Saturday, May 26, 2012

අපි නොදන්න Dialog TV

 
 
 
 
වටේ අතු පැල ඔහේ ගලනා
කසල ඇති කුණු කානු පිරිලා
අපිරිසිදු කම නිසා දැනෙනා
මහා දුගදින් නහය වහනා.....
වහල වසනා තහඩු පිරිලා
ටයර් ඒ මත ඔහේ දාලා
කුසට අහරක් හොදට නැතුවා
දුගී ගුප්පත් කමින් පිරිලා.,....
එත් ඇතින් හොදට පෙනෙනා
ඇන්ටනාවක් උඩින් තිබෙනා
නිකන් නොව සැටලයිට් කියනා
ජාතියෙන් හොද එකක් තිබුණා...
උනත් ඉන්නට කසල පිරිලා
නැත්ත කන්නට බඩක් පුරවා
දහස් ගානක් බිලක් ගෙවලා
මොවුන් ඩයලොග් ටි වී බලනා

මෙන්න මේක තමයි ඇත්ත තත්වේ .මම මේ දර්ශනය දැක්කේ කැලණිය හා දෙමටගොඩ අතර පිහිටි පැල්පත් නිවාස ඇති ස්ථානයක,කැලිකසල පිරිලා,දුගී බැවින් වැහැරිලා,තුන් වේල වත් කන්න මුදල් හොයාගන්න බැරි තත්වයේ මිනිසුන් ඉන්න නිවාස වල ටකරන් වහල උඩ ඩයලොග් ටි වී ඇන්ටනා දකින ලැබෙනවා.ලොකු මුලික් වියදමක් දරල,මාසෙකට ලොකු වියදමක් දරල බිලක් ගෙවලා රුපවාහිනිය බලනවා.අනේ මේ මිනිසුන්ට ඇයි නොතේරෙන්නේ මේ දුගී බැවින් ටිකක් හරි මිදෙන්න මේ මාස් පතා ගෙවන බිලෙන් පුළුවන් කියල.කවද මේ මිනිසුන්ට මොලේ පැදෙවිද ?

19 comments:

  1. මේක නම් ඇත්තම ඇත්ත කථාවක්.....කවදා ඉතින් ඒ මිනිස්සු ඕවා තේරුම් ගනීවිද මන්දා..........

    ReplyDelete
  2. සිරා සිරා... මමත් අනත්තවත් දැකලා තියෙනවා....
    කෑවා වගේද සනා.....ඉග සුග නැලවෙන එකක් බලපුහාම... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. කාලා නැත කුසට අහරක්
    ඇඳලා නැත ගතට වතක්
    වෙලා ඇත හිතට සිසිලක්
    බලා පානා අනඟ රැඟුමක්

    ReplyDelete
    Replies
    1. රැගුමන් බල හොදහැටි ඉතින්
      අතල් අරන් ඒවා වලින්
      ගෙවන කටුක ජිවිත වලින්
      මොන යම් වැඩක් අත්දෝ ඉතින්

      Delete
  4. අඩෝ මාත් දැකල තියනවා බන් සීන් එක.... මේවා කට කියන්නද බොලව්

    ReplyDelete
  5. කාලා මොකටද හොදට
    ඉදලා මොකටද සැපට
    පුටු නැතත් සාලයේ ඉදගන්නට
    නැළවෙනෙන ඉගසුස බලන්න ඇත්නම් ඉදහිට..

    ReplyDelete
    Replies
    1. රැගුමන් බල හොදහැටි ඉතින්
      අතල් අරන් ඒවා වලින්
      ගෙවන කටුක ජිවිත වලින්
      මොන යම් වැඩක් අත්දෝ ඉතින්

      Delete
  6. කෝච්චියේ මොරටුවේ ඉඳන් බම්බා යනකොට මේක සුපුරුද දර්ශනයක් මල්ලි
    අනේ මන්ද ඉතින් තුන් වෙලා කන්න සල්ලි නෑ කියනවා. ඒත් කට්ටිය බලන්නේ ඩයලොග් ටීවී. තියෙන්නේ විසිදාහක විතර ෆෝන් එකක්.
    ආසියාවේ අශ්චර්යනේ මල්ලි.

    මට වෙලාවකට හිතෙනවා ඇත්තටම දුප්පත් පැල්පත් වල ඉන්න මේ මිනිස්සුද නැත්නම් අපිද කියලා
    ලොල්

    ReplyDelete
    Replies
    1. එකනං ඇත්ත අය්යේ .....එකනං මටත් ප්‍රශ්නයක් ....

      Delete
  7. ඔය පැල්පත් වල ඉන්න අයට සල්ලි නෑ කියල හිතාගෙන ඉන්න එක තරම් රැවටීමක් තවත් නෑ. ඔය ටයි පටි දාගෙන වැදගත් කියන රස්සා කරන ගොඩක් අයට වඩා ඒ මිනිස්සුන්ට සල්ලි තියෙනවා. ටයි පොල්ලක් දාගෙන ඔෆිස් එකේ කොම්පියුටරයක් ලග රුපියල් 20000 පඩියට රස්සාව කරලා හිතනවා අපිත් වැදගත් සල්ලි කාරයෝ කියලා. ඒත් අද කුලී වැඩ කරන මනුස්සයෙක්ගේ උනත් අත්තමක් කියද? රුපියල් 1000 කට වැඩියි. ඒ මිනිස්සු එහෙම කොළඹ අවට පැල්පත් වලට වෙලා ඉන්නේ සල්ලි නැති කම නිසා නෙවෙයි. ඒ අය එදා ඉදන් ඉදල තියෙන්නේ කොළඹ අවට පරිසරයේ. ඔය ඉන්න තැන අතැරලා ගිහින් කොහෙන්ද කොළඹින් ඉඩම් හොයන්නේ. ඒ මිනිස්සු එදා ඉදන් අල්ලාගෙන ඉන්න ඉඩම් කෑල්ල අත ඇරලා යන්න කැමති නෑ අන්න ඒ තියෙන ඉඩම් කෑල්ලේ හැටියට පැල්පතකට වඩා දෙයක් හදන්නත් බෑ..

    අනික යුද්දේ තිබ්බ කාලේ ඒ පැත්තේදී මම දැකපු දෙයක් තමයි එහේ හිටපු මිනිස්සුත් වැඩිපුර හිටියේ පැල්පත් වගේ ගරා වැටුන ගෙවල් වල. ඒ ගෙවල් වලත් ඇතුලේ ඉලෙක්ට්‍රික් බඩු පුරවා ගෙන හිටියේ. සමහර ගෙවල් වලට විදුලි බලයත් නෑ. එහෙම වෙලා තිබුනේ මිනිස්සුන්ට සල්ලි නැතිකම නිසා නෙවෙයි. අනාගතේ ගැන බලාපොරොත්තුවක් නැති නිසා. අද තියෙන ආසාවට බඩු අරගෙන ගෙදර පුරවා ගන්නවා. හෙටක් ගැන බලාපොරොත්තුවක් නෑ..... එහෙම නැතුව ඉන්නේ පැල්පතකද සාමානය නිවසකද කියන එකෙන් මිනිස්සුන්ගේ සල්ලි ඇති නැති එක හොයන්න බෑ

    ReplyDelete
    Replies
    1. හ්ම් අයිය කියන කතාව පිල් ගන්නවා ,එත් තමන්ට සල්ලි තියනවා නං එඉ මේ වගේ දුක් විදින්නේ කියන එකයි ගැටලුව.ඒ සල්ලි ටික ටික ඉතුරු කරලා මෙට වැඩ හොද ජිවිතයක් ගෙවන්න එයාලට හොදටම පුළුවන් කම තියනවා ,අනේ මන්ද ?

      Delete