියේ වෙන කෙනෙකුගේ තුරුලට යන්න,
හ්ම්ම් .......
හැමදාම රෑට ෆෝන් එක කනේ ගහන් හුරතල් උන
ඔබේ අංකය කාර්යබහුල කර ගන්න
ඒ මොහොත
කොපමණ වේදනාකාරී වේවිද ?
ඔබටත් උනොත් මේ වගේ දෙයක් අත්විදින්න,
ඔබට දරන්න පුළුවන් වේවිද?
ඔබත් මොහොතකට හිතන්න
මේ ඔබේ ක්‍රීඩාව ජිවිතයක් සමග බව,
ආදරයට ආදරය කරන්න,ජීවිතය විදින්න.
 
මගේ හොදම බොක්කේ ෆිට් එකක් කියපු එයාගෙම අත්දැකීමක් තමයි මේ වචන වලට හේතු සාදක උනේ,ඇත්තටම ආදරේ කරන කෙනෙක්ට ඒ ආදරේ නැති  උනාම දැනෙන වේදනාව කියල නිම කරන්න බෑ,ඇත්ත ආදරයක් කියන්නේ හරියට ජිවිතයක් වගේ දෙයක්,අපි දැකල තියනවා ,
 

සමහර කොල්ලෝ ඉන්නවා කෙල්ලෝ කියන්නේ හරියට සෙල්ලන් බඩු වගේ.අන්තිමේදී ඒ ළමය අඩ අඩ පස්සෙන් අවම ලෝකේ තියන නොහොබිනා වචන ඔක්කොම කියල චරිතේ පවා ගාතනය කරනවා,අනේ කොල්ලනේ ,ඇත්තට ආදරේ කරන කෙල්ලේගේ චරිතේ කියන්නේ එයාලට තියන වටිනාම දේවලින් එකක්,ඒනිසා කවදාවත්ම ඇත්තට ආදරය කරන කෙල්ලෙක්ව රවට්ටන්න එපා.
 

ඒ වගේම තමයි සමහර කෙල්ලෝ ඉන්නවා,එයාල හොයන්නේ කොල්ලගේ තත්වේ,පස් කරපු විභහග,මිල මුදල්,යානවාහන,ලස්සන,ඔන්න ඔය වගේ දේවල්,ඒ වගේම අමාරුවෙන් එකතු කරන සල්ලිටිකෙන් හොදට ජොලි කරලා අතිමේදී වෙන කොල්ලේ එක්ක ලැජ්ජාවක් නැතුව හිටිහැටියේ යන්න යන එක ,අනේ කෙල්ලනේ,කොල්ලෙක් අඩ අඩ  පස්සෙන් එන්නේ කොල්ලට ඒ කෙල්ල නිසා මුකුත් නැති වුන නිසා නෙවෙයි,ඇත්තටම ආදරේ නිසා ,ඒ නිසා කවදාවත්ම ඇත්තට ආදරේ කරන කොල්ලෙක්ව දාලා වෙන කොල්ලෝ පස්සේ යන්න එපා.
 

මේ මොනවා කරත් ඒ හැමෝටම ලොකු පවක් තමයි කරගන්නේ
 

අහා ...තව දෙයක් ...ඔය බොරුවට ආදරේ කරන්න කෙල්ලෝ කොල්ලෝ ඉන්නේ...අන්න උන් නං සෙට් උනාට කමක් නෑ ....ගන්න ඕනේ ඔක්කොම අතල් අරගෙන,හුරගන්න ඕන ඔක්කොම සල්ලි හුරගෙන පස්සේ ඒ වගේම වෙන එකේක් එක්ක යාලු වෙයන් ...මොකද ඒවගේ උන්ට චරිතෙන් වත් ආත්ම ගරුත්වයෙන් වත් වැඩක් නැති නිසා ...

Saturday, May 12, 2012

මලී...... ඒ ඔබමයි මලී......


















 
මා අන්තයට ඔබ කැටුව ගිහින්
සිත පුරා ආදරය අකුරු කරන්
නුබේ සුසුම් පවන් රැල් කියාලදුන්
පැතු ආදරයත් නුබ අරන් ගහින්
මලී...... ඒ ඔබමයි මලී...... 
 
නිල් සයුරේ මහ රැලි පෙළක් මැදින්
සැගවී ගියත් ඔබ මා නෙතගින්
කිසිදා සිතුවේ නෑ තව දවසක්
ඔබේ නෙතුයුග හමුවෙන බවු සැබවින්
මලී...... ඒ ඔබමයි මලී......
ඔබේ රුව වත මා ඒ දුනු සැනෙකින්
මා සිනාසුනේ පිරිසිදු සිතකින්
නුබ කියල දුන් දිවියේ පාඩන්
නිසාම මා අද හරි සතුටින්
මලී...... ඒ ඔබමයි මලී...... 
 
මලී...... ඒ ඔබමයි මලී.......ගොඩක් කාලෙකට පස්සේ,අවුරුදු එකහා මාරක් කියමුකෝ ...මම ඇයව දුටුවා,අහම්බෙන්...ඔව් මම කතා කරා,හිනා උනා,ඒ ඇයම ඉල්ලලා අරන් ඇයම දමල ගහල ගියපු මගේ ආදරේ අයෙත් ඉල්ලන නෙවෙයි..මනුස්ස කමට,ඔව් ගොඩක් පාඩන් මම ඉගන ගත්තා,එත් මගේ හිතේ තරහක්වත් වයිරයක්වත් නෙවෙයි, ඇයට මම වරදක් වත් කරේ නැති නිසයි මම හිනා උනේ..එත් ඇය............මොනවව උනත් මම අද සතුටින්...ඔය තත්පර දෙක තුන ඇතුලෙදි තමයි මේ පද පෙළ ලිය උනේ.වෙනද වගේම මේකෙත් වැරදි අඩුපාඩු හොද නරක මට කියන්න යාලුවනේ...එහෙනං........... මලී ...ඒ ###මලී 
 

Sunday, April 22, 2012

දේදුන්න සේද සේ ...
















අළු පාට අහස යට
දෙදරනා ගෙරුම් හඩ
දිදුලනා අකුණු සැර
හොගසා වැහැපු ඒ
වැස්ස දැන් නිම වෙලා
ලා දමින් පැහැය ගෙන
සිහින් ආලෝක මැද
අහස්  කොනකින් දිලෙන
පාට හත එකතු කල
දේදුන්න සේද සේ
අහස මනකල් වෙලා
දිවියටම පාට දෙන
දේදුන්න සේ නුබත්
ඉදින් දැන් කොනකවී
එනතුරා මමෙමා
සරසවන්නට දිවිය
සිත් අහස සිසාරා


Thursday, April 12, 2012

සිනිදු රළු ....

සිනිදු රතුවන් කොපුල් ඔබේ වත
එලිය වී හරි පිය කරුයි,
දිගටි කෙස් පෙළ ගොතා හැඩ ලෙස
සැකසු ඔබ දැක මනහරයි,
අඩිය ඔසවා තබන පිය පෙළ
සුන්දරී හරි විනිතතයි,
වරක් දෙවරක් හොරෙන් නෙතු යුග
ඔබේ රුව දැක දග කරයි,
දහස් සුන්දර සිතුම් පොදි බැද
ඔබ දුටුව මගේ හිත කියයි,
සිනිදු දෑතට රට රකින්නන්ට
ඔබට ගිනි අවි බර වැඩියි,
කෙලෙස එය දැක
ඔබට පෙම් කවි
එවනු බෑ නුබ විශිෂ්ටයි. 


පහු ගිය දවස් වල රට වටේ සංචාරයේදී ත්‍රිකුණාමල  නගරයේදී අවුරුදු 20 ක විතර ලාබාල පෙනුමක් ඇති සුන්දර හමුදා සෙබළියක් මගේ ඇහැ දැවටුණා.අයගේ සුන්දරත්වය වචනයෙන් කියන්න බැරි තරම්....එත් අපි වෙනුවෙන්...රට දැය වෙනුවෙන් අදටත් ඒ සිනිදු දතින් ගිනිඅවි වල බර ඔසවගෙන් තමන්ගේ සේවය කරනවා ....ඇත්තමයි,ඒ දසුන හරිම අපුරුයි තෙජන්විතයි,සුන්දරයි,ආඩම්බරකාරයි....ඉතින් මේ සිදුවීම පද පේලි දෙක තුනකට එකතු කරන්න හිතුනා.
 
වෙනද වගේම අදත් ඔයාල මට හොද නරක කියන්න...අදහස් එකතු කරන්න.....ඔන්න අදත් මම ඔයාලගේ අදහස් දැනගන්න වෙනද වගේම බලන් ඉන්නවා හොදේ ..

Sunday, April 8, 2012

දෝණි......













සිහිල් බෝ පත් සුලන් රැල්ලේ
ඇවිද විත් මා සමිදු බුදු දැක
වරම් පතනෙමි අලුත් ලොවකට
පණක් දෙන්නට සවිය ලැබුමට
විසල් සිතුවිලි හිතේ කැටි කර
පැතුම් දහසක් පතා සිත තුල
වදිනු බෑ මට දන නමා අද
සමා වෙනු මැන වදිමි හිමි සද
රුවැති දුවෙකුම පතමි අද මම
  
හ්ම්ම් ....සුපුරුදු පරිදි නිවාඩු දවසෙත් මම වැඩට ගිහින් එන කොට කළුතර බෝධිය ලදී ලස්සන දසුනක් මගේ ඇහැ වැටුනා..ලගදීම ගෙදර බුදු පදවිය ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඒ සොයුරිය දැක්කම මගේ හිතේ සුන්දර සිතුවමක් සිත්තම් උනා ...ඒ සිත්තම පද වලට පෙරලන්න හිතුනු නිසා මේ විදියට මගේ ඇත වැඩ කරේ...මව් පද විය කියන උතුම් කිරුල හිමි වන හැමෝම ගොඩක් වසනාවන්තයි...මා ඇයව නොදන්නවා උනාට,ඒ සොයුරියටත්.. මේ මිහි තලයේ සියලුම අම්මා වරුන්ටත් මේ පබැදුම උපහාරයක්ම වේවා...! වෙනද වගේම අදත් ඔයාල මට හොද නරක කියන්න...අදහස් එකතු කරන්න..... ඒ හැම දෙයක්ම මට හයියක් වේවි....  
 

Friday, April 6, 2012

රේණු මල්















රේණු සිප මල්
සිහිල සුළගක්
මගේ මුව සිප
ගන්න එන බව,
සොදුරු සුවදින්
හොරෙන් රහසින්
මටම ඉගි කල
යන්න ගිය බව,
මටත් නොදැනිම
හිතට දැනුනම
විදින  සිහිලස
පෙරදී නොදැනුන,
ඉතින් දැන් වත්
අවසරද මට
විදිනු මේ මල්
සුවද කැටි කර.