කොළබ ඉදන් ගෙදර යන්න
ගත්ත එකම ටිකට් එක්කට
උදේ හවස වැද වැද අපි
සල්ලි ඉතුරු කලානේ බෝල
ගත්තු එකම ටිකට් එකට
දමා වතුර බිදි දෙක තුන
හොදින් දිනය මැකී යන්න
අයන් කරා මතකයි මම
වටින් ගොඩින් පැනල ඇවිත්
දහයේ ටිකට් එකක් අරන්
හංස කජ්ජ එක්ක මමත්
පනිනවා නොවේ ගේට්ටුවෙන්
අහු උනොතින් හොරෙන් ගිහින්
හත් සීයක් පර්ස් එකේත්
නිතරම රෙඩි ඔල්වෙස්
නොන්ඩිනන් ටිකයි ඉතින්
මස අටක් මෙලෙස ඉතින්
ගියානේ අපි කෝච්චියෙන්
එකේකුට වත් අපේ ටිකට්
අහුඋනේ නෑ කවදාවත්
කොළබ ඉදන් කෝච්චියෙන්
යනකොට අපි නොනඩියෙන්
අපි අපිටම හිනා වෙමින්
යනවා අපිත් ෆුල් සොමියෙන්
කලේ තලේ වෙනස් වෙලා
යාලු ටික දුරස් වෙලා
හැමටම වැඩ පැවරිලා
සොදුරු මතක තනි වීලා
එවන් සොදුරු කලෙක මන්
යලි ඉන්නට අසයි දැන්
සොදුරු මතක් අවදි කරන
ලිව්වා මම කවි පදයක්
ඔව්.....එ කලේ ගොඩක් සුනදරයි, මං මේ කතා කරන්නේ මිට අවුරුදු දෙකකට විතර කලින්
අපි ගෙවපු සුන්දර කාලය ගැන,2010 මුල අපි ඔක්කොම වැලිසර ටෙලෙකම් ට්‍රේනින්
සෙන්ටෙර් එකකේදී හම්බුනා,හංස,කජ්ජ,සුපුන් අය්යා, කල්ප, රජිත,දුලා,වයංග,ඔය
එකී නොකී නම් ඔක්කොම,හ්ම්ම් ...හංසයි කජ්ජයි මාතර,මම අම්බලන්ගොඩ ,රජිතය
බද්දේගම,අපි තුන් හතර දෙනා තමයි සෙට් වෙලා එකට කෝච්චියේ ගෙදර එන්නේ,ඒ දවස්
වල ඉතින් ගෙදරින් දෙන සල්ලි වලින් තමයි අපේ හැම මගුලටම සල්ලි හොයා
ගන්නේ.මොනවා කරන්නද,තලේ වෙනස් කලේ අලුත් නිසා වියදමත් සැරයි.කරන්න දෙයක්
තිබුනේ නෑ,දුම්රිය දෙපාර්තමේන්තුව තමයි ඔය දඩේ අපිට ගහන්න උනේ.මේ විදියට
අපි මාස අටක් දහයක් කෝච්චියේ ආවා කිසිදු අතුරු අන්තරාවක් නැතුව.ඒ කලේ හරිම
සුන්දරයි කවදාවත් අමතක වෙන්නේ නෑ .ඒ වගේම තමයි .කොච්චර දුරස් උනත් ඒ යාලු
කන් එහෙම්මම තාම තියෙනවා,ඒ අපේ සුන්දර කලේ ගැන තමයි මේ වචන ටික ලිය උනේ,අහා
... මේ ෆොටෝ එකේ හිමිකාරය හංස.මේ එක ටිකට් එකක් වත් දිනේ නෑ.ඒ නිසා තාමත්
මේ ටිකෙට් වලංගු ඒවා හොදේ. :පි
රජිත්යි හංසයයි .....
කජ්ජයි හංසයයි ....
අනී අනී මෙයාලනම්......:P
ReplyDeleteහ්ම් හ්ම් අපි හොද ළමයි නේද ?.....
Deleteහොරෙන් යාම්නම් ඉතින්.. :) මම මිලාන් ගිය වෙලාවේ එහේ මෙහේ ඇවිදින්න ගියේ උමං දුම්රියේ.. ගියේම ටිකට් නැතුව තමයි..
ReplyDeleteඑල කොල්ලෙක්නේ ..ලංකාවේ කොලටිය තමයි ඉතින් ...
Deleteකොහොමද ඉතින් රටක් දියුණු කරන්නේ....
ReplyDeleteමොනවා කරන්නද සහෝ .....ඇත මිට හිග උනාම...
Deleteyakoooooooo thota pissuda........ redi galawanawane...... :P
ReplyDeleteaniwa machn.... e kale taram fun ekak aye kawadawat enekak nati wei......
matakada ubata apita galle walin eliyata eddi ticket denna wena nisa api ubat ekka ambalangodin bahala bus eke awa hati.......
Maxxa kalayak machn...... ticket gannet nathuwa ape train eka wage sindu kiya kiya OFFICE tym eke joliye awa hati.....
aaaaaaaa Tawa photo ehema onenam kiyahan tiyenawa... :P
අඩෝ හංසයා ....අනිවා ඒ කලේ මැක්සා....දැන් රෙදි ගැලඋනත් ඒ මතකය සුනදරයි ...
Deleteඅපි නොදන්නවැයි මල්ලිගෙයි හංසයා ගෙයි වැඩ ඉතින්.....:D :D
ReplyDeleteහා දැන් මොනවද අක්ක දන්නේ ...
Deleteඅක්කා තරම් මල්ලි ගැන දන්න කෙනෙක් තවත් ඉන්නවද බං?????............:)
Deleteසොඳුරු මතක
ReplyDeleteතමයි ජිවීතෙට
ශක්තියක් දෙන්නේ
අනිවා ඒ මතකය ඒ තරමටම සොදුරුයි ...
Delete