Monday, May 21, 2012

හොරෙන් හොරෙන් කෝච්චියෙන්

කොළබ ඉදන් ගෙදර යන්න
ගත්ත එකම ටිකට් එක්කට
උදේ හවස වැද වැද අපි
සල්ලි ඉතුරු කලානේ බෝල

ගත්තු එකම ටිකට් එකට
දමා වතුර බිදි දෙක තුන
හොදින් දිනය මැකී යන්න
අයන් කරා මතකයි මම

වටින් ගොඩින් පැනල ඇවිත්
දහයේ ටිකට් එකක් අරන්
හංස කජ්ජ එක්ක මමත්
පනිනවා නොවේ ගේට්ටුවෙන්

අහු උනොතින් හොරෙන් ගිහින්
හත් සීයක් පර්ස් එකේත්
නිතරම රෙඩි ඔල්වෙස්
නොන්ඩිනන් ටිකයි ඉතින්

මස අටක් මෙලෙස ඉතින්
ගියානේ අපි කෝච්චියෙන්
එකේකුට වත් අපේ ටිකට්
අහුඋනේ නෑ කවදාවත්

කොළබ ඉදන් කෝච්චියෙන්
යනකොට අපි නොනඩියෙන්
අපි අපිටම හිනා වෙමින්
යනවා අපිත් ෆුල් සොමියෙන්

කලේ තලේ වෙනස් වෙලා
යාලු ටික දුරස් වෙලා
හැමටම වැඩ පැවරිලා
සොදුරු මතක තනි වීලා

එවන් සොදුරු කලෙක මන්
යලි ඉන්නට අසයි දැන්
සොදුරු මතක් අවදි කරන
ලිව්වා මම කවි පදයක්

ඔව්.....එ කලේ ගොඩක් සුනදරයි, මං මේ කතා කරන්නේ මිට අවුරුදු දෙකකට විතර කලින් අපි ගෙවපු සුන්දර කාලය ගැන,2010 මුල අපි ඔක්කොම වැලිසර ටෙලෙකම් ට්‍රේනින් සෙන්ටෙර් එකකේදී හම්බුනා,හංස,කජ්ජ,සුපුන් අය්යා, කල්ප, රජිත,දුලා,වයංග,ඔය එකී නොකී නම් ඔක්කොම,හ්ම්ම් ...හංසයි කජ්ජයි මාතර,මම අම්බලන්ගොඩ ,රජිතය බද්දේගම,අපි තුන් හතර දෙනා තමයි සෙට් වෙලා එකට කෝච්චියේ ගෙදර එන්නේ,ඒ දවස් වල ඉතින් ගෙදරින් දෙන සල්ලි වලින් තමයි අපේ හැම මගුලටම සල්ලි හොයා ගන්නේ.මොනවා කරන්නද,තලේ වෙනස් කලේ අලුත් නිසා වියදමත් සැරයි.කරන්න දෙයක් තිබුනේ නෑ,දුම්රිය දෙපාර්තමේන්තුව තමයි ඔය දඩේ අපිට ගහන්න උනේ.මේ විදියට අපි මාස අටක් දහයක් කෝච්චියේ ආවා කිසිදු අතුරු අන්තරාවක් නැතුව.ඒ කලේ හරිම සුන්දරයි කවදාවත් අමතක වෙන්නේ නෑ .ඒ වගේම තමයි .කොච්චර දුරස් උනත් ඒ යාලු කන් එහෙම්මම තාම තියෙනවා,ඒ අපේ සුන්දර කලේ ගැන තමයි මේ වචන ටික ලිය උනේ,අහා ... මේ ෆොටෝ එකේ හිමිකාරය හංස.මේ එක ටිකට් එකක් වත් දිනේ නෑ.ඒ නිසා තාමත් මේ ටිකෙට් වලංගු ඒවා හොදේ. :පි 
රජිත්යි හංසයයි .....
 කජ්ජයි හංසයයි ....

 

13 comments:

  1. අනී අනී මෙයාලනම්......:P

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් අපි හොද ළමයි නේද ?.....

      Delete
  2. හොරෙන් යාම්නම් ඉතින්.. :) මම මිලාන් ගිය වෙලාවේ එහේ මෙහේ ඇවිදින්න ගියේ උමං දුම්රියේ.. ගියේම ටිකට් නැතුව තමයි..

    ReplyDelete
    Replies
    1. එල කොල්ලෙක්නේ ..ලංකාවේ කොලටිය තමයි ඉතින් ...

      Delete
  3. කොහොමද ඉතින් රටක් දියුණු කරන්නේ....

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද සහෝ .....ඇත මිට හිග උනාම...

      Delete
  4. yakoooooooo thota pissuda........ redi galawanawane...... :P
    aniwa machn.... e kale taram fun ekak aye kawadawat enekak nati wei......
    matakada ubata apita galle walin eliyata eddi ticket denna wena nisa api ubat ekka ambalangodin bahala bus eke awa hati.......
    Maxxa kalayak machn...... ticket gannet nathuwa ape train eka wage sindu kiya kiya OFFICE tym eke joliye awa hati.....
    aaaaaaaa Tawa photo ehema onenam kiyahan tiyenawa... :P

    ReplyDelete
    Replies
    1. අඩෝ හංසයා ....අනිවා ඒ කලේ මැක්සා....දැන් රෙදි ගැලඋනත් ඒ මතකය සුනදරයි ...

      Delete
  5. අපි නොදන්නවැයි මල්ලිගෙයි හංසයා ගෙයි වැඩ ඉතින්.....:D :D

    ReplyDelete
    Replies
    1. හා දැන් මොනවද අක්ක දන්නේ ...

      Delete
    2. අක්කා තරම් මල්ලි ගැන දන්න කෙනෙක් තවත් ඉන්නවද බං?????............:)

      Delete
  6. සොඳුරු මතක
    තමයි ජිවීතෙට
    ශක්තියක් දෙන්නේ

    ReplyDelete
    Replies
    1. අනිවා ඒ මතකය ඒ තරමටම සොදුරුයි ...

      Delete